
රට පුරා ප්‍රදේශ රැසක අද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 අතර කාලයේදි පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
නිවේදනයේ සදහන්ව ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තාප විදුලි බලාගාර සදහා අවශ්‍ය දැවි තෙල් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ව උද්ගත වී ඇති බවය.
බොරතෙල් මිලට ගැනිමට ඩොලර් හිගතාවය මත සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා ඇති අතර ඒ හේතුවෙන් විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නිෂ්පාදනය නතර වී ඇත.
තෙල් ලබා දීමත් සිදු නොකලහොත් සපුගස්කන්ද තාප විදුලි බලා ගාරය හා කොළඹ වරායේ බලාගාරයද අක්‍රිය වනු ඇතැයිද මණ්ඩලය තව දුරටත් කියා සිටියි.