hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,884
    35,789
    113
    වොන්ඩර් ලැන්ඩ්

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මේ වනවිට සිය නිවසේ ද නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි. කොළඹ සහ කළුතර පිහිටි ඒ මහතාගේ නිවෙස් වෙත ඊයේ(24දා) ගිය සීඅයිඩී නිලධාරීන්ට එම නිවෙස්හි සිටි
    පුද්ගලයින් පවසා ඇත්තේ හිටපු ඇමැතිවරයා මෙම කිසිම නිවසකට මේ දක්වා නොපැමිණි බවය.


    නීතිපති උපදෙස් මත ලබාගත් අධිකරණ වරෙන්තුව අනුව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (25දා) කොළඹ සහ බේරුවල පිහිටි ඔහුගේ නිවෙස් වෙත ගොස් ඇතත් එම නිවෙස් වල හිටපු ඇමැතිවරයා සිට නැත.

    නිවැසියන්ගෙන් සිදුකළ විමසීම්වලදීද රාජිත සේනාරත්න මහතා ආගිය අතක් පිළිබඳ නිශ්චිත තොරතුරක් පොලිසියට ලැබී නොමැති අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම ව්‍යර්ථ වීම නිසා අදාළ නිලධාරීන් ආපසු පැමිණ තිබේ.

    මේ අතර මාධ්‍ය මගින් චතුර සේනාරත්න මහතාගේ ජංගම දුරකථනය ඇමතීමේදී එයට පිළිතුරු දුන් පුද්ගලයකු පැවසුවේ චතුර සේනාරත්න මහතාගේ දුරකථනය තමන්ගේ දුරකථනයට සම්බන්ධ කර තිබෙන බවත් ඔහු සිටින්නේ කොහේදැයිද තමන් නොදන්නා බවත්ය.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25 දා) දිනය පුරා හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා දරනු ලැබූ සියලූ උත්සාහයන් ව්‍යර්ථ වී තිබිණි.


    මේ අතර ඔහු කිසියම් පුද්ගලික රෝහලක රැදී රහසිගතව සැගව සිටීදැයි යන්න ගැන විමර්ශනයක් පවත්වන බවද වාර්තාවේ.

    තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයට තුන්වැනි වරට ඉදිරිපත් කළ අපේක්‍ෂිත ඇප අයැදුම ලබන 30 වැනිදා සලකා බැලීමට නියමිතය.






    අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලැබී සිටිනා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සැඟවී සිටිනා බව වාර්තා වේ.

    රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර දින දෙකක් ඉක්මවා කල් ගත වුවද මේ වනතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී නැත.

    රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට අයත් කොළඹ සහ බේරුවල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස දෙකක්ම අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කළද එම නිවාස වලින්ද ඔහු පළා ගොස් තිබෙන බව වාර්තා වේ. මන්ත්‍රීවරයාගේ නිල නිවසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කළද එම නිවසේද රාජිත සේනාරත්න නොසිට ඇත.

    රාජිත සේනාරත්න සොයා තවත් නිවාස කිහිපයක් මෙන්ම පෞද්ගලික රෝහල් කිහිපයක් ම සොයා බැලු නමුත් ඔහු ඒවා එකකවත් සොයා ගැනීමට නොහැකිවී තිබේ.

    වාර්තා වන්නේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ප‍්‍රභූ ආරක්ෂක නිලධාරීන්ද නොමැතිව ජංගම දුරකථනය පවා ක්‍රියාවිරහිත කරගෙන සැඟව සිටිනා බවයි.





    තමන් අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වේ.

    ඔහුගේ නීතිඥයන් මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් හිටපු ඇමතිවරයා මෙම ඉල්ලීම කර ඇති බව සඳහන්.

    කෙසේ වෙතත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම උදෙසා අධිකරණය විසින් අදාල වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව තවමත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පොලීසියෙන් සහ නීතියෙන් සැගවී සිටී.





    පසුගිය දිනයේ බෙදුම්වාදී ප්‍රකාශ සිදු කළ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට ගෙන්වා පරීක්ෂණ සිදු කිරීමට ආරක්ෂක අංශ බළධාරීන් තීරණය කර තිබේ.

    ශිවාජිලිංගම් පවසන්නේ පසුගිය මැයි මාසයේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සැමරීමේ සැමරුම් සතිය නමැති වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙලෙසට තමන්ට ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත කැදවීමක් සිදුකොට ඇති බවය.

    හෙට(27) දිනයේ තමන්ට කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත පැමිණෙන ලෙසට දැනුම් දුන් බව ශිවාජිලිංගම් පවසනවා.

    අවසන් යුධ සමයේ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදි ජිවිතක්ෂයට පත්වු දෙමළ ජනතාව සැමරී‍මේ ජන සංහාර සැමරුම් සතිය නමැති සැමරුම් වැඩසටහනක් පසුගිය මැයි මස 12 වැනිදා සිට සතියක කාලයක් පැවැත්විණ.

    සිද්ධිය සම්බන්ධයෙන් ශිවාජිලිංගම් පැවසුවේ තමන් ඇතුළු උතුරේ දෙමළ ජනතාව යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහි කිරීමේ වැඩසටහනක් පමණක් පැවැත්වු බවයි. යුද්ධයෙන් මියගිය සහෝදර ජනතාව සිහි කිරීම වැරද්දක් නොවන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් එම්. කේ ශිවාජිලිංගම් පසුගිය සමය පුරාවටම බෙදුම්වාදී ප්‍රකාශ කළ අතර එය නව රජයේ ඉහළම බලධාරීන්ගේ අවදානයට ලක්ව තිබෙන බවත් වාර්තා වේ.


    පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෑන් රථයක ගමන් කරමින් සිටියදී අනතුරකින් මියගිය ඉන්දියානු ජාතිකයින් තිදෙනා කවුරුන්ද යන්න ගැන ඉන්දීය පුවත්පත් ඊයේ පළ කළ වාර්තා මගින් තහවුරු කර තිබෙන අතර එහිදී හෙළි වන්නේ එසේ මියගොස් ඇත්තේ
    ඉන්දියාවේ සුප්‍රකට ගත්කතුවරයෙකු වන මහාචාර්ය ගංගා ප්‍රසාද් විමල් හා ඔහුගේ දියණිය හා මුණුපුරෙකු මෙම අනතුරින් මියගොස් ඇති බවයි. තුවාල ලබා ඇත්තේ එම මියගිය දියණියගේ සැමියා හා මිණිපිරියයි.
    අනතුර සිදුවන අවස්ථාවේ 67 හැවිරිදි ශ්‍රී ලාංකික රියදුරු හා ඉන්දියානුවන් පස් දෙනෙකු මාතර සිට කොළඹ බලා යමින් සිටි අතර කන්ටේනර් ලොරි රථය කිලෝමීටර 25 ක වේගයෙන් ගමන් කරමින් සිටියදී වෑන් රථය ලොරි රථයේ පිටුපස ගැටී අනතුර සිදුවූයේ රියදුරුට නින්ද යාම නිසා බව සැක කෙරිණි.
    අනතුර නිසා එම රථයේ ගමන් කළ රියදුරුත් මහාචාර්යවරයාත් ඔහුගේ දියණිය හා මුණුපුරුත් මියගියා.
    මහාචාර්යවරයාගේ දියණිය තනුප්‍රියා ෆයිගාල් හා ඇගේ 18 හැවිරිදි පුතු ෂෙරියාස් ෆයිගාල් මෙහිදී මියගිය අතර මහාචාර්යවරයාගේ දියණියගේ සැමියා හා 12 හැවිරිදි මිණිපිරිය මෙම අනතුරින් තුවාල ලබා ඇත.
    මියගිය 67 හැවිරිදි රියදුරු ලක්ෂ්මන් කරුණාරත්න නමැත්තකුය. ඔහු නැසීගිය ප්‍රවීණ නිවේදක හේම නලින් කරුණාරත්නගේ වැඩිමල් සොයුරෙකු බවද පැවසිණි.
    මියයන විට 80 හැවිරිදි වියේ පසුවූ මහාචාර්ය ගංගා ප්‍රසාද් විමල් එරට විශ්ව විද්‍යාලවල හින්දි භාෂා ආචාර්යවරයෙකු

    ලෙස විශාල වැඩ කොටසක් කර ඇති අයෙකි. පංජාබ් විශ්ව විද්‍යාලයේත්, දිල්ලි විශ්ව විද්‍යාලයේත්, ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයේත් දීර්ඝ කාලීන සේවාවක නියැළි ඔහු පර්යේෂණ කෘති රැසක හිමි කරුවෙකි. ඔහු අතින් රචනා වී ඇති කවි පොත් ගණන 11 කි. ප්‍රබන්ධ කතා පොත් 16 කි. හින්දි බසට පරිවර්ථනය කළ පොත් හා සංස්කරණයෙන් දායක වූ පොත් ගණන 30 කි. ඔහු එරට සාහිත්‍ය සම්මාන ගණනාවකින්ද පිදුම් ලැබූවෙකි.
    මියගිය ගංගා ප්‍රසාද් විමල් මහාචාර්යවරයා වෙනුවෙන් ඉන්දීය ඇමති රමේෂ් පොක්නයාල් රජයේ ශෝකය පළ කරමින් නිවේදනයක්ද නිකුත් කර තිබේ.