.: Future War | USA vs ASIA ??? :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මෙය සිදුවන්නේ වර්ෂය 2015දී.....ආසියාවේ චීනය,ජපානය,කොරියාව ආශ්‍රිත පැසිෆික් මුහුදු තීරයේ විශාල සුනාමි තත්වයක් ඇතිවෙනවා, භූ චලනයක් නිසා ඇතිවුවක් ලෙස කිසිඳු මාපකයකට හසු නොවන, කලින් සිදුවූ සුනාමි තත්වයන් මෙන් සියගුනයක් පමණ විශාල වූ මෙම සුනාමි රල පහරින් චීනය,ජපානය, කොරියාව ඇතුළු ආසියාවට අයත් රටවල් කිහිපයකම වාණිජ නගර විශාල ප්‍රමාණයකට දැඩි හානි සිදුවන අතර රුසියාවට අයත් පැසිෆික් සාගරය ආශ්‍රිත කොටසටද එයින් බලපෑම එල්ලවෙනවා.....

    10308726_309734.jpg

    බලාපොරොත්තු නොවූ අයුරින් ඉතා ක්ෂණිකව සිදුවන මෙම ව්‍යසනය නිසා ලෝකයේ මෙතෙක් සිදුවූ විශාලතම ජීවිත හා දේපල හානි සිදුවූ ව්‍යසනය ලෙස නම් කරමින් ශෝක පණිවුඩ පළකරමින් විපතට පත්වූවන්ට සහන සැලසීමට යුරෝපා සහ ඇමෙරිකානු රටවල් ඉදිරිපත් වෙනවා......නමුත් ලෝකයේ ප්‍රබලම එමෙන්ම ඉතාම නිවරද්‍ය රේඩාර් පද්දතිය සහ තම කලාපයට එල්ලවන සතුරු ප්‍රහාර කල් තියාම හඳුනා ගත හැකි තාක්ෂනය සතු රුසියාව ප්‍රකාශයක් කරනවා මෙම ව්‍යසනයට මුල් වුයේ උල්කාපාතයක් පැසිෆික් සාගරයට පතිතවීම නිසා ඇතිවූ මුහුද ගොඩගැලීම් තත්වයක් ලෙසට.....එමෙන්ම ඔවුන්ගේ අභ්‍යවකාශ දැනුමෙන් ඔවුන් ස්ථීර ලෙස කියා සිටිනවා මෙවැනි උල්කාපාතයක් පෘතුවිය ආසන්නයෙන් ගමන් කිරීමට තිබු බව ඔවුන් හඳුනාගෙන තිබුනත් එය කිසිසේත්ම පෘතුවියට වැටීමේ සම්භාවිතාවයක් නොතිබුණු බවට....යම් හෙයකින් පෘතුවියට එය වැටුනත් එය ගමන් කල යුතුව තිබුනේ ඇමෙරිකා මහාද්වීපය දෙසට බව ඔවුන් තහවුරු කොට කියා සිටිනවා.....මෙම ප්‍රකාශයත් සමගම චීනය සහ ජපානයද ඔවුන්ගේ නිරීක්ෂණ වලින් තහවුරු කොට කියා සිටිනවා රුසියාව විසින් කල ප්‍රකාශය නිවරද්‍ය බව....

    Meteorito-Tierra-786x600.jpg

    ඇමෙරිකාව විසින් සිදු කල මෙම ක්‍රියාව තරයේ හෙලා දකින සියලුම ආසියාතික රටවල් එකතු වී තීරණය කරනවා ඇමෙරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට.....ඒ අනුව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය හැරුනුකොට සියලුම ආසියාතික රටවල් මෙන්ම අරාබිය හැර අනෙකුත් මැදපෙරදිග රටවල්ද මේ සඳහා එකතු වෙනවා.....ආසියාවේ ඉතා ප්‍රබල රටවල් තමන්ට විරුද්ධ වන බව පෙනීයන නිසා ඇමෙරිකාව ප්‍රකාශයක් නිකුත් කරමින් කල වැරැද්ද පිළිගෙන සමාව අයැද සිටිනවා....ඒ වගේම ඔවුන් සමග බ්‍රිතාන්‍ය ද මේ සඳහා සහයෝගය දැක්වූ බව හෙළිදරව් කරනවා......

    වචන වලින් සිදු කරන සමා කිරීම් ප්‍රතික්ෂේප කරන ආසියාවේ ප්‍රථම ප්‍රහාරය එල්ලවන්නේ ඉන්දියානු සාගරය පහළ කොටසේ දුපත් සමුහයක ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය එක්ව ස්ථාපිත කර ඇති යුද අංගනයකටයි....මෙය මීට පෙර රුසියාව විසින් හඳුනාගෙන තිබු සතුරු තර්ජනයක්.....එම දුපත් සමුහය මුළුමනින්ම අත්පත් කරගත් පසු මීළඟ පියවර වන්නේ උල්කාපාතයෙන් සිදුකල ව්‍යසනයට සමාන ප්‍රති ප්‍රහාරයක් ඇමෙරිකාවට එල්ලකිරීමයි.....මෙම ප්‍රහාර එල්ලකිරීමට පෙර එම රටවල වෙසෙන සියලුම ආසියානුවන්ට තම රටවලට පැමිණෙන ලෙස නියෝග වෙනවා.....මෙයින් ප්‍රයෝජන ගන්නා ඇමෙරිකානුවන් එසේ පැමිණෙන ආසියානුවන් ලෙස විත් මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කිරීමටද පෙලෙබෙනවා.....එමෙන්ම ඔවුන් සතුව ඇති සියලුම නවීන ප්‍රහාරක යානා මෙන්ම තහනම් කල පරමාණු බෝම්බ පවා නැවත භාවිතා කිරීමට සුදානම් වෙනවා.....නමුත් ආසියානු ශක්තිය හමුවේ ඔවුන්ට එම ප්‍රහාර එල්ලකරගනීමට නොහැකිවෙන්නේ එම අවි ආයුධ තිබෙන ස්ථාන රුසියාව විසින් දැනටමත් හඳුනාගෙන ඇති නිසා.....ඔවුන් ප්‍රහාර එල්ලකිරීමට පෙර එම ස්ථාන විනාශ කිරීමට ආසියානු එකමුතුකමට හැකිවෙනවා......අවසානයේ සිදුවන්නේ ආසියානු එකමුතුකම ජයග්‍රහණය කිරීමයි බ්‍රිතාන්‍ය අතරමගදීම මේ යුද්දයෙන් ඉවත් වන්නේ ආසියාවේ ප්‍රබලත්වය ඔවුන් අවබෝධ කරගන්න නිසයි......

    Pelimaisema%20%5B1920x1080%5D%2013.jpg

    මේ එකපාරටම මගේ හිතේ පහළ වෙච්ච අදහසක්, පහු ගිය දවසක රුසියාවට වැටිච්ච උල්කාපාතය ගැන අපේ HondaMPLG සහෝ දාල තිබ්බ ත්‍රෙඩ් එකේ තිබ්බ දේවල් එක්ක තමයි මේ අදහස මගේ ඔලුවට ආවේ......සමහරවිට මේ වගේ දෙයක් ඇත්තටම වෙන්නත් පුළුවන්.....මොකද ඇමරිකාව කියන්නේ ආත්මාර්ථකාමී, ඒ වගේම ලෝකෙම ලොක්ක තමන් වෙන්න ඕනි කියන තීරණේ ඉන්න රටක්...ඔය යුරෝපා රටවලුත් ඇමරිකාවට දීගෙන ඉන්නේ.....ඒක නිසා ඔය සෙට් එක එකතු වෙලා දැනටමත් මේවගේ දේවල් ප්ලෑන් කරනවා වෙන්න පුළුවන්......ඒක නිසා සමහරවිට අනාගතේ වෙන්න පුළුවන් දෙයක් ගැන අනාවැකියක් වෙන්නත් පුළුවන් මේ අදහස...:yes:

    මේක මගේම නිර්මාණයක්, ඒක නිසා උපුටාගැනීම් එහෙම කරනවනම් අනිවාර්යෙන්ම කොහෙන්ද ගත්තේ කවුද ලිව්වේ කියල දාන්න ඕනි.....දැනට එළකිරියේ සහ මගේ බ්ලොග් පිටුවේ විතරයි මේක දාල තියෙන්නේ :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002041D.gif

    චීනය,ජපානය,දකුණු කොරියාවට දැඩි හානි පමුණුවන සුනාමියකින් පසුව.
    ලංකාව ඉතිරිවෙන එකක් නැහැ නේද සහෝ .........
    අනික තමයි ඔතනදි ඉන්දියාව ඇමරිකානු පාර්ශවය ගේ පැත්ත ගැනීම අනිවාර්යෙන්ම
    සිදුවේවි නේද.

    ඔව් සහෝ අපි වගේ පොඩි දූපත් වලට මොනවා වෙයිද දන්නේ නෑ, සමහරවිට මද්‍යම කඳුකරය විතරක් ඉතුරු වෙයි......ඒ වගේ අවස්තාවකදිත් ඉන්දියාව ඇමෙරිකාවේ පැත්ත ගත්තොත් මුලින්ම දීල අදින්න ඕනි ඉන්දියාවට.....මම හිතුවේ නම් ඒ ඔක්කොම එකතුවෙයි කියල ආසියාව ගැන පොදු මතයේ ඉදන්....ඔස්ට්‍රේලියාව නවසීලන්තේ මුලින්ම අයින් කරේ උන් නම් ඉස්සර ඉඳලම ඇමෙරිකාවට සපෝට් නේ....ජපන් යුද්දෙදිත් සපෝට් කරලා තියෙනවනේ අනිත් එක ඇමරිකාව අදහගෙන වගේ නේ උන් ඉන්නේ....ඒක නිසා උන් සමහරවිට එක පැත්තක්වත් නොගෙන ඉඳියි මොකද ඉල්ලං කන්නත් බෑනේ...:D
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    uba film balanawa wadi machan. dan mole wikurthi wela...:rofl: film ekaka plot ekata nam maru :D

    එහෙම සීන් එකකුත් තියෙනවා තමයි බ්‍රෝ....මට නිකන් ෆිල්ම් එකක් වගේ මේක මැවිලා පෙනුනා....ඒ වෙලේම අදහස අකුරු කරා....:yes::D
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Machan oya story eke ape Maha rak Mahinda lokka koheda inne?wameda dakuneda nattan arabiyeda?

    මහින්ද ලොක්ක හිටියොත් නම් ආසියාව එක්ක එකතු වෙන්න වෙනවා, මොකද අපි වගේ රටවල් වලට තනියෙන් ඉන්න බෑනේ ආසියාවේ ප්‍රබලයෝ එකතු වෙද්දී....ඉන්දියාව ඉතින් ටිකක් බලවත් නිසා තනි තීරණ ගන්න පුළුවන් කමක් තියෙනවා ඒත් අපිට එහෙම බෑනේ....මම හිතන්නේ මහින්ද මාමට මොලයක් කියල එකක් තියෙනවනම් අනිවා ආසියාවේ පැත්ත ගනියි....:yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් සහෝ අපි වගේ පොඩි දූපත් වලට මොනවා වෙයිද දන්නේ නෑ, සමහරවිට මද්‍යම කඳුකරය විතරක් ඉතුරු වෙයි......ඒ වගේ අවස්තාවකදිත් ඉන්දියාව ඇමෙරිකාවේ පැත්ත ගත්තොත් මුලින්ම දීල අදින්න ඕනි ඉන්දියාවට.....මම හිතුවේ නම් ඒ ඔක්කොම එකතුවෙයි කියල ආසියාව ගැන පොදු මතයේ ඉදන්....ඔස්ට්‍රේලියාව නවසීලන්තේ මුලින්ම අයින් කරේ උන් නම් ඉස්සර ඉඳලම ඇමෙරිකාවට සපෝට් නේ....ජපන් යුද්දෙදිත් සපෝට් කරලා තියෙනවනේ අනිත් එක ඇමරිකාව අදහගෙන වගේ නේ උන් ඉන්නේ....ඒක නිසා උන් සමහරවිට එක පැත්තක්වත් නොගෙන ඉඳියි මොකද ඉල්ලං කන්නත් බෑනේ...:D

    :):):)

    ඔව් ඔයා කියන කතාව ඇත්ත තමයි ඕස්ට්‍රේලියා නවසිලන්ත ගැනනම් කතා කරලා වැඩක් නැහැ ,,,
    ඒත් පොඩ්ඩක් හිතන්න සහෝ ඔය වගේ දෙයක් ඇතිවුනොත් චීනය නිතැතින්ම ඔතන නායකත්වයට පත්වෙනවා.
    ඒ කියන්නේ පකිස්ථානයටත් හොද තැනක් ලැබෙනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.
    එහෙම වාතාවරණයක් යටතේ ඔච්චර උද්දච්ච ඉන්දියාව අපේ පස තවත් රැදේවියයි මටනම් හිතන්න අපහසුයි.
    උන්ට නායකත්වය දෙනවානම් රැදිසිටීම ගැන සලකා බලයි.
    තවත් දෙයක්,,,
    ඔයාට හිතෙන්නේ නැද්ද දැනට පත්වෙලා ඉන්න තත්වය අනුව ජර්මනිය සහ රුසියාව අපට එකතුවේවි කියලා.

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ela ela,,maru storiya,,,film ekakata nam maru

    :):):)

    ඔව් ඔයා කියන කතාව ඇත්ත තමයි ඕස්ට්‍රේලියා නවසිලන්ත ගැනනම් කතා කරලා වැඩක් නැහැ ,,,
    ඒත් පොඩ්ඩක් හිතන්න සහෝ ඔය වගේ දෙයක් ඇතිවුනොත් චීනය නිතැතින්ම ඔතන නායකත්වයට පත්වෙනවා.
    ඒ කියන්නේ පකිස්ථානයටත් හොද තැනක් ලැබෙනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.
    එහෙම වාතාවරණයක් යටතේ ඔච්චර උද්දච්ච ඉන්දියාව අපේ පස තවත් රැදේවියයි මටනම් හිතන්න අපහසුයි.
    උන්ට නායකත්වය දෙනවානම් රැදිසිටීම ගැන සලකා බලයි.
    තවත් දෙයක්,,,
    ඔයාට හිතෙන්නේ නැද්ද දැනට පත්වෙලා ඉන්න තත්වය අනුව ජර්මනිය සහ රුසියාව අපට එකතුවේවි කියලා.

    අහ්හ්, ආසියාව කිව්වම රුසියාව අයිති වෙන්නේ නැද්ද සහෝ, මට ටැපලුනද මන්ද.....රුසියාව තමයි මම නම් ලොක්ක කරේ....ඔව් ඒක ඇත්ත ඔය ඉන්දියාව කියන්නේ නම් ෂුවර් නැති රටක්.....ජර්මනිය සපෝට් කරන්නේ ඇයි? මම නම් හිතුවේ නෑ යුරෝපේ පැත්තේ එක රටක් වත් සපෝට් කරයි කියල.....:no:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    මේ යන හැටියට නම් ඉස්සරහට වෙන්න පුළුවන් දෙයක්..මේ වගේ යුද්දයක් ඇති උනොත් චීනය,රුසියාව ,ඉන්දියාව(අකමැත්තෙන් උනත්),උතුරු කොරෙයාව ,පකිස්ථානය වගේ රටවල් එක පැත්තකට එන්න ඕනේ..එහෙම උනොත් බටහිර ප්‍රතිවාදීන්ට ගොඩක් අමාරු වෙයි කියල හිතෙනවා..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය හා එකඟ නොවුනත් මම ඇමෙරිකාවට සපෝර්ට්. උන් නොහිටින්න මේ හම්බ හැත්ත මුළු ලෝකෙම අල්ලලා ඉවරයි. අනිත් එක උන්ගේ තියෙන ජීවන ක්‍රමය සහ නිදහස් චින්තනය නිසා බඩුවක් හෝ සේවාවක් මාර්කට් කරන්න ලේසියි. ඒක නිසා තමයි උන්ගෙන් ඔච්චර නව නිර්මාණ බිහිවෙන්නේ. අනිත් එක අපි ඉන්ටර්නෙට් ගිහින් බැලුවොත් 90% නොමිලේ දෙන සේවාවන් අයිති ඇමෙරිකාවට.