Game of Thrones ගැහුවෙ ලන්කාවෙ ඉතිහාසෙද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    Game of Thrones ගැහුවෙ ලන්කාවෙ ඉතිහාසෙද?

    මීට කලින් 'හෙළ පොටරවත' මඟින් මහා ඉන්ද්‍රජාලික පොටරයන් අපේ හෙළයෙ ආදි මුතුන්මිත්තෙක් බවට අපි සාක්සි සහිතව කරුණු ඉදිරිපත් කළ බව ඔබට මතක ඇති... ඉතින් මෙවරත් අපි සූදානම් වෙන්නෙ ඒවගෙ ආන්දෝලනාත්මක හෙළිදරව්වකට. මෙවර අපි හෙළිදරව් කරන්නෙ 'හෙළ රජසුන් කෙළියෙ' සැඟවුණු කතාන්දරය.

    අවුරුදු දහස් ගණනකට කලින් මේ හෙළ දීපයෙ සිදුවුණු 'හෙළ රජසුන් කෙළිය' ආශ්‍රයෙන් විදේශිකයන් නිපදවපු 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' කතා මාලාව ඔබ හැම කෙනෙක්ම වගේ නරඹලා ඇති. මේක මනංකල්පිත් කතන්දරයක් කියලා බොහෝ අය සිතා සිටියත් ඇත්තටම මේක මේ හෙළ දීපයෙ සිදුවුනු කතාවක් ආශ්‍රයෙන් නිපදවූවක් බවට අපට සාක්සි ලැබිලා තියෙනවා සහ මේ මහා කතාන්දරයෙන් බිදිලා ආපු පොඩි පොඩි කතන්දර තාමත් අපි අතර තියෙනවා... මීට හොදම උදාහරණය තමයි චූලෝදර මහෝදර නා රජවරු අතර මැණික් පුටුවක් නිසා ඇතිවුණු යුද්ධයේ කතන්දරය. ඒ කතන්දරයෙ මැනික් පුටුවක් පිළිබඳව සඳහන් උනත් සැබැවින්ම ඒක යකඩ පුටුවක් බවට අපි අනුමාන කරනවා.

    හෙළ රජසුන් කෙලියෙ ඉතිහාසය රාවණ යුගයටත් පෙර යුගයක් දක්වා දිවෙන එකක්. එම යුගයෙදි හෙළ දීපයෙ ප්‍රධාන ගෝත්‍ර හතරක් වාසය කළා... ඒ යක්ක, නාග, රාක්ෂ සහ දේව යන ගෝත්‍රයි. මෙතනින් රාක්ෂ ගෝත්‍රය සූර්‍ය රාක්ෂ සහ චන්ද්‍ර රාක්ෂ ලෙස කොටස් දෙකකට බෙදුනා... ඒ වගේම නාග ගෝත්‍රය සමුද්‍ර නාග සහ ගොඩබිම් නාග ලෙස තවත් කොටස් දෙකකට බෙදුනා... නමුත් උතුරෙ හිටියෙ මේ ඔක්කොටොම වඩා වෙනස් ගෝත්‍රයක්... ඔවුන් තමයි හෙළ දීපයේ හිටපු මුල් මිනිස්සු... මේ ගෝත්‍ර හතේ එකතුවෙන් තමයි හෙළයේ සත් රාජධානිය නිමවුනේ.

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවට ආශ්‍රය කරගෙන තියෙන්නෙත් මේ හෙළ සත් රාජධානියම තමයි... මේකට හොදම සාක්සිය තමයි සූර්‍ය රාක්ෂයන් තමන්ගෙ සළකුණ ලෙස භාවිතා කළා සූර්යා 'ඩෝර්න්' රාජධානියෙ 'මාර්ටෙල්' වරුන්ගෙ සළකුණ ලෙස භාවිතා කිරීම. ඒ වගේමයි චන්ද්‍ර රාක්ෂයන්ගෙ සළකුණ වෙච්ච චන්ද්‍රයා 'ඒරින්' වංශයෙ සළකුණ ලෙස භාවිතා කිරීම. ඒ වගේම අපි දන්නවා නාගයො කියන්නෙ නාවුක කටයුතුවලට නිපුණ ගෝත්‍රයක් කියලා... මේ නිසා නිසැකයෙන්ම ඔවුන්ගෙ සළකුණ වෙන්නෙ මත්ස්‍ය රූපයක්.. ඉතින් ඔබට මත ඇති 'රිවර්ලෑන්ඩ්' කියන ගංගාශ්‍රිත ප්‍රදේශය පාලනය කළ 'ටලී' වරුන්ගෙ සළකුණ උනෙත් මත්ස්‍යයෙක්ම තමා... ඒකෙන් අපිට අනුමාන කරන්ඩ පුළුවන් ටලීවරුන්ගෙන් සංකේතවත් කරේ ගොඩබිම් නාග ගෝත්‍රය බව... එතකොට සමුද්‍ර නාග ගෝත්‍රය සංකේතවත් කරලා තියෙන්නෙ නාවුක කටයුතුවල විශේෂඥයෝ වෙච්ච 'ග්‍රේජෝයි' වරුන්ගෙන්... ඒ වගේම වර්ථමානයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති 'රාජතැන්න' නම් ප්‍රදේශයේ අතීතයේ දී 'කින්ග්ස්ලෑන්ඩිග්' පිහිටා තිබූ බවත් අපට අනුමාන කරන්ඩ පුළුවන්...

    ඒ අනුව අපිට විස්වාස කරන්ඩ පුළුවන් 'ඩෝර්න්' නමින් අපි හඳුනන සූර්‍ය රාක්ෂයන්ගෙ රාජධානිය පිහිටලා තිබුනෙ වර්ථමාන ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙ කියලා... ඒත් මෙතන තියෙන විශේෂම කරුණ තමයි රාජධානි හයම යටත් කරගත්තු 'ජයග්‍රාහක ඒගොන්' ටවත් 'ඩෝර්න්' යටත් කරගන්ඩ බැරි උනා... පස්සෙකාලෙක 'ඩේරන්' කියලා රජකෙනෙක් 'ඩෝර්න්' යටත් කරගන්නකම්ම 'ඩෝර්න්' එහෙමත් නැත්තන් වර්ථමාන දකුණු පළාත තිබ්බෙ වෙනම රටක් විදිහට... ඉතින් දකුණ කියන්නෙ වෙනම රටක් කියන එක වර්ථමාන හැදිච්ච මතයක් නෙමේ අවුරුදු දහස් ගාණක් ඉතිහාසයක් පුරා පැවතුන මතයක් කියලා මේකෙන් පැහැදිලි වෙනවා...

    එතකොට 'වින්ටර්ෆෙල්' පිහිටපු උතුර තිබ්බෙ කොහෙද... ඇත්තටම උතුර තිබ්බෙ වර්ථමාන ලංකාවේ යාපනය ප්‍රදේශයේ නෙමේ... ඊටත් වඩා උතුරට වෙන්ඩ තිබුනු වර්ථමාන ඉන්දියාවෙ යම්කිසි ප්‍රදේශයක තමා 'වින්ටෆෙල්' සහ පවුර පිහිටලා තිබ්බෙ... මේ උතුරත් දකුණත් එහෙමත් නැත්තන් ලංකාවත් ඉන්දියාවත් යා කරන ගොඩබිම් තීරුවක් තිබුනා... වර්ථමාන ලංකාවේ තලෙයිමන්නාරම සිට වර්ථමාන ඉන්දියාවෙ රාමේශ්වරම් ප්‍රදේශය අතර තමා මේ ගොඩබිම් කොටස තිබුනෙ... රජසුන් කෙළියෙ ඉතිහාසයට අනුව 'බෙල්ල' කියලා හදුන්වන්නෙ ඒ ප්‍රදේශය... 'මුල් මිනිස්සු' උතුර ආක්‍රමණය කරන එක වළක්වන්න 'චිල්ඩ්‍රන් ඔෆ් ද ෆොරස්ට්' නොහොත් 'ලන්දෙ ලමයි' මේ බෙල්ල ප්‍රදේශය විනාස කරලා දානවා... ඒ නිසා තමයි ඒ ප්‍රදේශයේ මුහුදු වතුරින් යටවෙලා වගුරු ප්‍රදේශයක් නිර්මාණය වෙන්නෙ... වර්ථමානය වෙනකොට මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම මුහුදෙන් යටවෙලා තියෙන්නෙ... ඒත් රාමායණය කතාවට අනුව රාමගෙ හමුදාම ලංකාවට එන්ඩ පාවිච්චි කරන 'රාම සේතු' එහෙමත් නැත්තන් 'ආදම්ගෙ පාලම' කියලා හදුන්වන්නෙත් මේ ප්‍රදේශයම තමයි...

    එතකොට මොකක්ද 'ප්‍රාකාරය' කියන්නෙ... දැනට අපි අනුමාන කරන හැටියට මේ ප්‍රාකාරය කියන්නෙ සාහිත්‍යයේදි නිතරම හමුවෙන 'කෛලාස' නම් පර්වතයටම තමයි... කෛලාස පර්වතය කියන්නෙ නිරතුරුවම හිමෙන් වැහුනු පර්වතයක් බව තමයි සඳහන් වෙන්නෙ... ඒ වගේම කෛලාස පර්වතය ආසන්නයෙ 'ශැංග්‍රිලා' පුරය පිහිටලා තිබෙන බවත් අපි අහලා තියෙනවා... ශැංග්‍රිලා පුරයෙ විශේෂත්වෙ තමයි ඒ පුරයෙ ජීවත් වෙන පුද්ගලයන්ට ඉතාමත් හෙමින් වයසට යමින් අවුරුදු දහස් ගණන් ජීවත් වීමට හැකිවීම... ඉතින් 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' කතාමාලාවෙ අපිට හමුවෙන 'රෑ රජු' සහ 'සුදු ඇවිදින්නන්' කියන්නෙත් අවුරුදු දහස් ගණනක් තිස්සෙ ජීවත් වන පුද්ගලයන්... ඔවුන් පැමිණෙන්නෙ කෛලාස පර්වතයට එපිටින් පිහිටි ශැංග්‍රිලා පුරයේ සිට කියලා ඒ අනුව අපිට අනුමාන කරන්ඩ පුළුවන්... එතකොට ශැංග්‍රිලා පුරය කියන්නෙ නොමැරෙනවුන්ගෙ පුරයක්ද එහෙමත් නැතිනම් මළවුන්ගෙ පුරයක්ද කියල ගැටළුවක් ඇතිවන බවත් මතක් කළ යුතුයි...

    ඒ වගේම මේ කෛලාස පර්වතය ආරක්ෂා කරන්ඩ පිහිටවපු 'රෑ රැකුම' ඉතිහාසයේ පළවෙනි පැල් රකින්නන් බව අපට හදුනාගන්නට පුළුවන්... වර්ථමානයේ පවා භාවිතා වන හේන්වල පැල්‍ රැකීමේ මූලාරම්භය රෑ රකින්නනගෙන් ආරම්භ වන බවට අප අනුමාන කරනවා...

    ඊළගට අපි 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' කතාමාලාවෙ එන 'දනේරිස්' රැජිනගෙ චරිතය ගෙන බැලුවම එය ආදි හෙළයේ වීර කාන්තාවක් වෙච්චි 'ධරණී' නම් හෙළ රැජිනියගෙ චරිතය ආශ්‍රයෙන් ගොඩනැගූවක් බව පෙනීයනවා... ධරණී නමින් හැදින්වෙන්නෙ හිස් තුනක් තිබූ 'භේරුණ්ඪ පක්ෂියෙක්' පිට නැගී සටන් කළ අතීත හෙළ රැජිනක්... 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' කතා මාලාවෙ අපිට භේරුන්ඪ පක්ෂියා වෙනුවට දකින්ඩ ලැබෙන්නෙ මකරෙක්... නමුත් 'තාගේරියානු' වංශ සළකුණෙහි ඇති හිස් තුනේ මකරාගෙන් මේ හිස් තුනේ භේරුන්ඪ පක්ෂියා සංකේතවත් වන බව අපිට සිතන්න පුළුවන්... අනෙක් කරුණනම් 'ධරණී' යන්නෙහි අර්ථය 'මහපොළොව' යන්නයි... මහපොළොව මෙන් සියල්ල දරාගෙන සිටින නිසා සමහර තැනක 'අම්මා' ව ධරණීට සමාන කරනවා... ඔබට මතක ඇති 'දනේරිස්' රැජිනට වහල් බොක්කේ වහලුන් 'මීසා' නමින් ඇමතූ බව... 'මීසා' යන්නෙහි අර්ථයත් 'අම්මා' යන්නයි... ඒ අනුව 'ධරණී' සහ 'දනේරිස්' යනු එකම අයෙක් බව පැහැදිලිව දැකගන්න පුළුවන්...

    තාගේරියානුවන් කියන්නෙ ස්වභාවයෙන්ම රණකාමී තරමක් කළහකාරී පිරිසක්... ඉතින් ඒ අනුව වර්තමානයේ භාවිතා වන 'තග දැමීම', 'තග් ලයිෆ්', 'තග්ස්' යන වචන 'තාගේරියන්' යන්නෙන් බිඳී ආ වචන බවට ඇතමෙක් මත පළකරනවා...

    ඒ වගේම 'ධරණී' රැජින සතුව පැවති 'මද්දුම බලකාය' නම් හමුදාවක් පිළිබඳව අපට සාක්සි ලැබී තියෙනවා... මේ හමුදාවට අණදෙන නිළධාරීයාව හදුන්වා ඇත්තේ 'මද්දුම බණ්ඩාර' නමිනුයි... 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' කතාමාලාවේ 'සෙකන්ඩ් සන්ස්' කියා හැදින්වෙන්නේ මේ මද්දුම බලකාය විය හැකි බව අපට අනුමාන කරන්ඩ පුළුවන්...

    රාවණ ඉතිහාසය හොයාගෙන යනකොට අපිට පෙනෙන කරුණක් තමයි රාවණාගේ පියා විශ්‍රවස්මුණි වන බවත්, ඔහුගේ පියා පුලස්ති බවත්... පුලස්ති සෘෂිවරයා කියන්නෙ බ්‍රහ්මයාගෙ දරුවන් අතරින් කෙනෙක්... ඒ අනුව රාවණ ඉතිහාසය ආරම්භ වෙන්නෙ 'බ්‍රහ්ම' ගෙන්... ඒ වගේම අපි දන්නවා 'රජසුන් කෙළිය' කතාමාලාවේ අන්තිමට රජවෙන්නෙ 'බ්‍රැන්ඩන්' නමැති අයෙක්... එතකොට මේ 'බ්‍රහ්මන්' සහ 'බ්‍රැන්ඩන්' යන නම් දෙකේ ඇති සමීප බව නිසා මේ දෙදෙනා එක් අයෙක් බවට අනුමාන ඉදිරිපත් වී තිබෙන බවත් කිව යුතුයි...

    කොහොම වෙතත් 'හෙල රජසුන් කෙළිය' කතන්දරයට සම්බන්ධ සියලුම දේවල් පාහේ මේ වන විට විනාස වී අවසන්... නමුත් එක් දෙයක් පමණක් තවමත් ඉතිරිව තිබෙනවා... අවසාන වශයෙන් ඒ ගැනත් සඳහන් කරන්නම්... ඒ තමයි පසුගිය කාලයේ අම්පාර ප්‍රදේශයෙන් මතු වූ නිට්ටෑවන්... ඇත්තටම මේ නීට්ටෑවන් යනු රජසුන් කෙළියේ එන 'ලන්දෙ ලමයි' බව මේ වන විට අපි සොයාගෙන තියෙනවා... අනෙක් සියළු ගෝත්‍ර විනාශ වෙද්දි ලන්දෙ ලමයි පමණක් තමන්ගෙ මායා බලයේ පිහිටෙන් තවමත් ඉතිරි වී සිටිනවා... ඉතින් ඉදිරියේදී ලන්දෙ ලමයි ගැන වගේම හෙල රජසුන් කෙලිය ගැන තවත් තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වන බවත් කියන්ඩ කැමතියි...


    උපුටා ගත්තෙ
    Fb Zachintha Promod Naotunna
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Time wasting thread. තමන්ගේ ඉතිහාසය මෙහෙම හෑල්ලු කරන්න ලැජ්ජ නැද්ද කලුසුද්දනේ ?:angry::angry::angry::angry::angry::angry:කතාවනම් මුස්ලිම් කඩ වහන්න ...:lol:මේවට කියන්නේ කතාව දෝලාවෙන් .ගමන පයින් කියලා ..:lol::lol::lol:
     
    Last edited:

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    giphy.gif