FYI, නැන්දම්මා මාමා පාරෙ වැටිලා හිටියත් උඩින&#

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,033
    35,976
    113
    වොන්ඩර් ලැන්ඩ්
    FYI, නැන්දම්මා මාමා පාරෙ වැටිලා හිටියත් උඩින&#

    කුමාර තිරිමාදුර කියලා කියන්නෙ අපේ රටේ ඉන්න දක්ෂ, ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක්. පහුගිය කාලෙ ඔහු මුහුණ දුන් අත්දැකීමක් සිය මුහුණු පොතේ සටහන් කරල තිබුනෙ මෙරට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ මොනතරම් පහත් විදියටද කියන එක ගැන දෙපාරක් හිතන්න දෙයක් එකතු කරලා.

    කොහොම වුනත් කුමාර තිරිමාදුර විසින් කියපු ඒ කතාව නැවතත් සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ කතා බහට ලක්වෙලා තියෙනවා.

    එම සටහන පහතින්

    දුවව ක්ලාස් එකෙන් ගන්න මමත් මගේ බිරිඳත් වාහනෙන් ක්ලාස් එක ළඟට ගියා. අට හමාරට විතර ඇති. ක්ලාස් ඇරෙන්න තව වෙලා තිබුණ නිසා අපි මොරකැටිය හංදිය පැත්තට ගියා. අපි ආපහු ක්ලාස් එක පැත්තට එද්දි නෝනා කිව්වා බස් හෝල්ට් එකේ කවුද වයසක කෙනෙක් ඉන්නවා කියලා. මම වාහනයෙන් බැහැලා ගිහින් බැලුවා.

    බලනකොට ගොඩාක් වයෝවෘද්ධ කෙනෙක්. මම ඇහුවා ඇයි තාත්තෙ පාරෙ කියලා. ඔහු කිව්වා දරුවො මාව ගෙනැල්ලා පාරට දැම්මා කියලා. මහත්තයා කුමාර තිරිමාදුර නේද...? මේ වයෝවෘද්ධ පුද්ගලයා මාව හඳුනත්තා.

    පස්සෙ මම අපේ දුවව ගෙදරින් දාලා බොරැල්ල ලංකාරාමෙ අපෙ පොඩි හාමුදුරුවන්ට කතා කළා. එහෙ මහළු මඩමක් තිබුණා. මම පොඩි හාමුදුරුවන්ට කිව්වා අනේ පොඩි හාමුදුරුවනේ පාරෙ වයෝවෘද්ධ කෙනෙක් ඉන්නවා. ළමයි එයාව දාලා ගිහිල්ලා කියනවා. ඒ වයසක කෙනාව එක්ක එන්නද ? කියලා මම ඇහුවා.

    හා හා මහත්තයා එක්කගෙන එන්න කියලා පොඩි හාමුදුරුවො කිව්වා. ඊට පස්සෙ මම වයෝවෘද්ධ පුද්ගලයාවත් වාහනේ දාගෙන බිරිඳත් එක්ක බොරැල්ලෙ පංසලට ගියා. එතනට ගියාම ලොකු හාමුදුරුවො කිව්වා අපිට බාර ගන්න බැහැ කියලා. ඊට පස්සෙ පොඩි හාමුදුරුවොත් ගොඩක් අසරණ වුණා.

    ඊට පස්සෙ මම කිව්වා ලොකු හාමුදුරුවනේ බුදු හාමුදුරුවො සුනීත සෝපාකලා ව සොහොනෙ ඉඳලා අරගෙන ඇවිත් පිහිට වුණා. ඇයි ඔබ වහන්සේලාට මෙහෙම කෙනෙක් කරදරයක වැටුණාම උදවු කරන්න බැරි කියලා. නෑ නෑ මෙහෙ තියා ගන්න බැහැ කියලා හාමුදුරුවො කිව්වා. මම කිව්වා අනේ හාමුදුරුවනේ හෙට උදේ වෙනකල් වත් තියා ගන්න බැරිද කියලා. ඒත් බෑ කියලා කිව්වා. මම ලොකු හාමුදුරුවන්ට බුදුසරණයි කියලා තුන්සැරයක් වැඳලා පංසලෙන් පිටත් වුණා.

    මම තාමත් කල්පනා කරනවා බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ජේතවනාරාමෙ වටේ තාප්ප ගහලා තිබුණද, එහෙම නැත්නම් ගේට්ටු දාලා තිබුනද ? කියලා. එහෙම ගේට්ටු දාලා තාප්ප ගහලා තිබුණා නම් පටාචාරාට කිසා ගෝතමීට එන්න හම්බ වෙන්නෙ නැහැ.
    ඉතින් මේ වයෝවෘද්ධ පියාවත් අරගෙන මම තව තැන් කිහිපයකට ගියා. ඒත් මේ තාත්තාව බාර ගන්න කව්රුත් කැමති වුණේ නැහැ.

    අන්තිමට මම අපේ ගෙදරට එක්ක ගෙන ආවා. ඊට පස්සෙ පහුවදා නැවතත් උත්සාහ කළේ තව මහළු මඩම් කිහිපයකට එයාව යොමු කරන්න. ඒත් බැරි වුණා. මහළු මඩම් වල ඉඩ නැහැලූ. අන්තිමටම මම මේ තාත්තව පොලිසියට එක්කගෙන ගියා. එතනදි තමයි රටක නීතිය ක‍්‍රියාත්මක වෙන විදිය මොන තරම් නම් නරකද කියලා දැනෙන්න ගත්තෙ. අපි අන්ත අසරණ වුණා.
    මේ පුද්ගලයාව හෙට දිනයේදී උසාවියට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඒ මදිවට මටත් විත්ති කූඩුවට නගින්න වෙනවා කියලා පොලිසිය කිව්වා.

    පාරෙ හිටපු අසරණ මනුෂ්‍යයෙක්ටයි මම උදවුවක් කරන්න ගියෙ. එවැනි උදව්වකදී නීතිය මට මේ තරම් කරදර කරනවාද කියන එක මට දැනෙන්න ගත්තා. මගේ බිරිඳට පොලිස් නිලධාරියෙක් ප‍්‍රකාශ කරලා තිබුණේ ඔයාගෙ නැන්දම්මා මාමා පාරෙ වැටිලා හිටියත් උඩින් පැනලා යන්න. ඒගොල්ලන්ව උස්සගෙන ඇවිල්ලා නැති කරදර වල පැටලෙන්න එපා කියලා.

    අන්තිමට මම කිව්වා මම උසාවි ගාණෙ යන්න වරදක් කරලා නැහැ. මේ වයසක තාත්තා එහෙම වරදක් කරලත් නැහැ. ඊට පස්සෙ පොලිසියෙන් කිව්වා පාරෙ හිටපු මනුස්සයෙක් කියලා ඉස්පිරිතාලයකට බාර දෙන්න කියලා. ඊට පස්සෙ අපි ඒ තාත්තව හෝමාගම ඉස්පිරිතාලෙට බාර දුන්නා.

    ඉතින් මම අද දුක් වෙනවා මගේ රට ගැන. අනේ මේ රටේ තව කෙනෙකුට උදවුවක් කරන්න එපා කියලද කියන්නෙ. උදේ ඉඳන් බණ අහන රටක්නෙ මේක. බණ කියන හාමුදුරුවො දේශනා කරන්නෙ කාට හරි හැම වෙලාවෙම උදවුවක් කරන්න කියලා. ඒ වුණාට අනේ බුදු හාමුදුරුවනේ මට සමාවෙන්න මේ ලංකාව ඇතුළෙ නම් ආයෙ කිසිම කෙනෙකුට උදවු කරනවා තියා හිතන්නෙ වත් නෑ. මොකද උදවු කළාම නඩු දාන අමුතුම වර්ගයේ දිවයිනක් දැන් මේක.

    - කුමාර තිරිමාදුර -
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,289
    113
    ලොකු හාමුදුරුවරුන්ගෙ වැඩ ගැන නම් කථා කරල වැඩක් නෑ..
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔන්න ඔකේ තියෙනෝ හොඳම හරිය, "ඉස්පිරිතාලෙට බාරදෙන්න".
    ඕක තමයි හැමතැනම වෙන්නේ. ලෙඩාව බර දෙනවා ඉස්පිරිතාලෙට. හේතුව බර ගන්න කෙනෙක් නැති කම. එහෙම ආවම ලෙඩක් ඇත්තේ නැහැ, හබැයි ගෙදර යවන්නත් බැ යන්න තැනක් නැති නිසා. ඊට පස්සේ ඉස්පිරිතාලේ ඇඳක් දෙන්න වෙනවා. ගොඩක් වෙලාවට ඔහොම එන්නේ, බිමක ඉන්න බැරි තනියම වැඩක් කරගන්න බැරි කෙනෙක් නිසා. ඒ ඇඳක් දෙන්න වෙන්නේ වෙන කෙනෙක් බිමට බස්සලා (අපේ ඉස්පිරිතාල වල එච්චරටම ඇඳන් තියෙන නිසා තමයි එහෙම කරන්නේ.) ඊට පස්සේ ඒ බැහැපු කෙනා අපිට බනින එක තමයි කරන්නේ. ඒ මදිවට වෙන අමාරු ලෙඩෙක් අවොත් ඔය වසක අය ඇඳ දෙන්නේ නැහැ. ඊට පස්සේ අමාරු ලෙඩාගේ ගෙදර එවුනුත් අපිට බනිනෝ.
    ඉස්පිරිතාලේ තියෙන සීමිත භෞතික හා මානව සම්පත්, මේ හේතුවක් නැතුව ඇතුල් වුන අයට වෙන් වෙනවා. එකෙන් වෙන්නේ ඒ සම්පත් අත්‍යවශ්‍ය ම කෙනෙක්ට නොලැබීම හරි අඩුවෙන් ලැබීම හරි තමයි.

    ඊට පස්සේ තමයි හොඳම ටික වෙන්නේ. ඉසිපිරිතාලේ කියන්නේ අනවශ්‍ය විදියට ඉන්න හොඳ තැනක් නෙවේ. ඉතින් මොකක් හරි අහක යන ලෙඩක් ඔය මනුස්සයට හැදෙනෝ. ගොඩක් වෙලාවට එහෙම හැදෙන ඒවා හොඳ කරන්න අමාරු ඒවා. ඉතින් එක්කෝ ගොඩක් කල් බෙහෙට් කරලා කරලා හොඳ වෙනවා, නැත්නම් ඉතින් වයස නිසා මරණයට පත් වෙනවා.
    එහෙම හොද වුනත් අපිට යවන්න තැනක් නැහැ. කව්රු වත් බාරගන්නෙත් නැහැ. වාට්ටුවේ තියෙන වැඩත් එක්ක හොයල බලනවා කියල ලොකුවට මොකුත් කරන්නත් බැහැ.

    ඔය වගේ ලෙඩ්ඩු නොවන ලෙඩ්ඩු කියක් ඉන්නවද, ඒවා නිසා අපි කොච්චර අමාරු වල වැටෙනවා ද කියල අපි විතරයි දන්නේ.
    ඉතින් මේවට හරි විසඳුමක් අවශ්‍යයි. නැතුව ඉස්පිරිතාලෙට බාර දෙන එක නෙවෙයි විසදුම. එකෙන් වෙන්නේ ඇත්තටම සේවාව අවශ්‍ය මනුස්සයට හානියක් වගේම, වැඩ කරන මනුස්සයටත් අනවශ්‍ය බරක්. වගේම අර අසරණ මනුස්සයටත් අසාදාරනයක්.:dull:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මන්ද මේවා ඇහුවම කල කිරෙනවා. මොනවා කියන්නද කියල හිතාගන්න බෑ:no: