අවාසනාවට ඇත්ත කතාවක් -Airplane accidents investigation
EP-2
EP-2
අපි කලින් thread එකේ 1982 වුන මේ දෙයියෝන්ගේ seen එක ගැන කතාකලා.මේ thread එකේදී අපි ඇත්තටම වුනේ මොකක්ද කියල කතා කරමු .
Flight එකට දෙවියෝ වඩී-St. Elmo's Fire -part-1-✈✈✈
ඇත්තටම මොකක්ද වුනේ …………….
ඉස්සෙල්ලම කියන්නෝන මේ ඔක්කොමට හේතුව වුනේ ජාවා දුපතේ තියෙන Galunggung කියන ගිනිකන්ද .මේක මේ අනතුර වෙන්න කලින් මාස කිහිපයක් සක්‍රියව තිබ්බා . මේ ලස්සන සන්සිද්දියට කියන්නේ St. Elmo's Fire කියලා .එක නිසා අපි ඔක්කොටම කලින් මොකක්ද මේ St. Elmo's Fire කියන්නේ කියල හොයල බලමු .
මේක ඇතිවෙන්නේ සරලවම කිව්වොත් කොරෝනා විසර්ජනය කියන එකට අනුවයි .වියළි හිම වල, අයිස් ස්ඵටිකවල,මේ වගේ ගිනිකන්දකින් නිකුත් වෙන අළු වල හෝ ගිගුරුම් සහිත වැසි ආසන්නයේ පියාසර කරන ගුවන් යානාවල පියාපත්, සුළං ආවරණ සහ නාසයේ සාමාන්‍යයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් .මේක ඉස්සර නාවිකයෝ අකුණු ගහන එක කලින් හදුනාගන්න භාවිතා කරලා තියෙනෝ. St. Elmo කියන්නෙත් නාවිකයෙක් .වැඩි විස්තර ඕන කට්ටියට මෙතනින් ගිහින් බලාගන්න පුළුවන්.
ඉතින් ඉස්සර නවිකයොත් මේක දන්නෝනම් මේ pilotla මොකෝ මේක දැනගත්තේ නැත්තේ?
මේ ලස්සන සිද්දිය දැක්ක ගමන්ම captain දැනගත්ත මේ St. Elmo's Fire එක කියලා .හැබැයි ඒකාලෙ මේක ගැන ලොකුවට විස්තරයක් මිනිස්සු හොයාගෙන තිබ්බේ නෑ .මේකෙන් flight වලට කොච්චර හානියක් වෙනවද ,මේක කලින් අදුරගන්නෙ කොහොමද,මේකෙන් බේරෙන්නේ කොහොමද කියල අදහසක් තිබිල න ඒ කාලේ .මොකද මේකෙන් නාවිකයන්ට ලොකු බලපෑමක් සිද්ද වෙලා නෑ වගේම මේ සිද්දිය flight වලට මුහුණදෙන්න සිදුවුණා කියල වාර්තා නොවිච්ච නිසා වෙන්න පුළුවන්.
ඉතින් weather rader එක තියෙන්නේ ඔය වගේ seen කලින් දැනගන්නනේ...........
ඔව්. ඒක ඇත්ත .හැබයි මේ ගිනි කන්දකින් පිටවෙලා උඩටම යන අළු ටික ඉතාමත් කුඩා particals හැටියට යන්නේ මේවා කිලෝමීටර් ගානක් දුරට spred වෙලා යන්න පුළුවන් .weather radar එක desing කරලා තියෙන්නේ මේ වගේ ඉතා කුඩා particals detect කරගන්න නෙවෙයි .ඒකනිසා තමයි pilotta wether radar එකේ මොකුත් අමුතු දෙයක් පෙනුනේ නැත්තේ. මෙහෙම ගිනි කන්දක් සක්‍රිය වෙලා තියෙවයි කියල pilotta කලින්ම දැනුවත් වෙන්න ලැබුනත් ඒකාලේ දැනුම හැටියට එක එච්චර ලොකු දෙයක් නෙවෙයි .
මොකක්ද ඒ අමුතු ආලෝකය ………..
මේ ගිනිකන්දෙන් නිකුත්වෙන අළු විද්යුත් වශයෙන් ආරෝපණය වෙලා තියෙන්නේ .ඒවා ප්ලානේ වල edges ,නැව් වල කුබගස් වගේ තුඩු අතරින් යද්දී discharge එවෙල තමි මේ ලස්සන ආලෝකය ඇතිවෙන්නේ .
ඇයි engine වැඩ නැතුව ගියේ ………
මේ අළු පියවි ඇහැට නිකන්ම අළු විදියට පෙනුනට මීවගේ ගොඩක්ම silicon අඩංගු වෙලා තියෙනෝ.මේවා ගොඩක් sharp .මේකෙන් engine එකට සැලකියයුතු හානියක් කරන්න ප්‍රමාණවත්.plane එකේ engine එකෙන් වාතය අදාල ගන්න නිසා මේවා engimata ලේසියෙන්ම අතුලුවෙනෝ .මේවා එන්ගිනේ එකේ fan blades වලට හානි කරනෝ. එකත් එක්කම එන්ගිනේ එකේ ඇතුලට යද්දී උෂ්ණත්වය 1400’ C වගේ වෙනෝ.silicon වල melting point එක 1100’C .එක නිසා මේවා දිය වෙලා විදුරු බවට පත් වෙනෝ.ඒවා එන්ගිනේ එකේ fuel nozzal වගේ වැදගත් system වල තැන්පත් කවෙලා එන්ගිනේ එක අක්‍රීය කරනෝ.
ඇයි pilotla දෙන්නට air speed දෙකක් පෙන්නුවේ ……….
මේ අළු එන්ගිනේ එකට විතරක් නෙවෙයි හානි කරන්නේ . මේවා ඉතාමත් තියුණු නිසා plane එකේ පිටත ආවරණයට වගේම පිටත සෙට් කරලා තියෙන වැදගත් input ගන්න antena වලටත් හානි කරනෝ .ඒ හින්ද තමයි air speed එක පෙන්නන්න ඕන කරන input එකකට damage වෙලා pilotla දෙන්නට air speed දෙකක් පෙන්නුවේ .
ඔක්කොම හරි කියමුකෝ .එත් කොහොමෙයි engine වලින් flames ඇවිල්ලත් engine අපහු වැඩ කරේ ?
මන් හිතන්නේ ඕක කාටත් meter උන ලොකු අව්ලක් වෙන්න ඇති. මේ engine එක ඇතුලේ ඇලිල තියෙන silicon, engine එක වැඩ නැති නිසා engine එක cool වෙන නිසා ඒවත් cool වෙලා engine එකෙන් එලියට යන්න පුළුවන් වෙනෝ .ඊට අමතරව එන්ගිනේ එක වැඩ කරන්න උත්සහ කරන්න බලන්න හදනකොට engine එකේ moving parts වල බලපෑමෙනුත් මේවා ඉවත් වෙන්න හැකියාවක් තියෙනෝ .
බැරිවෙලාවත් මේ engine ටික restart වුනේ නැතුව water landing එක කරන්න වුන නම් ඒ වෙලාවේ මුහුදේ තිබ්බ තත්වෙයි ,රෑ වෙලයි නිසා ඒක success වෙන්න තිබ්බ හැකියාව ඉතාම අඩුයි කියලයි කියන්නෙ .
Jakartha tower එකෙන් pilotlage mayday call එක හරියට තේරුම් ගන්න බැරිවුනේ ඇයි ?
එක හේතුවක් විදියට tower එකේ ආට ගේ English communication skill එකේ අව්ලක් කියන එක සදහන් වෙනෝ (1982 දී මේ ප්‍රශ්නේ සාමාන්‍ය දෙයක් ) .තවත් හේතුවක් විදියට “all engines gone” කියන massege flight එකකින් ඉතාම කලාතුරකින් අහන්න ලැබෙන දෙයක් නිසා tower එකෙන් වැරදියට තේරුම්ගත්ත වෙන්නත් පුළුවන් .
ඇයි windscreen එක blur වුණේ ?
එත් ඉතින් මේ අළු නිසාම තමයි .එහෙම තියෙද්දීත් පුංචි කොටසකින් බලාගෙන මේ වගේ jumbo jet එකක් land කරයි කියන්නේ හිතාගන්නවත් බැරි දෙයක් .
අන්තිමට මොකද වුනේ?
මේ කරපු හිතාගන්නවත් බැරි වැඩේට රැජිනගෙන් සම්මාන වගේම British Airline Pilot Association එකෙන් පදක්කම් කිහිපයකුත් පිරිනැමුණ .Flight එකත් repair එකකින් පස්සේ නැවත සේවයට වාර්ථා කරලා 2004 දී විශ්‍රාම ගත්තා .දැන් නම් මේ වගේ අනතුරක් වලක්වගන්න pilotla ට හොද පුහුණුවක් සහ වෙනත් ක්‍රියාමාර්ග ලබාදෙන්න කටයුතු කරලා තියෙනෝ .
මේ අනතුර වෙලා සති දෙකකට පස්සේත් Singapure Airline එකේ jumbojet එකක් මේ area එකේම ගිහින් එන්ගිනේ තුනක්ම වැඩ නැති කරගත්ත.
හැබැයි අනතුරක් වුනේ නෑ .ඇත්තටම දෙවියෝ වැඩියද ?……….
නෑ බන් .කොහෙත්ම නෑ ………………………….හැබැයි මෙහෙමයි ……….

මේ වගේ තවත් සිදුවීමක් අරන් ඊලග thread එකෙන් හම්බවෙමු .

හැමෝටම ජය!
CREATED BY BinDT
sources:
Last edited:
