
සී බාත් එකෙන් නාලා ආතල් එකක් අරන් වරෙන්.. හැබැයි සී බාත් එකේ දැන් වතුර නැහැ වෙනදා වගේ.. වැලි පිරිලා.. හොඳට පීනන්න පුළුවන් නම් ජැටියෙන් නාපන්.. එතන හැබැයි පෙලක් දවස් වලට තෙල් තට්ටු පාවෙනවා.. රස්නෙත් එක්ක ඒවට ඇඟ පිච්චෙනවා.. පෙලක් දවස් වලට කූනිස්සො ඉන්නවා.. එදාට නම් පනින්න හිතන්නවත් එපා.. බේරෙන්න බෑ එළවන් ආවොත්.. කඩියො කෑවට වඩා අන්තයි.. පන්සීයක් විතර කෙටුවම සැප කනේ..

