පෙත්සම්කරු අධිකරණය නොමඟ යවලා
ෆොන්සේකාගේ පෙත්සම නීතියට පටහැනියි
ජනපති මූලික විරෝධතා ගොනු කරයි
විභාගයට නොගෙනම ඉවත දමන්නැයි ඉල්ලයි
තම ධූරයට පත්වීම අභියෝගයට ලක්කරමින් විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ගොනුකර ඇති ජනාධිපතිවරණ ඡන්ද පෙත්සම නීතියට පටහැනිව අඩුපාඩු සහිතව ඉදිරිපත් කර ඇති බව සඳහන් කරන වගඋත්තරකාර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය මූලික විරෝධතා ගොනු කරමින්, එම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊයේ (5) ඉල්ලා සිටියේය.
පෙත්සම්කාර ජෙනරාල්වරයා අධිකරණය නොමඟ යවන අන්දමින් කරුණු ඉදිරිපත් කර ඇති බව නීතිඥ අතුල සිල්වා මහතා මගින් සිය මූලික විරෝධතා ගොනු කර ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කරන කාරණා සනාථ කිරීමට අවශ්‍ය නීතිමය කාරණා ඉටුකර නොමැති බවද සඳහන් කර තිබේ.
සිය මූලික විරෝධතා ගොනු කරමින් මේ ඉල්ලීම් කරන පෙත්සමේ පළමු වගඋත්තරකාර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය මූලික විරෝධතාවල මෙසේ සඳහන් වේ. මෙම මැතිවරණ පෙත්සම 1981 අංක 15 දරන ජනාධිපතිවරණ මැතිවරණ ඡන්ද පෙත්සම් රෙගුලාසිවලට පටහැනිව ඉදිරිපත් කර ඇත. මෙවැනි ඡන්ද පෙත්සමක් ගොනු කළ බවට වන නොතීසි නියමිත කාල සීමාවකදී වගඋත්තරකරුවන් වෙත එම රෙගුලාසිවල 14(1) වගන්තියෙහි දැක්වේ. එහෙත් පෙත්සම්කරු පෙත්සම පිළිබඳ නොතීසි එලෙස ලබාදී නොමැත.
ජනාධිපති මැතිවරණ ඡන්ද පෙත්සම් රෙගුලාසිවල 95(1) බී දරන වගන්තිය අනුව ඡන්ද පෙත්සමක් මගින් යම් චෝදනාවක් ඉදිරිපත් කරන්නේ නම් එම චෝදනා එල්ල කරන පුද්ගලයන් හෝ ආයතන එහි වගඋත්තරකරුවන් ලෙස නම් කළ යුතුය. එහෙත් පෙත්සම්කරු චෝදනා නඟා ඇති සියලු දෙනා වගඋත්තරකරුවන් ලෙස නම් කර නැත.
ජනාධිපතිධූර අපේක්‍ෂකයකු වූ සරත් ෆොන්සේකා මහතාට ඡන්දය නොමැති බවට සහ ඔහුට ජනාධිපතිධුරයට තරඟ කළ නොහැකි බවට වැරැදි ප්‍රකාශ මැතිවරණ දිනයේදී මාධ්‍ය මඟින් විකාශය කළ බවට මෙම පෙත්සමෙහි සඳහන් වේ. එහෙත් එම ප්‍රකාශ විකාශය කළ බවට පවසන මාධ්‍ය ආයතන වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ලක් හඬ ගුවන්විදුලිය මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර නැත. එබැවින් එය ජනාධිපතිවරණ මැතිවරණ පනතට පටහැනි වේ.
එසේම එලෙස වැරදි ප්‍රකාශ කළ බවට පුද්ගලයන් පස් දෙනෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත. එහෙත් එම චෝදනා තහවුරු කිරීම සඳහා සාධක හෝ සංක්‍ෂිප්ත සටහන් පෙත්සම සමඟ ඉදිරිපත් කිරීම නීතිමය අවශ්‍යතාවකි. එම චෝදනාව සවිස්තරව ඉදිරිපත් කර නැති අතර එම අවශ්‍යතාව පෙත්සම්කරු සපුරා නැත.
පෙත්සම්කරු අධිකරණය නොමග යන අන්දමින් කරුණු රැසක් පෙත්සම මගින් ඉදිරිපත් කර ඇත. ඉහත ප්‍රකාශ වැරැදි බවට පෙත්සම්කරු සඳහන් කර සිටියද ඒවා සත්‍ය වශයෙන්ම සාවද්‍ය නොවේ. පෙත්සම්කරු එලෙස චෝදනා නගා ඇත්තේ හිතාමතාම අධිකරණය නොමග යැවීමේ අදහසිනි.
රජයේ ඇමැතිවරයකු වන කරුණා අම්මාන් මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉරට්ටපෙරියකුලම් කාර්යාලයෙහි සේවය කිරීම සඳහා ඉකුත් දෙසැම්බර් 21 දින සිට ජනාධිපතිවරණය අවසන් වන තෙක් පුද්ගලයන් හතළිස් දෙනකු බඳවා ගත්බවට පෙත්සම මගින් චෝදනා කර තිබේ. එහෙත් චෝදනා එල්ල කරන කරුණා අම්මාන් මහතා වගඋත්තරකරුවකු ලෙස නම් කර නැත.
එසේම අදාල චෝදනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය පරිදි නීත්‍යානුකූල දිවුරුම් ප්‍රකාශයක් පෙත්සම්කරු ඉදිරිපත් කර නැත. එය ජනාධිපතිවරණ මැතිවරණ ඡන්ද පෙත්සම් පනතෙහි 96 (ඩී) වගන්තියට පටහැනි වේ.
පෙත්සම මගින් ජනාධිපතිවරණය දූෂිත බවට සඳහන් කර තිබේ. ජනාධිපති මැතිවරණ පනත අනුව එවැනි චෝ්දනාවකදී දූෂණ පිළිබඳ සියලු තොරතුරු මැතිවරණ පෙත්සමෙහි සඳහන් කළ යුතුය.
එහෙත් මෙම පෙත්සමෙහි එබඳු තොරතුරු සවිස්තරාත්මකව සඳහන් කර නැත.
එබැවින් වැරැදි ලෙස කරුණු වටහා ගනිමින් පෙත්සම්කරු මෙම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටින සහන ලබාදිය නොහැකිය.
ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කර නඩු ගාස්තු වගඋත්තරකරුවන් වෙත ලබා දෙන ලෙස නියෝග කරන්නැයි මහින්ද රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටී.
නීතිඥ අතුලද සිල්වා මගින් මේ විරෝධතා ඉදිරිපත් කර තිබිණි.
2010 ජනාධිපතිවරණයට එරෙහිව විපක්ෂය ගොනු කළ ඡන්ද පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීමට පැමිණි නීතිඥවරුන් ඉන් අනතුරුව උසාවි භූමියෙන් පිටව ගිය අයුරු.