Galle Face හිදී කෙල්ලෙක් මුහුදට පනී
ගාලූමුවදොර දී, මුහුදට පැන සිය දිවි හානි කර ගැනීමට තැත් කිරීමේදී බේරා ගත් කාන්තාව මියගොස් තිබෙනවා. අද (04) දහවල් ඇය සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ අතර, පොලිසිය විසින් ඇය බේරා ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. එහිදී ඇය මියගිය බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. 42 හැවිරිදි මෙම කාන්තාව සියදිවි හානි කර ගැනීමට තැත් කළ හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. එමෙන්ම, ඇගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අඩි 5 යි අඟල් 02 ක් උස ඇය මියයන විට දම් පැහැති තද කොළ මිශ‍්‍ර මල් සහිත ගවුමක් ඇඳ සිටි බවයි එම කාර්යාලය කියා සිටියේ. එමෙන්ම ඇගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙසද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
Source: http://www.lankagossipgirl.com/2014/01/galle-face.html

Last edited:
එ ගෑනිට ඡිවිතේ එපා වෙන්න තරම් ප්‍රශ්ණ ඇති නැත්නම් ආසවට මුහුදට පනිනවද?