Free_Calls

chamee1982

Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    මෙම සෙවාව නිවැරදිව ස්ථාපිත කරගැනීමෙන් දුරකථන ඇමතුම් සඳහා ඔබ වැය කරන අසීමිත මුදල සීමා කරගන්න පුළුවන් වෙනවා නොඅනුමානයි . මෙම මෘදුකාංගය මගින් ඔබට හැකියාව තිබෙනවා ඔබේ පරිගනකයේ සිට ඕනෑම ස්මාට් දුරකතනයකට නොමිලේ ඇමතුම් ලබාගැනීමට සහ කෙට් පණිවුඩ යැවීමට.

    නොමිලේ ඇමතුම් සහ කෙටිපණිවුඩ

    මෙම (Line) කියන මෘදුකාංගය ජපන් භාෂාව පදනම් කරගනිමින් නිර්මාණය කරනු ලැබු මෘදුකාංගයක්. ඔබට හැකියාව තිබෙනවා ඒ මගින් ඇන්ඩ්රොයිඩ්, වින්ඩෝස්, බ්ලැක්බෙරි ස්මාට් දුරකථන වෙත නොමිලේ ඇමතුම් සහ කෙටි පණිවුඩ යවනවා වගේම වින්ඩෝස් පරිගණක සහ මැක් පරිගණක සඳහාත් ඒ ආකාරයට ඇමතුම් අරගැනීමට.

    කොහොම නමුත් මේ වන විටනම් Line කියන මෘදුකාංගය වීඩියෝ ඇමතුම් පහසුකම් ලබා දී නැහැ. ඒ උනත් ඔබට පුළුවන් කෙට් වීඩියෝ සහ ඕඩියෝ පණිවුඩ යැවීමට.



    ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය මත ගුණාත්මක භාවය තීරණය වෙනවා.

    මෙම මෘදුකාංගය මගින් ලබා ගන්නා ඇමතුම් වල ගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනවා. නමුත් ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය දුර්වල එකක් නම් ඇමතුමේ ගුණාත්මක භාවය අඩු වීමට එය බලපානවා. මෙම මෘදුකාංගය මගින් කෙටි පණිවුඩ යැවීම ඇත්තටම වඩාත් විනෝද ජනකයි. ඒ මොකද අලංකාරවත් (Emotions) රාශියක් මෙහි තිබෙනවා. අවශ්‍යනම් තවත් අලන්කාරවත් වූ (Emotions) මිලදී ගැනීමටද පුළුවන්. මෙය ඉතාමත් ඉහල සේවාවක් සපයන මෘදුකාංගයක් විදියට හඳුන්වන්න පුළුවන්.

    මුල් මාස 7 තුල මෙම මෘදුකාංගය නිකුත් වුයේ ජපන් බස සඳහා පමණයි . නමුත් අද වෙන විට එය ලොව පුරා වෙසෙන මිලියන 100ක් පමණ වූ ජනතාව භාවිතා කරන පොදු සේවාවක් බවට පත් වී තිබෙනවා.

    සැ.යු :- දුරකථන අමතුම් ලබාගැනීමට සහ කෙටිපණිවුඩ යැවීමට බලාපොරොත්තු වෙන දෙපාර්ශවයම මෙම මෘදුකාංගය දුරකතනයේ හෝ පරිගනකයේ ස්ථාපිත කර ගෙන සිටිය යුතු වෙනවා.

    ස්මාට් දුරකථන භාවිතා කරන අය සඳහානම් මෙම මෘදුකාංගය ඒ අදාල ඇප් ස්ටෝර් එකෙන් ලබා ගන්න පුලුවන්. වින්ඩෝස් පරිගණක භාවිතා කරන අය පහතින් එම මෘදුකාංගය බාගන්න.



    http://line.en.softonic.com/



    ගත්තෙ...
    http://www.apps-lanka.com/


    Bump 1k දාල යන්න....
    අනිත් කට්ටියට බලා ගන්න
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මම මේක අයින් කලා බං. යාලුවො එකෙක් වත් නෑ මේකෙ.
    ඒකට වයිබර්... අපෙ බල්ලටත් අකවුන්ට් එකක් තියනවා