Fresh Fruit Gateau 10,000

Fresh Fruit Gateau



මේ ලෑස්ති වෙන්නෙ ඔයාලට රසම රස කෑමක් හදන හැටි කියලා දෙන්න... ;)

මොකද අද විශේෂ දවසක් මට ...:yes: :yes: ඒවගේම මේ විශේෂ මාසයක් නිසා... :yes::yes:

එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු .......:cool::cool:







la_bonne_bouchee_cake2.jpg


  • අවශ්‍ය ද්‍රව්‍ය ;)

  1. කිරි (fresh milk) 500ml
  2. පිටි 275g
  3. බේකින් පවුඩර් 53g
  4. බේකින් සෝඩාතේ හැඳි 1ක්
  5. මාගරින් 100g (උණු කරගත්)
  6. වතුර 125ml
  7. වැනිලා එසන්ස් තේ හැඳි 1ක්
  8. ලුණුස්වල්පයක්
  9. අන්නාසි පොඩි ගෙඩි 1ක්
  10. අඹ ගෙඩි 2ක්
  11. ස්ට්‍රෝබෙරි
  12. රතු ඇපල්1ක්
  13. කොළ ඇපල්1ක්
  14. කළු සහ කොළ මිදි කිහිපයක්
  15. රම් 30ml
  16. සීනි 15g
  17. දිසිඳි පොල් 30g
  18. විප්ඩ් කී‍්‍රම් සහ චෙරි ගෙඩි කිහිපයක්





  • සාදන ආකාරය ;)


  • වියළි අමුද්‍රව්‍ය සියල්ලම එකට මිශ‍්‍රකරන්න. එයට කිරි, මාජරින්, වතුර හා වැනිලා එසන්ස් එක්කර හොඳින් බීට් කරන්න. සකස් කරගත් බඳුනකට සියල්ල දමා මිනිත්තු 35ක් පමණ මද ගින්නේ බේක් කරන්න.


  • පලතුරු කැබලි කපා ඉන් අඩක් සැරසිලි සඳහා තබා ගන්න. පලතුරු හා රම් මිශ‍්‍ර කරන්න. සීනි එක්කර පැයක් පමණ තබා ගන්න.


  • කේක් එක දිගු අතට හරි මැදින් කපා ගන්න . එම කොටස් 2ම පලතුරු යුෂවල පොඟවන්න . එක් කැබැල්ලක් මත පලතුරු තබා ඒ මත අනෙකුත් කේක් කැබැල්ල තබා ගන්න. දෙපස සහ මතුපිට විප්ඩ් කී‍්‍රම් තවරා ආවරණය කරන්න. දිසිඳි පොල් සහ පලතුරුවලින් සරසා ගන්න.

ඔන්න එහෙම නම්, මගේ 10 000 වෙනි පෝස්ට් එක ලස්සන විදිහට ගෙනාවා ඔයාලට . ;)

ඇවිත් අවුරුදු තුනයි ..:cool::cool:
මම ගියා... ආයිත් විශේෂ අවස්ථාවක හමුවෙමු.... :rolleyes::rolleyes: