25-1. සමස්ත මානව සංහතියටම අනතුරු අඟවන්නකුවන පරිදි සිය ගැත්තා වෙත අල්-ෆුර්කාන් (ඉස්ලාම්) පහළ කර ඇති ඔහු(අල්ලාහ්) අති අති උත්කෘෂ්ටය.
25-2. ඔහු කවරකු නම් අහස්වල සහ මහපොළොවෙහි පරමාධිපත්‍යය හිමිවන්නේ ඔහුටය. ඔහු පුතකු නොගත්තේය. තවද රාජ්‍යයෙහි ඔහුට කොටස්කරුවකු නැත. සෑම දෙයක්ම මවා ඊට ඉරණම නියම කළේ ඔහුය.
25-3. නමුත් ඔවූහු ඔහු(අල්ලාහ්) හැර වෙනත් දෙවියන් ගත්හ. ඔවූහු(ඒ දෙවිවරු) කිසිවක් නිර්මාණය කළ නොහැක්කෝය. ඔවූහු නිර්මාණය කරන ලද්දෝය. තමන්ට විපතක් හෝ සැපතක් කරගන්නටද නොහැක්කෝය. මරණය හෝ ජීවිය දෙන්නටද මළවුන් කෙරෙන් නැගිටුවන්නටද නොහැක්කෝය.