G-20 සමුළුව ඇරඹෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    g20-file.jpg


    18 වැනි G-20 සමුළුව අද (09) ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දී ආරම්භ වේ.

    රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර G-20 සමුළුව දකුණු ආසියාතික රටක පැවැත්වෙන්නේ පළමු වරටයි.

    ඊට සමගාමී ව දිල්ලි අගනුවර විශේෂිත ආරක්ෂණ වැඩ පිළිවෙළක් ද යොදවා තිබේ.

    මේ අතර, සමුළුව ආරම්භයට පෙර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර විශේෂිත ද්විපාර්ශ්වික හමුවක් ද පැවැත්විණි.

    එහි දී ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීම වෙනුවෙන් සහාය දක්වන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අවධාරණය කර ඇත.

    මෙවර සමුළුවේ දී කාලගුණ විපර්යාස, ආහාර සුරක්ෂිතතාව සහ දුගී රටවල් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවදානය යොමු කෙරෙන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

    කෙසේ වුව ද මෙවර සමුළුවට ලොව ප්‍රබල රාජ්‍ය නායකයන් වන රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ චීන ජනාධිපති ෂී.ජින්පින් එක් නොවන බව සඳහන්ය.

    මේ අතර, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරය වන මොහොමඩ් බින් සල්මාන් ද G-20 සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දියාවට පැමිණ ඇති බව වාර්තා වේ.

    https://www.youtube.com/live/4LMrmyJ9JZM?si=UwTZS8dMqth-TEZv