GAS TIKA KAPALA IWARAI DAN WELI GODA DANNA SET WENNE

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    මෙරට ගංඟා ආරක්ෂා කරගැනීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

    ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි සියලුම පරිසර සංවිධානවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පළමුවරට පරිසර අමාත්‍යාංශයේදි ඊයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.

    පරිසර සංරක්ෂණය උදෙසා විදේශ රටවල සිට ආනයනය කරන භාණ්ඩ කාන්ඩ පහක් ලබන වසරේ ජනවාරි මස 1 වනදා සිට තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

    එසේම පරිසරය විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් ලබාදීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.

    මේ අතර උඩවලව රක්ෂිතයට අයත් බෝදාගම අක්කර 40 ක් සහ අලිවැටක් ඩෝසර් කර ඇති බවට වන සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබුණා.

    එහි සඳහන් වන්නේ ප්‍රශ්නගත ස්ථානය උඩවලව ජාතික වනෝද්‍යානයට අයත් ස්ථානයක් නොවන බවයි. එය බෝදාගම ග්‍රාමනිලධාරී වසමට අයත් මහවැව රජයේ වනයට අයත් මායිමක සිදුවූ අනවසර ක්‍රියාකාරකමක් බව එහි සඳහන්.

    කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, සඟවා ඇති ඩෝසර් යන්ත්‍රය සහ එහි ක්‍රියාකරු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

    මහවැව රජයේ වනයට යාබදව ඇති කතරගම දේවාලයට අයත් ඉඩමක් බදු පදනම මත ලබාගත් අයෙකුගෙන් උපදෙස් මත එම ඉඩමට අයත් වන ලෙස කැලෑ ඉඩම් හෙක්ටයාර 5 ක් වටවන අයුරින් මීටර 3 ක් පමණ පළලට, මීටර 600 ක් පමණ දුරට ඩෝසරයක් භාවිතයෙන් මායිම් සළකුණු කර ඇති බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අපිට නම් වැලි ඵපා..අපි ගේ හදලා ඉවරයි.😁
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,333
    9,088
    113
    Around the world
    119649943_324227015694443_5367876514663659746_n.jpg