Frequency Illusion | නිතරම පේනවා වගේ මනෝභාවය

Max_r

Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    c611d428-9e4f-476b-9146-f7477e3119aa_143177835521.jpg


    Frequency Illusion නැතහොත් (Baader-Meinhof phenomenon)

    Frequency Illusion කියන්නෙ මනෝ විද්‍යාත්මක සිදුවීමක්.
    Frequency Illusion කියන්නේ, ඔයාට අලුත් දෙයක් දැනගත්ත පස්සේ, ඒක ඔයාට හැමතැනම පේනවා වගේ හිතෙන හැඟීමක්.

    උදාහරණයක්:
    මේ දවස් වල වාහන නෙහ් මතෘකාව,

    අපි කියමු ඔයාට අලුත් වාහන මොඩලයක් දැක්කා – Honda Vezel කියලා. ඒ පස්සේ ඔයාට හැමතැනම Honda Vezel පේනවා වගේ!
    පාරෙ ගියත් අලුත් වෙසල් එක, ඇඩ් දැක්කත් වෙසල්, හැමැතැනම වෙසල්.
    දැන් ඔයා හිතනවා
    "මං දැන් දැක්කට පස්සේම මේ වාහනය හැමතැනම !" කියලා.
    "සැහෙන්න වෙසල් පාරෙ" "ම් පාර වෙසල් තමයි වාහනේ"

    ඕක වාහනයක් ගන්න ඉන්න වෙලාවටත් පේනවා, ගන්න හිතන් ඉන්න මොඩෙල් එක හැමතැනම පේනවා..

    ඇත්ත තත්ත්වය මොකද්ද?
    ඒ වාහනය වගේම තවත් වාහන මොඩෙල් ලංකාවට ගොඩ බැස්සා. පාරෙ යනවා
    හැබැයි ඔයාගේ brain එක දැන් ඒ වාහනයට extra attention දෙනවා. ඔයා දැක්කම ශනිකව recognize කරනවා.

    • Selective Attention – ඔයා ඒ දේවල් දැක්කම, ඔයාගේ brain එක specially ඒවට focus වෙනවා.
    • Confirmation Bias – ඔයාට පේන දේවල් ඒ තොරතුරට support කරන නිසා, ඒක ඇත්තක් වගේ දැනෙනවා.

    තව උදාහරණයක් (මහජන අදහස් වලටත් බලපාන්න විදිය)

    ඔන්න
    (high-profile) අනතුරු කිහිපයක් මාධ්‍යවලදී සම්පුර්ණ විස්තර සහිතව වාර්තා වෙනවා,(ලඟදි උන බස් පෙරලිල්ල වගෙ),
    එක රිපිට් නියුස්, විඩියො, හැමතැනම.

    ලොකු අනතුර ගැන news එකක් දැක්කම, පස්සේ හැමතැනම අනතුරු news වලට අපිට පේන්න ගන්නවා.
    ඇක්සිඩන් 1ස්ට් පේජ් එක සගෙස්ට් වෙලා වගේ පේනවා. හැබැයි ලංකාවෙ අනතුරු ස්ටැස් එක තාමත් ගොඩක් වැඩියි. (මිනිස්සු නොදැන හිටියට )
    එත් ට්‍රිගර් වෙන්නෙ අර හයිප්‍රොෆයිල් කේස් එක නිසා..

    හැබැයි මිනිස් මනසට ඒවා වැඩිපුරම පේන නිසා, ඒ තරම්ම භයානක වගේ හැඟෙනවා. අමුතු බයක් එනවා.
    ඒත් හැමදාම කොහෙ හරි වාහන හැපිලා මිනිස්සු මැරෙනවා.
    --------

    උබර්ලට දැනුන සීන් කොමෙන්ට් විදියට දාගෙන යන්ඩෝ.......

    මොලයේ වෙන්නේ මොකද්ද?​

    අපේ මොලයෙ තියෙන pattern recognition (මානසික රටා හඳුනාගන්න හැකියාව) සහ RAS කියන පද්ධතිය (Reticular Activating System) මේකට වගකීම් වනවා.
    RAS කියන්නේ අපේ මොලයෙ තියෙන filter එකක් වගේ. ඒක හඳුන්වන්නෙ “මට වැදගත් දේවල් මතක තියාගන්න, වැඩිපුර අවධානය යොමු කරන්න” කියන process එක. brain එක, වැදගත් දේවල් filter කරලා, ඒකට spotlight එක දානවා. ඒකයි Frequency Illusion එකට base එක වෙන්නේ.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,787
    1
    6,652
    113
    මට ඕක ලොකුවටම තියනව බන්. පස්සෙ AI ගෙන් අහල තමා විස්තරේ හොයාගත්තෙ ( මේ දාල තියන විස්තරෙ )

    අනෙ මන්ද ඒත් තාම විශ්වාස කරන්න අමාරුයි
    නිකන් Supernatural Experience එකක් වගෙ 🥴

    P.S. මට ලොකුවටම තියෙන්නෙ Vocabulary පැත්තෙන් තමා.
     
    • Love
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    මට ඕක ලොකුවටම තියනව බන්. පස්සෙ AI ගෙන් අහල තමා විස්තරේ හොයාගත්තෙ ( මේ දාල තියන විස්තරෙ )

    අනෙ මන්ද ඒත් තාම විශ්වාස කරන්න අමාරුයි
    නිකන් Supernatural Experience එකක් වගෙ 🥴

    P.S. මට ලොකුවටම තියෙන්නෙ Vocabulary පැත්තෙන් තමා.



    බම්ප්.. සුපිරි ත්‍රෙඩ් එක 😍

    😇😇😇