FRIENDSHIP

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    මට මෙය ලියන්නට සිත් වුයේ අද බසයේදී දුටු එක්තරා සිදුවීමක් හේතුවෙනි.එම සිදුවීමමෙතන ලිවීමට අදහස් නොකරමි.

    අද රටේ අපූරු රීතියක් අප විසින්ම ඇති කරගෙන තිබේ.එනම් අප රටේ ගැහැනු ලමයෙකුට පිරිමි ලමයෙක් සමග නිකම් කතාබහ කිරීමට අවශය නම් එක්කෝ ඔවුන් විවාහ වී සිටිය යුතුය,නැත්නම් Engage වත් වී සිටිය යුතුය.නැතිනම් එය මහා අපරාධයක් කලා යැයි සැලකේ.පාසල් අවධියේ සිට(ප්‍රථමික හැර )අපට උගන්වනුයේ එකිනෙකාගෙන් පුලුවන් තරම් ඈත් වී සිටිමටය, ඔවුනොවුන් සතුරන් සේ සැලකීමටය.ගැහැනු හෝ පිරිමි ලමයෙකු වෙනත් කෙනෙකු සමග තරමක් කතා කරනවා යහලුවන් දුටුවොත් එතැන් සිට ඔහු ඉඳ ඉවරය.විහිලු කරමින් ඔහුව අන්තිමටම මානසිකව වට්ටන තුරු අන් අයට නිවනක් නැත.බස් එකක ගැහැණු ලමයෙකු පිරිමිලමයෙක් සමග කතා බහ කරනු ඇයගේ ඥාතියෙක්, අසල් වැසියන් දුටුවොත් ඇයගේ මුලු චරිතයම විනාශ කරන්නට ඇතැම් විට එයම ප්‍රමානවත්ය.(මා මෙයින් දකින, දකින කෙනා සමග කතාකල යුතුය යන්න අදහස් නොකරන බව වටහා ගැනීමට තරම් බුද්ධිමත් පිරිසක් මෙය කියවනු ඇතැයි සිතමි ).

    පිටරටවල මෙසේ නොවේ.එහි ගැහැණු පිරිමි කියා වෙනසක් නැත.සියල්ලෝම එකට කති,බොති,සෙල්ලම් කරති,පාඩම් කරති,කරට අතක් දමාගෙන සින්දු කියති,Hostel වල පවා එකට සිටිති..එහෙත් එම රටවල ඒවාට Limits නැත.එය මම අනුමත නොකරමි.නමුත් මේ රටේ වන්නේ Limit එක ඕනෑවටත් වඩා තද වීමයි.මෙහි Class ගියත්,Campus ගියත්, campus එකේ canteen 1ට ගියත්,අඩු වශයෙන් Batch trip එකක් ගියත් කෙල්ලො වෙනමය,කොල්ලො වෙනමය.එකිනෙකා සුහදත්වයක් මිශ්‍ර වීමක් නැත( හැම තැනම නොවේ.බොහෝ තැන් වල,අපගේ Campus එකේ සාපේක්ශව සතුටු විය හැකි තත්වයක් ඇත ).ඉස්කෝල වල වුවද පුලුවන් නම් වැටවල් පවා ගසමින් දෙගොල්ලන් වෙන් කරනු මිස එක්ව වැඩ කිරීමට අවස්ථාව නොදේ,කෙල්ලෙකුට පිරිමි යාලුවන් සමග කියා Trip 1 යාමට නොහැක.මුහුදු වෙරලක එකට සරුන්ගලයක් යවන්න ,අතක් අල්ලගෙන ඇවිදින්න නම් කොල්ලා පෙම්වතාම විය යුතුය.යහලුවන් පිරිසක් සමග යන ගැහැනු ලමයෙකු අතර මගදී හමුවන සිය ඥාති සොහොයුරෙක් සමග වුව කතා කිරීමට මැලි වන්නේ යහලුවන්ගේ විහිලුවට ලක් වේ යයි බියෙනි.

    කොටින්ම කිවොත් මේ රටේ තරුණ තරුණියන්ට අවුරුදු 10 පැන්න පසු විරුද්ද ලිංගිකයන් සමග Love මිස Friendship එකකට නිදහසක් නොමැත.

    යෞවන කාලයේ විරුද්ද ලිංගිකයන් කෙරෙහි ආකර්ශනය ඇතිවිම සාමානය වුවද මෙහි වන්නේ සිතින් පමනක් එසේ කරමින් නෑදෑයින්ට,යහලුවන්ට බයේ තම ආශාවන් යටපත් කරගෙන මනසින් විදවමින් සිටින පිරිසක් පමනි.

    මෙයින් වන්නේ අනෙක් පක්ශය වෙනුවෙන් කුතුහලය වැඩිවීමත්,රටේ අපරාධ වැඩිවීමත්,මානසික රෝගීන් වැඩිවීමත් හැර අන් යමක් නොවේ.

    ඔබ මෙය කියවා කුමක් තෙරුම් ගත්තද එය මට අදාල නැත.සමහර විට මම වැරදි ඇති.සංස්කෘතිය රැක ගැනීමට නම් ඔහොම සිටිය යුතු ඇති.එය තීරණය කිරීම ඔබට බාරයි.මා මේ පැවසූවේ අද බසයේදී මා සිතට නැගුනු අවංක අදහසක් පමනි

    by,
    Deshan Randika,
    university of PERADENIYA.
    Code:
    Source - Kannangara dharuwo Fan page
     
    • Like
    Reactions: ~Lonely~

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    pissuda ban. kauda ubata ohoa thahanchi damme. kello kolloth ekka trip yavanne naththe ape aret kanyabavaya kiyana eka kelekge minum dandk se salakana nisayi. nathuva kello eka trip yannepa. katha karanna epa akuda kiuwe........ rate mecchara prashna thiyanava mu olmorondam kiyavanava