FM Fonts ටික වගේ එ‍් විදිහටම unicode fonts වලින් හදල නැත්තෙ අ‍ැයි බං ලබ්බ 🙄🙄 මොකක්ද බැරි කම?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    කවුරු හරි මට දන්නවා නම් කියපන්කො 2024 වෙලාත් FM fonts ටික තාම එ‍් විදිහටම unicode fonts වලින් නැත්තෙ අ‍ැයි කියල.

    FM fonts ටික (Abhaya, Bindumathi, Malithi) print කරාම එහෙම මාර ලස්සනයි කියල හැමෝම දන්නවනෙ. අනික ඕනම size එකකින් පාටකින් හරිම පැහැදිලියි. ඉතින් graphic කරන උන් එහෙම නිතරම පාවිච්චි කරන්නෙ ඕවා.

    හැබැයි අද කාලෙ හැටියට එ‍්වා පාවිච්චි කරන්න පුදුම කරුමයක්නෙ බං තියෙන්නෙ. Unicode වගේ අනිත් භාෂාවල අකුරු හරියට ගන්න බෑ. තනිකරම අණ්ඩර දෙමළ වගේ latin alphabet එකෙන්නෙ ගහල තියෙන්නෙ. සම්පූර්ණ text ප්‍රමාණයක් select කරල font එක වෙනස් කරොත් එ‍්ක පීරලා English වචන තියෙන තැන් බල බල හදන්න වෙනවා.

    වාක්‍යයක් මැද English වචනයක් දාල ලිව්වොත් එහෙම විනාසයි, තෝර තෝර එ‍් වචන වෙන font එකකින් දාන්න වෙනවා. පුදුමාකාර සාපයක්නෙ බං. පොඩ්ඩක් හිතපන්කො මම මේ ලියල තියෙන thread එක FM Abhaya වලින් print කරන්න ගියා නම් තැන් කීයකට වචන හොය හොය English font දාන්න වෙයිද කියල.

    අනික mobile device වලට කිසිම support එකක් නෑනෙ ඔය FM Fonts වල. Google Docs, MS Word Android මොකකවත් ඕවගෙන් ගහපු දෙයක් open කරන්නවත් බෑ. 😢

    Unicode වලින් දැම්මා නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ බං හුත්ත. සිංහල සිංහලෙන් වදිනවා, ඉංග්‍රීසිද වෙන ඕන භාෂාවක්ද එ‍්කෙන් වදිනවා. ඕන device එකක සුපිරියටම වැඩ.

    මම අහන්නෙ අ‍ැයි මෙච්චර ලස්සනට Sinhala font වලට unicode support එක දීලා තියෙද්දි එකෙක්ට ඔය ටික එ‍් විදිහටම unicode කරන්න බැරි? Type face එක එහෙමම unicode කරන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? එහෙම වෙන්න බෑනෙ බං නේද.

    එහෙම නැත්තම් මේකෙ මොකක් හරි legal පැත්තක් තියෙනවද? Fonts වලට copyright වගේ අයිතීන් තියෙන්න පුළුවන්නෙ. එ‍්වා එහෙමම adapt කරල පාවිච්චි කරන්න තහනම්ද? එහෙම නීති සීන් එකක් නම් ඔය fonts හදපු අයටම එ‍්වා unicode වලින් දෙන්න බැරි අ‍ැයි? උවමනාවක් නැද්ද වෙන ප්‍රශ්නයක්ද. හෙජමොනි සීන් එකක්ද?

    නැත්නම් මම මෙච්චර කාලෙකට දන් නැති, ඔය Fonts එ‍් විදිහටම unicode කරපුවා තියෙනවද අපිට පාවිච්චි කරන්න? 🤔 එහෙම තියෙනවා නම් කියහන්කො.

    (Abhaya libre වගේ කෙහෙල්මල් නම් සත පහක වැඩක් නෑ. එ‍්වා කියන්න එපා. තියෙනවා නම් print කරාම එ‍් FM fonts විදිහටම වදින unicode එ‍්වා කියහන්)

    Legal ප්‍රශ්නයක් නැත්තම් ටිකක් ඉගෙන ගෙන මටම font එකක් හදන්න පවා හිතිලා තියෙන්නෙ සිරාවටම දැන් නම්. මේක පුදුම කරුමයක්නෙ යකෝ. කාටවත් මේ අවශ්‍යතාවෙ අ‍ැවිත්ම නැද්ද සිරාවටම? 🤔🤔

    Edit, බඩු හම්බුණා මචන්. හොයා ගන්න ටිකක් කරදර වුණා හැබැයි මේ ටික හරියටම හරි වගේ. උඹලත් try කරල කියහන්කො අවුලක් තියෙනවද කියල. මට නම් කිසිම අවුලක් පේන් නෑ.

    Thread එකේ #5 reply එක. මෙතනත් quote කරන්නම්.

    අඩේ සොයන්නාට හම්බ වේ කිව්වලු. මෙන්න තියෙනවා අ‍ැති යාන්තම්. Ad තොගයක් තියෙන site අස්සෙ ගිහින් එක එක බා ගත්තෙ.

    ඉතින් එ‍් සාපෙ ගෙවන් නැතිව තව එකෙක්ට ප්‍රයෝජනයක් වෙන්න මගෙම drive එකේ folder එකක් හදල මෙතන දානවා. මට වගේම අවශ්‍යතාවක් අ‍ාවොත් කැමති උන් බා ගනින්. 😍😍

    පස්සෙ වෙලාවක ඕන වුණොත් මතක තියාගන්න හරිම ලේසි bit ly එකකුත් හැදුවා. Bit ly, fmunicode සේරම සිම්පල්.

    https://bit.ly/fmunicode

    https://drive.google.com/drive/folders/1Tll3UZUOex_IWRguhDiATZ__GUxMTyhq

    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    අවශ්‍යතාවය නම් මටත් ඇවිත් තියෙනවා එහෙම නොකරන්නේ ඇයි කියලා දන්නේ නෑ කරන්න බැරිකමක් තියෙන්න විදිහක් නෑ ඉතින් කවුරුත් කතා නොකරන ටොපික් එකක් ඕක
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    යුනිකෝඩ් වෙබ් වැඩවලට හොද උනාට මොනා හරි දෙයක් හදලා ලේඅවුට් එක හදාගන්න ගියාම මල වදයක් බං. මොනවා කරත් පිළිවෙලකට ගන්න බෑ.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    සිරාවටම, මේ වගේ කතිකාවත් තමා ඇති වෙන්න ඕන. සිංහල fonts වලින් වැඩ කරන අය තමා ඒකේ අමාරුව දන්නෙ. unicode ගහලා කොහෙ හරි converter එකකින් මාරු කරගන්න ඕන. හරියටම සපෝර්ට් නැත්නම් character map එකේ අකුරු හොය හොය දගලන්න ඕන.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    යුනිකෝඩ් වෙබ් වැඩවලට හොද උනාට මොනා හරි දෙයක් හදලා ලේඅවුට් එක හදාගන්න ගියාම මල වදයක් බං. මොනවා කරත් පිළිවෙලකට ගන්න බෑ.
    එහෙම බැරි අ‍ැයි බං ඉතින්. Font හදද්දි එ‍්ක බලල හදන්න බැරි හේතුවක් තියෙනවද? 🤔

    මට හම්බුණ ටිකක් උඩ දැම්මා. මේවා නම් එ‍් වගේම වදිනවා. අ‍ැති යාන්තම්. 😍😍

    සිරාවටම, මේ වගේ කතිකාවත් තමා ඇති වෙන්න ඕන. සිංහල fonts වලින් වැඩ කරන අය තමා ඒකේ අමාරුව දන්නෙ. unicode ගහලා කොහෙ හරි converter එකකින් මාරු කරගන්න ඕන. හරියටම සපෝර්ට් නැත්නම් character map එකේ අකුරු හොය හොය දගලන්න ඕන.
    හම්බුණා මචන්. ටිකක් try කරල බලහන් මට නම් හරියටම සෙට් වගේ මේ ටික.
    ------ Post added on May 9, 2024 at 7:55 AM

    අවශ්‍යතාවය නම් මටත් ඇවිත් තියෙනවා එහෙම නොකරන්නේ ඇයි කියලා දන්නේ නෑ කරන්න බැරිකමක් තියෙන්න විදිහක් නෑ ඉතින් කවුරුත් කතා නොකරන ටොපික් එකක් ඕක
    Demand එකක් නෑ. Campus එකක මොකෙක් හරි කරොත් තමා. හෙළකුරු වගේ එකක් එක්කෝ කරන්න ඕනි.
    බඩු හම්බුණා බං. පොඩ්ඩක් free වෙලාවට බලල කියහන් අවුලක් තියෙනවද කියල. මට නම් දැනට නියමෙටම සෙට්.
    ------ Post added on May 9, 2024 at 7:59 AM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    එහෙම බැරි අ‍ැයි බං ඉතින්. Font හදද්දි එ‍්ක බලල හදන්න බැරි හේතුවක් තියෙනවද? 🤔

    ------ Post added on May 9, 2024 at 7:55 AM
    නෑබං මට අවුල තියන්නේ යුනිකෝඩ්වලින් වර්ඩ්වල එමෙහ ටයිප් කරාම ටැබ් සෙටිංස්, හිස් ඉඩ වගේ ඒවා හදාගන්න ගියාම අමු කට්ටක් කන්න වෙන එක. අනිත් එක අකුරු බැදිලා වගේ තියන නිසා අකුරක් මකලා වෙන අකුරක් ටයිප් කරන්න ගියාමත් වදයක්. ප්‍රොජක්ට් එකක් වගේ ටයිප් කරලා ඒකේ පෲෆ් බලලා ලස්සනට ප්‍රින්ටවුට් ගන්න ගියාම මට යුනිකෝඩ් සෙට් වෙන්නෙ නෑ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    නෑබං මට අවුල තියන්නේ යුනිකෝඩ්වලින් වර්ඩ්වල එමෙහ ටයිප් කරාම ටැබ් සෙටිංස්, හිස් ඉඩ වගේ ඒවා හදාගන්න ගියාම අමු කට්ටක් කන්න වෙන එක. අනිත් එක අකුරු බැදිලා වගේ තියන නිසා අකුරක් මකලා වෙන අකුරක් ටයිප් කරන්න ගියාමත් වදයක්. ප්‍රොජක්ට් එකක් වගේ ටයිප් කරලා ඒකේ පෲෆ් බලලා ලස්සනට ප්‍රින්ටවුට් ගන්න ගියාම මට යුනිකෝඩ් සෙට් වෙන්නෙ නෑ.
    මම දාපු ටික පොඩ්ඩක් බලහන් හරිද කියල. ඔය සීන් එහෙමම වෙනවද? මම print කරල නම් බැලුවෙ නෑ හැබැයි fm Abhaya එකයි, මේකෙ unicode එකයි නම් එක වගේමයි කිසි වෙනසක් නෑ. උඹ field එකේ ඉන්න පොරක් වගේනෙ. ටිකක් බලල හරියටම කියහන්කො අවුලක් තියෙයිද කියල.
     
    • Love
    • Like
    Reactions: NRTG and WhyNot1

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    windows 10 වල සමහර සිංහල වචන වල spellings වෙනස් වෙලා පෙන එක හදාගන්න ක්‍රමයක් කියපන්කො දන්නා පින්වතෙක්
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka

    හම්බුණා මචන්. ටිකක් try කරල බලහන් මට නම් හරියටම සෙට් වගේ මේ ටික.
    ------ Post added on May 9, 2024 at 7:55 AM

    අඩෝ වැඩ වැඩ! සුපිරියක් තමා. තව ෆොන්ට් හම්බුනොත් අප්ඩේට් කරපන්!
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මතක විදියට FM සෙට් එකේ ෆොන්ට්ස් 100ක් තියෙනවා. එත් ලීගලි යුනිකෝඩ් කරලා තියෙන්නේ ෆොන්ට්ස් 10යි තවම.

    ඕක යුනිකෝඩ් වලට හරවන්නේ නැත්තේ රික්වෙස්ට් එකක් එන්නේ නැති නිසා. දැනට හරවලා තියෙන ෆොන්ට් 10ත් කරේ මතක විදියට ට්‍රයල් ප්‍රොජෙක්ට් එකක් විදියට.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    මතක විදියට FM සෙට් එකේ ෆොන්ට්ස් 100ක් තියෙනවා. එත් ලීගලි යුනිකෝඩ් කරලා තියෙන්නේ ෆොන්ට්ස් 10යි තවම.

    ඕක යුනිකෝඩ් වලට හරවන්නේ නැත්තේ රික්වෙස්ට් එකක් එන්නේ නැති නිසා. දැනට හරවලා තියෙන ෆොන්ට් 10ත් කරේ මතක විදියට ට්‍රයල් ප්‍රොජෙක්ට් එකක් විදියට.
    මට 6 ක් හම්බෙලා දැම්මා. අනේ ඉතිරි 4 ත් තියෙනවා නම් එවනවද. [email protected] එකට email එකක් හරි https://t.me/indrajithx එකට හරි https://wa.me/94777984078 ට හරි. එ‍් ටිකත් folder එකට දාමු.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and rukshrulz

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    windows 10 වල සමහර සිංහල වචන වල spellings වෙනස් වෙලා පෙන එක හදාගන්න ක්‍රමයක් කියපන්කො දන්නා පින්වතෙක්
    පරණ iskola pota එකේ ඔය අවුල තියෙන්නෙ. ර් තිබ්බම අකුරක් පැන්නිල්ල. අ‍ාකර්ෂණය කියල ගැහුවොත් අ‍ාකෂර්ණය කියල වදින්නෙ. 😂

    එ‍්කට අලුත් iskola pota එක දා ගනින්. Nirmala UI එක නම් අවුලක් නෑ එහෙමම වැඩ.
     
    • Like
    Reactions: NRTG and hi.dushan

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,969
    16,993
    113
    Colombo
    පරණ iskola pota එකේ ඔය අවුල තියෙන්නෙ. ර් තිබ්බම අකුරක් පැන්නිල්ල. අ‍ාකර්ෂණය කියල ගැහුවොත් අ‍ාකෂර්ණය කියල වදින්නෙ. 😂

    එ‍්කට අලුත් iskola pota එක දා ගනින්. Nirmala UI එක නම් අවුලක් නෑ එහෙමම වැඩ.
    aluth iskola pota ekat dapam
     
    Similar threads