Game of thrones වල නවතම තතු

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,645
    6,958
    113
    United States
    Game of thrones වල නවතම තතු ගැන Nawayugaya නවයුගය ඩිජිටල් සඟරාවේ ඵලවී ඇති ආකාරය.

    228704759-871290700474752-5850354080129030472-n.jpg


    ඇත්තටම Game of thrones ලෝකයේ හොදම Tv Series එකක්ද ?

    රූපවාහිනී කතා මාලාවල් වල ගමන් මග සම්පූර්නයෙන්ම වෙනස් කල ජනප්‍රිය ලෝක ප්‍රසිද්ධ කතා මාලාවක් තමයි Game of Thrones කියන්නේ. මෙහි අවසන් කතාමාලව ගැටලු රැසක් ප්‍රේක්ෂකයන් හමුවේ තබමින් නිම වූ අතර මේ වෙද්දි ඉන් සමහරෙක් නගන චෝදනාවක් තමයි සමස්ථ කතාමාලව විශ්ලේෂණය කරන කල්හි මෙය ලෝකයේ හොදම tv series එකක් බවට කිව නොහැකියි කියාය. එම නිසාම කතා මාලාව තුල සරලව විශ්වාස කල නොහැකි ගැටළුකාරී සිදුවීම් ගැන අපි අද කතා කරන්න හිතුවා.

    1 Targaryens ගිණි වලට බය නැහැ

    පලමු වෙනි කතා මාලාවේ වඩාත් ආකර්ෂණීය දර්ශන වලින් එකක් වන Khal Drogo ගේ අවමගුල් ගින්න ඔබට මතක ඇති. එහිදි එය සම්පුර්ණයෙන්ම විනාශ වූයේ නැහැ. ඉන් පසුව කතා මාලා කිහිපයකට පසුව Khaleesi එම උපක්‍රමයෙන්ම දැවෙන දේව මාලිගයෙන් පිටතට පැමිනි අතර නරඹන්නන්ට කිසිදු ගැටළුවක් ඇති වූයේත් නැහැ. Targaryens ගිණි වලින් හානි කල නොහැකිය.
    නමුත් පසුව මෙම පැහැදිලිව පෙනෙන කාරණය මිත්‍යාවක් බව George Martin විසින් විසිරුවා හැරියා. කතුවරයාට අනුව, Mother of Dragons ගින්නෙන් හානි කල නොහැක. එය අතිශයින් ප්‍රබල සංසිද්ධියකි. ඒවගේම Khal Drogo හිස මතට රත්තරන් වත් කල විට ඔහුගෙ සහෝදරයා වන Viserys මිය ගියා. මෙම අදහසට සහාය දක්වන ශක්තිමත් කරුණු තවත් තිබේ :ඛේදජනක සිදුවීමක දී Rhaegar Targaryen උපත ලද අතර එහිදී බලකොටුවේ ඇති වූ ගින්නෙන් ඔහුගේ ඥාතීන්ගෙන් වැඩි දෙනෙකු මිය ගියා.

    2.Targaryens රාජධානි 7ක් පාලනය කරයි

    Daenerys සමග සමීපව සිටින ජනයා පවසන අන්දමට Iron Throne වල එකම නීත්‍යානුකූල උරුමක්කාරයා ඇය බවට පත් වෙන්නේ රාජධානි 7ක් ඇගේ මුතුන් මිත්තන් විසින් පාලනය කල බැවිනි. නමුත් මෙය සම්පූර්ණයෙන්ම සත්‍ය නොවේ. පළමු Targarien රජු Aegon ට පෙර, රාජධානි 6ක් පමනක් මෙයට යටත් වූ අතර Dorne පමනක් ස්වාධීනව සිටීමට සමත් විය. ශතවර්ෂ 2 කට පසුව Daenerys, Maron Martell සමග විවාහ වීමෙන් පසුව Dorne සාමකාමීව Targaryens සමග එක් විය. Dorne කිසි විටෙකවත් පරාජයට පත් වූයේ නැති අතර තමන්ගේ නීති සහ සම්ප්‍රදායන්ද පවත්වාගෙන යාමට සමත්ව තියෙනවා.


    3.ගැබිනි Sansa.

    Ramsey ගේ සහ Sansa ගේ විවාහයෙන් පසුව, බොහෝ රසිකයන් Bolton වල සිට ඇය ගැබ්ගෙන ඇති බව විශ්වාස කලා. නමුත් නිලිය විසින් එය තමාගේ ඇදුම මදක් එසවී තිබුනු දර්ශනයක් නිසා සෑදුනු කටකතාවක් බව පවසමින් ප්‍රතික්ෂේප කර සිටියා. නමුත් බොහෝ දෙනෙක් ඇයගේ එම කතාව විශ්වාස කිරීමට පෙලඹුනේ නැහැ.
    4 Melisandre විසින් Stannis Baratheon පාලනය කලා.
    රතු කාන්තාව Stannis Baratheon වෙත ආකර්ෂණය වූ බව හා ඔහුව රූකඩයක් ලෙස පාලනය කල බව නරඹන්නන් විශ්වාස කලා. නමුත් ඇත්ත වශයෙන්ම, Stannis Baratheonc ට Melisandre ව අවශ්‍ය වෙන්නේ Iron Throne ලබා ගැනීමට උපකාර සදහා පමනයි. Melisandre අවසානය දක්වාම මේ බව දැන ගන්නේ නැහැ.

    5 Arya Stark මිය ගියා.

    බොහෝ රසිකයන් සිතුවේ කිසිවිටෙකත් Waif ඝාතනය කිරීමට සමත් නොවූ බවත් දැන් Waif, Arya ගේ මුහුණ තුල සැගවී සිටින බවයි. නමුත් අපි Waif ගේ මුහුණ නිවසේ බිත්තියේ සුදු සහ කළු ආකාරයෙන් තිබෙනු දුටු නිසා මේ න්‍යාය අනිවාර්යෙන්ම සත්‍යයි. Arya ගේ මුහුණට Jaqen H’ghar ආර්යාගේ මුහුණින් ඇති බවක් පෙනෙන්නට නොලැබේ. Arya සතු වූ මතකයන් ඔහු තුළ නැත. ඇය සෑම දෙයක්ම මතක තබා ගනී.
    6.Ned Stark ජීවතුන් අතර සිටියි
    Ned Stark ඝාතනය කර වසර ගණනාවක් ගත වී තිබුනත් ප්‍රේක්ෂකයන් තවමත් ඔහු පැමිනෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියි. මෙහි දී ඇතැම් faceless මිනිසුන් Ned Stark බව පෙනෙන්නට සිටි අතර lord බේරා ගැනීම සදහා Varys ට මේ අතරින් කෙනෙක් කුලියට ගැනීමට හැකිවිය. නමුත් බලපොරොත්තු නොවුනු ලෙස faceless මිනිසුන්ට ඔවුන්ට ඇතුල් වීම සදහා පුද්ගලයකු මරා දැමීමට සිදු වුනු නිසා ඒ මතය පිලිගත නොහැකියි.

    7.White Walkers යනු මරණින් අවදි වුනු පුද්ගලයන්ය.

    White Walkers හමුදාව අර්ධ වශයෙන් Wights වලින් සාදා ඇති බව පෙනෙන්නට තිබේ – ඇවිදින මලවුන්. White Walkers වරු zombie නොවෙන අතර මැජික් හැකියාවන් ඇති පුරාණ ජාතියක් ලෙස හදුන්වනවා. අමුත් White Walkers යනු මියගිය මිනිසුන් නැවත පනලබා පැමිනියවුන් නොවේ, තමන්ට අවනත වූ සොල්දාදුවන් බිහි කිරීමට ඔවුන්ව වනාන්තරයේ දරුවන් විසින් නිර්මාණය කර ඇත. නමුත් හැම දෙයක්ම පාලනයෙන් බැහැර වූ අතර Night King ඔවුන් වෙනුවෙන් සටන් කිරීමට මලවුන් භාවිතා කරන තමන්ගේම හමුදාවක් නිර්මාණය කලා.

    8. Bran Stark හට අනාගතය වෙනස් කල හැක.

    බොහෝ නරඹන්නන්, White Walkers වරු සහ මිනිසුන් අතර epic සටනේදි, Night King අල්ලා ගැනීමට සහ රාජධානි 7 බේරා ගැනීමට Bran කටයුතු කරනු ඇති බවට බොහෝ බලාපොරොත්තු තබා ගෙන සිටියා. නමුත් Three-Eyed Raven ප්‍රකාශ කලේ අතීතය දැනටමත් ලියා ඇති බව සහ තීන්තද වියළී ඇති බවයි. මෙයින් අදහස් වන්නේ කාලයත් සමඟ ගමන් කරන Bran කියන දේවල් අනාගතයට බලපාන බවයි. Hodor සමග මෙම රීතිය ක්‍රියාත්මක වූ ආකාරය මගින් එය පැහැදිලි වෙනවා. නමුත් අවසාන සටනේදි Bran ට ප්‍රධාන කාර්ය භාරයක් නැති බව එයින් අදහස් වෙන්නෙ නැහැ.
    9.චරිත 5කට ප්‍රතිරෝධයක් දැක්වීමේ හැකියාවක් ඇත.
    බොහෝ රසිකයන් විශ්වාස කලේ මෙම චරිත 5 කිසි දිනක මරණයට පත් නොවන බවයි: Daenerys, Jon Snow, Tyrion, Arya සහ Bran Stark. නමුත් මෙය ජෝර්ජ් මාටින්ගේ ලැයිස්තුවේ ඔහු විසින් ලියන ලද පොත් වලින් වඩා බෙහෙවින් වෙනස් වූ නිසා, චරිතයන්ගෙන් කිසිවෙකු පරිපූර්ණ ආරක්ෂිත බවට බලාපොරොත්තු නොවිය හැකිය.
    10 කතා මාලාවේ කිසිදු ප්‍රධාන චරිතයක් නොමැත.
    කතා මාලවේ ප්‍රධාන චරිතය කවුරු වෙන්න පුලුවන්ද කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද? Daenerys? නැත්නම් Jon Snow? නමුත් පසුව කල චරිත අතර තිබෙන සම්බන්ධය අධ්‍යනය කිරීමේදී තහවුරු වුනේ Game of Thrones සදහා ප්‍රධාන චරිතයක් තිබෙන බවයි. ඔහුගේ නම Tyrion Lannister.

    11 ප්‍රධාන චරිත මිය යන්නේ කෙසේද?

    ලේඛකයන් විසින් මරනු නොලැබූ චරිත 5 නීතිය බිද දමනු ලැබුවා. ඒවගෙම Tyrion සමග Iron Throne හිමිකර ගත්තත් සියල්ල අවසන් නොවෙන බව පෙන්නට තිබෙනවා. ඔබ වඩාත් සැලකිලිමත් ප්‍රේක්ෂකයෙන් නම් මේ ආකර්ෂණීය රටාව දැකලා ඇති.
    • Ned Stark, Night’s Watch පුද්ගලයකුගේ හිස සිද ඝාතනය කල අතර පසුව Ned ද ඒ ආකාරයටම ඝාතනය වුනා.
    • Olenna Tyrell, Joffrey Baratheon හට වස ලබා දුන් අතර පසුව Olenna ද විෂ වීමකින් මිය ගියා.
    • Ramsey ඔහුගේ සුලු මව සහ සහෝදයා සුනඛයන් යොදා මරනයට පත් කල ආකාරයෙන් ඔහුද මරණයට පත් වුනා.
    • Roose Bolton කිනිස්සකින් හදවත පසාරු කර Robb ව මරණයට පත් කලා. Roose ද පසුව කිනිසි පහරකින් මිය ගියා.
    • Catelyn Stark ගේ උගුර කපා මරා දමන ලෙස Walder Frey විසින් නියෝග කර සිටියා. පසුව Walder ගේද උගුර කපා දමා තිබුනා.
    • Sand Snakes ඔවුන්ගේ ප්‍රියතම ආයුධයකින් ඝාතනය කර තිබුනා
    • ‍Ygritte විසින් Olly ගේ දෙමවුපියන්ව ඊතල වලින් ඇන ඝාතනය කලා. ඇයද පසුව ඊතලයකින් මිය ගියා.
    • Lysa Arryn, Moon Door හරහා මිනිසුන් ඝාතනය කරනු ලැබුවා. පසුව Petyr Baelish විසින් ඇයවද එම ආකාරයෙන් මරා දමනු ලැබුවා.

    ඇතැම් විට නිර්මාණශීලීත්වය විදහා දැක්වීම⁣ට හෝ ප්‍රේක්ෂක කුතුහලය ත්‍රිව්‍ර කිරීම සදහා Got නිෂ්පාදකයින් මෙලෙස ප්‍රේක්ෂකයන් මුලාකරන දර්ශනයන් කතාමාලාවට එකතු කරන්නට ඇතිවග බෙහෝ දෙනෙකුගේ විශ්වාසයේ පවතින්නකි.
    කෙසේ නමුත් H.B.O ආයතනය පවසන්නේ Game of thrones කතා මාලාවට ආදරය කරපු ප්‍රේක්ෂකයන්ට දෙන තිලිනයක් වශයෙන් වගේම තිබෙන ගැටළු සහගත තැන් නිවැරැදි කරගැනීම සදහා game of thronesහි පෙරවදනක් House of dragon නමින් විකාශය කිරීමට නියමිත බවය.

    වඩාත් පහසු ලෙස කියවීමට
    Pdf ගොනුව Download කරගන්න.

    1625755323250-png.134448


    හැමෝටම සුභ දවසක්...😗 :love2:🤗
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඇයි බං fantasy කතා වල විද්‍යාත්මක පසුබිම වගේ ඒවා හොයන්න යන්නේ 🤭
     
    • Haha
    Reactions: Solo Rider