උසාවි නියෝගයෙන් ගෙයි අයිතිය ගන්න ගිහාම යන්න බෑ කී කාන්තාව ගිනි තබාගෙන

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හෝමාගම දිසා අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක් ක්‍රියාත්මක කිරීමට ගිය අධිකරණ නිලධාරීන්ට බාධා කරමින් නිවසේ සිටි කාන්තාවක් සිය සිරුරට ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බව කොට්ටාව පොලිසිය වාර්තා කරයි. මෙම සිද්ධියේදී බරපතල පිලිස්සුම් තුවාල ලැබූ එම කාන්තාව සහ තුවාල ලැබූ පොලිස් නිලධාරිනිය හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.



    සිද්ධිය වාර්තා වී ඇත්තේ පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේදී ය. හෝමාගම දිසා අධිකරණයේ දිසා විනිසුරුවරයාගේ නියෝගයකට අනුව, කොට්ටාව-හොරණ පාරේ පිහිටි දේපළක භුක්තිය එහි නීත්‍යානුකූල හිමිකාරිනිය වන කාන්තාවට භාර දීම සඳහා අධිකරණ නිලධාරීන් පැමිණ තිබිණි. මෙම කාර්යය සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය, කොට්ටාව පොලිසියේ නිලධාරියෙකු සහ නිලධාරිනියක ද සහභාගී වී තිබේ.

    අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට පැමිණි අවස්ථාවේ, එම නිවසේ සිටි කාන්තාව දැඩි විරෝධයක් දක්වමින් නිවසේ දොරවල් වසා දමා ඇත. ඉන් අනතුරුව ඇය නිවසට ගිනි තැබීමට උත්සාහ කර ඇති අතර, පොලිස් නිලධාරීන් විසින් එය වැළැක්වීමෙන් පසු, කාමරයකට ගොස් භූමිතෙල් බෝතලයක් හිසේ සිට වක්කර ගිනි තබා ගැනීමට තැත් කර තිබේ.

    පොලිස් නිලධාරිනිය විසින් එම උත්සාහය වළක්වා ඇති අතර, හෝමාගම දිසා අධිකරණයේ සිතාසි බෙදන නිලධාරියා මහත් අපහසුවෙන් කාන්තාව අතේ තිබූ ගිනිපෙට්ටිය උදුරාගෙන, එය භූමිතෙල් බෝතලය සමඟ පිටතට විසි කර තිබේ.



    කෙසේ වුවද, කාන්තාව වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා නාන කාමරයට ගොස් ඇත. පොලිස් නිලධාරිනිය දොර අසල මුරට සිටියද, කාන්තාව නාන කාමරයේ දොරමුල්ලෙන් සොයාගත් ගිනිපෙට්ටියකින් සිය සිරුරට ගිනි තබාගෙන ඇත. ගිනි ගත් ඇය කාමරයේ ඇඳේ තිබූ මෙට්ටය මතට යාමට උත්සාහ කළ අවස්ථාවේ, පොලිස් නිලධාරීන් ඇය බිමට දමා, පැමිණ සිටි අනෙක් පුද්ගලයන්ගේ සහය ඇතිව ගින්න නිවා දැමීමට සමත් වී තිබේ.

    බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලැබූ කාන්තාව 1990 සුවසැරිය ගිලන් රථයෙන් හෝමාගම දිසා රෝහල වෙත රැගෙන ගොස් ඇත. මෙම සිද්ධියේදී කාන්තාවට උදව් කිරීමට ගිය පොලිස් නිලධාරිනියගේ අතටද පිලිස්සුම් තුවාල සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

    කොට්ටාව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් ද සොයිසා මහතාගේ මෙහෙයවීම යටතේ සිදු කෙරෙන විමර්ශනවලට අනුව, එම කාන්තාවට එරෙහිව දේපළවලට හානි කිරීමට තැත් කිරීම, සියදිවි නසා ගැනීමට තැත් කිරීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට ගිය අධිකරණ කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

    @Solo Rider mehe waren, uba homagama neda
     
    • Haha
    Reactions: wqe123

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,300
    34,972
    113
    සියලු සත්වයෝ
    වෛර නැත්තෝ වෙත්වා!
    තරහා නැත්තෝ වෙත්වා!
    ඊරිසියා නැත්තෝ වෙත්වා!
    දුක්පීඩා නැත්තෝ වෙත්වා!
    ශාන්ත සුවයට පත්වෙත්වා!
     
    • Like
    Reactions: SLK_sri

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් ඉතින් වැඩේ විසදිලා නේ ලේසියෙන් ම
    ගෑනි ඉස්පිරිතාලේ. ඉස්පිරිතාලෙන් කෙලින්ම පොලිසියට පොලිසියෙන් උසාවි
    උසාවියෙන් දවස් 30ක් වත් අතුලගේ ගියොත් වෙනම සීන් එකක්
    කුලී කාරී ගෙදරින් එලියට යවාගන්න නෙමේ සතියකට වගේ වත් එන්න බැරි විදිහට වැඩේ කොරන්
    නිවස අයිති කාරයට ඕනා වැඩේ වෙලා :ROFLMAO:
     
    • Like
    Reactions: Amstrak

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පට්ට වේසි මැරිලම යන්න ඕන. අනුන්ගේ ගෙවල් වල ලැගල බලපන් මරාගෙන හරි මැරෙන්න ලෑස්තියි ගේ අයිති කර ගන්න.
     
    • Like
    Reactions: priyade