FN P90 personal defence weapon

FN P90 පුද්ගල ආරක්ෂක අවිය ගැන පොඩ්ඩක් ලියන්න හිතුව:


පහත දැක්වෙන මේක හුරුබුහුටි හැඩයකින් යුත්, එහෙත් මාරක ස්වයංක්‍රීය අවියක්.
320px-FN-P90_2.jpg



ප්‍රධානම දේ: වෙනින් අවි වල magazine එකේ rounds තියෙන්නේ බඳට සමාන්තරවයි. ඒත් මේකේ rounds තියෙන්නේ ඍජුකෝනීව. තියෙන්නෙත් බඳට උඩින්. feed වෙද්දී අංශක 90කින් කැරකිලා chamber එකට වැටෙන්නේ. මේ නිසා අනෙක් අවි වගේ කෑලි එලියට නෙරලා නෑ. වමත් කාරයින්ටත් වෙනසක් නැතිව භාවිත කරතහැකි.


185px-FNP90MAG02.jpg



මේක assault weapon එකක් නෙමෙයි. නිර්මාණය කරලා තියෙන්නේ පාබළ ප්‍රහාර තමන්ගේ ප්‍රථම duty එක නොවෙන අයගේ ආත්ම ආරක්ෂාවට. උදාහරණයක් හැටියට යුධ ටැංකි කාර්ය මණ්ඩලයකට ටැංකියේ mounted අවි වල අවම පරාසයෙන් ඇතුලත සිට එල්ල වන ප්‍රහාර වලට මුහුණ දීමට, එහෙම නැත්නම් ටැංකිය අලුත්වැඩියා කරන වේලාවකදී ආරක්ෂාවට වගේ ඒවාට තමයි මේක design කරලා තියෙන්නේ.


බෙල්ජියමේ නිෂ්පාදිත වුනත් ලොව ආරක්ෂක ආයතන 200ක පමණ FN P90 අවිය පාවිච්චි වෙනවා.


320px-P90_Cyprus.jpg



මේකේ මාරක පරාසය මීටර 200යි. උපරිම පරාසය මීටර 1800 (කිලෝමිටරෙටත් වැඩියි). full auto දැම්මම තත්පරයට rounds 15 විදිනවා. magazine එකක rounds 50යි.


සුපිරි භාණ්ඩේ


http://en.wikipedia.org/wiki/FN_P90