Gem tools ගැන හොඳ දැනුමක් තියෙන අය කව්ද

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    ඔ්ක අර ප්‍රිස්ම් ඒකක් වගේ ඒක නේද? ජෙම් වර්ගය අනුව සුදු ආලෝකය විබේදනව වෙනස්. කෝන ඒහෙම. ඒ් අනුව ජෙම් ඒක තෝරණවා. (මම දන්නෙ නෑ බං දැක තියෙනවා.)

    https://www.aliexpress.com/w/wholes...ext=gem+Spectroscope&spm=a2g0o.home.1000002.0
    ------ Post added on Jul 1, 2023 at 7:57 PM
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,062
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Fashion Love GIF by Roger Vivier
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    "වර්ණාවලි මානය" ( The spectrometer )
    මැණිකක් තවත් මැණිකකින් එසේත් නැතිනම් එක් මැණික් පවුලක් තවත් මැණික් පවුලක් තවත් මැණික් පවුලකින් නිශ්චිතව වෙන් කර හදුනා ගත හැකි ප්රධාන මෙවලමක් ලෙස "වර්ණාවලි මානය" හදුන්වා දිය හැකි වේ.. මැණික් හදුනා ගැණීමේදී ඉතා ප්රයෝජනවත් උපකරණයක් වන මෙය හැසිරවීමට ඉතා පහසු ප්රමාණයෙන් කුඩා උපකරණයක් වේ.. පෙනුමෙන් කුඩා "බටයක්" මෙන් දිස්වන මෙය වර්තමානයේ බොහෝ මැණික් වෙලද වියාපාරිකයන් සතුව දක්නට ලැබේ
    මෙම සරල උපකරණය මගින් ලබා දෙන වර්ණාවලිය පියව් ඇස මගින් පහසුවෙන් නිරීක්ශණය කළ හැකි වේ..නමුත් වර්තමානයේ ඇති උසස් ගුණයෙන් යුතු මැණික් රසායනාගාර තුළ තිබෙනා සංකීර්ණ වර්ණාවලි මානයන්හි ලැබෙන වර්නාවලිය විශේෂ පරිඝණක තිරයක් මතට ලබා ගත යුතු වේ..එමගින් වඩා කාර්යක්ෂමව මැණිකක් නිවැරදිව හදුනා ගත හැකි වේ...
    මෙම එක් එක් මැණික් සතු වර්ණාවලීන් පිළිබදව විද්යාත්මක පැහැදිලි කිරීමක් කරනවානම්,අපට පෙනෙන දකින මෙම ආලෝකය වූ කලී නිශ්චිත තරංග ආයාමයන්ගෙන් යුක්ත වූ තරංග රාශියක එකතුවකි..තරංග අයාමය වූ කල තරංග සතු එක් ගුණයක් පමණක් වන අතර තරංග සදහා බලපාන අනෙක් සාදක අතර තරංග වේගය තරංග සංඛයාතය ආදියද බලපානු ලබයි.. අපට දක්නට ලැබෙන මෙම සුදු ආලෝකය තරංග ආයාම 400න්nm(නැනෝ මීටර්) හා 800න්nm(නැනෝමීටර්) අතර පරාසය දක්වා විහිදී පවතී..
    වර්තමානයේ ලොව මැණික් ඛණිජ විශේෂයන් ඉතා විශාල ප්රමාණයක් පවතී..මෙම සෑම මැණික් ඛණිජයක් සතුවම යම් නිස්චිත රසායනික සංයුතියක් පවතී..මෙම සංයුතිය මැණික් විශේෂයෙන් විශේෂයට ආවේණික වේ..
    මෙකී මූල ද්රව්යන් වලට ස්වාභාවයේ පවතින ඇතැම් වර්ණයන් උරා ගැනීමේ විශේෂ හැකියාවක් පවතී..මෙම ගුණය මූලික කර ගනිමින් වර්තමාන වර්ණාවලි මානයන් නිපදවා ඇත.
    මෙහිදී මැණික තැබිය යුත්තේ වර්ණාවලි මානයේ ඉදිරිපස ඇති කුඩා විවරයට ආසන්නයෙනි (උපනෙත )
    එහිදී ගල තුළින් දිවෙන ආලෝකය වර්ණාවලිය තුළට ඇතුල් වනු ලබයි.වර්ණාවලි මානය තුළ ඇති කුඩා වීදුරු ප්රිස්ම මගින් සුදු ආලෝකය රතු,තැඹිළි,කහ,කොළ,නිල්,ඉන්දිගෝ,දම්... යන වර්ණාලෝකය හෙවත් වර්ණාවලියක් බවට පත් කරනු ලබයි . මෙම සංසිද්ධිය ආලෝක අප කිරණයයි .මෙම ආලෝකය වර්ණාවලිමානය තුළට පිවිසීමට ප්රථම මුලින් සදහන් කළ පරිදි එහි ඉදිරි පස වූ මැණික් ගල තුළින්ද පැමිනේ.මෙම මැණික් ගල සතුව විවිද මූල ද්රව්යන් ගනනාවක් පවතී..මුලින් සදහන් කළ පරිදි මෙම මූලද්රව්යන් මගින් විවිද ආලෝක කිරණයන් අවශෝෂණය කරනු ලබයි,එම නිසා වර්ණ වලට බෙදී යන මෙම සුදු ආලෝකය වර්ණාවලි මානය තුළ වන අනෙක් විවරය ( අවනෙත ) මගින් බැළුු විට අපට දැකිය හැක්කේ අදාළ වර්ණාවලියේ තැනින් තැන දක්නට ලැඹෙන කලු රේඛාවන්ද දක්නට ඇති බවයි..මෙම අවස්ථාව අප අදාල මැණිකෙහි වර්ණාවලිය ලෙසින් හදුන්වනු ලබයි...මෙම වණාවලිය පරමාණුක අවශෝෂණ වර්ණාවලියකි,එනම් සුදු ආලෝකය තුළ වූ කිසියම් ආලෝක තරංගයක් යම් කිසි මූලද්රව්ය පරමාණුවක් විසින් අවශෝෂණය කිරීමෙන් අනතුරුව දක්නට ලැබේන සුදු ආලෝකයේ පරමාණුක අවශෝෂණ වර්ණාවලියයි
    එක් මැණිකකට සර්ව සම රසායනික සංයුතියක් සහිත වෙනත් මැණිකක් ස්වාභාවිකව පැවතිය නොහැකි බැවින්,මැණිකක පරමාණුක අවශෝෂණ වර්ණාවලිය අදාල මැණිකට ආවේණික වේ..මින් මැණික් ගලක් ඉතා නිවැරදිව හදුනා ගැණීමට ඉතා උපකාරී වේ..


    Minipura Mini Museum - Gems oke balapan​

     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    ඕකෙන් මැනික් වල වර්නාවලිය බලල අඩංගු මූලද්‍රව්ය අනුව මැනිකෙ වර්ගය ගෙස් කරනවා courses thynva moratuwe ! (ova one ithin lab ekak danavanm thama !)