Fonseka's Biggest Mistake

I vote for

  • Ranil

    Votes: 14 42.4%
  • SF

    Votes: 12 36.4%
  • Other leader in UPFA

    Votes: 7 21.2%

  • Total voters
    33

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ජ.වි.පෙ. ජනරාල් සමඟ කුසලානය අතට ගනී


    Trophy.jpg



    ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ඉදිරිපත්වීමේ අදහස අත්නොහැර ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණ ජනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ "ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය" පක්ෂයෙන් ඉදිරිපත් වන බව වාර්තා වේ. මෙම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලකුණ වන්නේ "කුසලානය"යි.

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පක්ෂයේ නායකත්වය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමිව ඇති අතර, මෙහි ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාය. මෙහි ලියාපදිංචි කාර්යාලය ලෙස දක්වා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යාලය ලෙස නම් කර තිබූ රාජකීය මාවතේ පිහිටි කාර්යාලයයි.

    ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් තමාගේ අවසාන තීන්දුව දැනුම් දෙමින් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කොට ඇති ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මෙවර මහ මැතිවරණයටද පොදු විපක්ෂය ලෙස හංසයා ලකුණින් තරඟ කිරීමට එක් වන ලෙසයි. නමුත් එක්සත් ජාතික පක්ෂය මෙම තීරණයට එකඟ ‍නොවීම හේතුවෙන් මෙළෙස කටයුතු කරන බව නව සන්ධානයේ ප්‍රකාශකයෙකු ලංකාටෲත් වෙත පැවසීය.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා පැවසුවේ ජනරාල් ෆොන්සේකා මහතා රාජපක්‍ෂ පවුලේ පැසිස්ට් පාලනයට එරෙහිව කටයුතු කර සිර ගතව සිටියදී එක්සත් ජාතික පක්‍ෂය අලියා ලකුණින් ඉදිරි මහා මැතිවරණය තරඟ කිරීමට ගත් තීරණය සදාචාරාත්මක නොමැති බවයි.


    If SF Think he Can gain More votes from this Alliance :lol: , It's the biggest mistake of his political life :nerd:
     
    Last edited: