Folder Options නැතුව Hidden Files and Folders බලන සහ හංගන විදිහ

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Folder Options නැතුව Hidden Files and Folders බලන සහ හංගන විදිහ

    සමහර වයිරස් නිසා Folder Option එක නැති වෙලා යනවා.එහෙම උනාම hide කරපු folder එකක්, hide කරපු අපිටවත් හොයා ගන්න බැරි වෙනවා.ඉතින් මොකද කරන්නේ...වයිරස් නිසා තමයි මේ හැම දේම...ඒත් registry එකට පොඩි සෙල්ලමක් දාල වැඩේ ගොඩ දා ගන්න පුලුවන්.මෙන්න මේ විදියට කරන්න..


    1. Task bar එකේ තියෙන start menu එකට යන්න
    2. Run එකේ මෙහෙම regedit කියල ටයිප් කරන්න.
    3. ඊට පස්සෙ මෙන්න මේ විදියට දිග ඇර ගන්න.

    Code:


    HKEY_LOCAL_MACHINE \ SOFTWARE \ Microsoft \ Windows \ CurrentVersion \ Explorer \ Advanced \ Hidden

    හරි...දකුණු පැත්තේ File එකක් තියෙනවා.ඒක double click කරාම dialog box එකක් එනවා.( පින්තූරය බලන්න )
    ඒකේ value data කියන තැනට 1 type කරන්න.දැන් ok කරල බැලුවොත් hide වෙලා තිබුන files ඔක්කොම පේන්න තියෙයි.2 type කලොත් ආයෙමත් hide කරගන්නත් පුලුවන්..
    0bb60ca57e.jpg


    ඒ කියන්නෙ අපි folder option එක පාවිච්චි කරලා folder එකක් hide කරාම වෙන්නෙ මේ dialog box එකේ 1 කියලා සටහන් වෙන එක.hide එක අයින් කලාම 2 කියල සටහන් වෙනවා.මේ සිදුවීම අපිට පේන්නේ නෑ.....ඒ නිසයි folder option එක නැති වුනාම අපිට තරු පේන්නේ...ඒත් දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑනේ..

    පෝස්ට් එක හොද නම් REP++ දෙන්න අමතක කරන්න එපා හොදේ...
    REPOST නම් SORRY




     
    • Like
    Reactions: chanakamanjula