Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
index.php
sf ta jaya wewa
 
Last edited:

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    310615_292452634110700_100000378976873_953457_547881485_n.jpg




    වැටිලා දෙපා අබියස නිවටයෙකු වගේ
    විඳලා කුමට රජ සැප එහි ඇති ද අගේ
    සෙන්පති සරත් එඩිතර සිංහයෙකු වගේ
    තවමත් ඔබයි විරුවා සිරිලකට මගේ
     

    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    Nikan Boruwata kahinna epa ban. ubala oya comments dai 2005 Ranil president unanam.

    ehenam thamath kattiya Peace talk tours yanawa athi.


    Fonseka wadak kara eka athta. eth desha drohiyo ekka thamai anthimata ekathu une minihage thiyena Bala thanhawata.

    mathakane Madawachchi = Kilinochci neda?

    /////////////////////////////

    Onama Rataka palakayek ge waradi adupadu thiyenawa. ubala oya asawen yanna inna UK / USA wala th ehemai. but me podi rate kawuruwath nokarapu deyak kare me president yathe kiyala ubalage hadawathe thiyaganin. naththan thamath ubalage ammala thathla gewalwala bayen inne ubala oya comments dala gedara enakan


    P.S.: puluwan nam REP kapanna. mokada issellath mehema kiwwahama mage rep kapala thibba. mata nam eka wadak na.
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ඊයේ දිනයේ (18) හිටපු යුධ හමුදාපති අසත්‍යය ප්‍රකාශ සිදුකිරීම් යන චෝදනාවට වැරදි කරුබව ප්‍රකාශකොට වසර තුනක සිර දඬුවමක් නියම කිරීමෙන් පසුව සරත් ෆොන්සේකා මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

    පහතින් දැක්වෙන්නේ එම ප්‍රකාශයයි.

    "මෙම නඩු තීන්දු ගැන මම පුදුම වෙන්නේ නැහැ. අවංකව කියනවනම් මේ ක්‍රියාදාමය තුළදී සාධාරනයක් ඉෂ්ඨ වෙයි යන කරුණ ගැන මට පමණක් නොව ජනතාවගෙන් විශාල කොටසකටද මෙහි සිටින නීතිඥවරුන්ගෙන් විශාල කොටසකටද සැකයක් තිබුනා.

    මෙම නඩු තීන්දුව සාධාරණ යැයි මම පිලිගන්නේ නැහැ.

    මේ සුදු කොඩි කතා ගැන ෆෙඩ්රිකා ජෑන්ස්ට පැවසුවා යයි කියන බොරු දේවල් පත්තරේ පල කිරීමට පෙර මෙම කතා බහ රටේ හැම දෙනාම අහලා තිබුනා. දැන ගෙන හිටියා.

    මට විශ්වාසයි ගරු විනිසුරුවරුන් පවා මේ ගැන අසා තියෙන්න ඇති. ෆෙඩ්රිකා ජෑන්ස් මේ ගැන කියන්න මාස ගානකට කලින් ඩේලි මිරර් පත්තරේ ඒ ආකාරයටම මේ ගැන ලියා තිබුනා. ගියා සතිඅන්තයේ සන්ඩේ ටයිම්ස් පත්තරෙත් මේ ගැන නැවත ලිය තිබෙනවා. එතකොට මේ ලියපු අයටත් ඔවුන්ට ඒ ගැන දැනුම් දුන් අයටත් නඩු පවරලා දඬුවම් දෙනවාද?

    විරුද්ධ පක්ෂයේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයා මාධ්‍ය වේදිනියක් ඇසූ ප්‍රශ්නයකට ඔහුගේ දැනුම අනුව දුන් පිළිතුරකට විරුද්ධ අර්ථකතනයක් දී ඔහුට නඩු පවරා සිර දඬුවම් දීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක් අනුමත නොකරන අතර ඒවා සිදු වන්නේ ඒකාධිපතියන් සිටින රටවල පමණි.

    මම තදින්ම පිලිගන්නවා මම අණ දුන් හමුදාව යුධ ජයග්‍රහණයේදී යුධ අපරාධ නොකළ බව සහ ඔවුන් මගේ නියෝග වලට අනුකූලව ජාත්‍යන්තර නීති රීති වලට ගරු කරමින් මානුෂීය අයිතිවාසිකම් රකිමින් යුධ බිමේ සටන් කළා. ඔවුන් ඒ අනුව ක්‍රියා කරමින් 12,000 ක් පමණ වූ යුධ බිමේදී භාර වූ ත්‍රස්තවාදීන් ආරක්ෂා කළා.

    නමුත් ඒකාලය තුළ මේ රටේ කිසිම කෙනෙක් හෝ බලධාරියෙක් යටත් වන ත්‍රස්තවාදීන් බාර නොගන්නැයි නියෝගයක් දුන්නා නම් අනිවාර්යෙන්ම යම් දිනක ඔහු නීතිය හමුවට ගෙන ආ යුතුය, යන මතය ගෞරවනීය හමුදා නිලධාරියෙක් හැටියට මම අනුමත කරනවා.

    මීට පෙර මේ රටේ සිදු වූ භයානක අපරාධ වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන නඩුව, බිඳුණු වැව දෙමළ ජනතාව ඝාතනය කිරීමේ නඩුව, සහ ඇඹිලිපිටියේ සිසු ඝාතනය වැනි නඩු ගැන නොයෙක් ප්‍රකාශ කළ අදහස් දැක් වූ, තොරතුරු සැපයූ පුද්ගලයින්ට ජනතාව උසී ගැන්වීමට තැත්කළ කියා නඩු දැම්මද? නැහැ. සිදු වූයේ එම අපරාධ කළ අයට විරුද්ධව දඬුවම් දීමයි.

    නැතුව තමන්ට යම් කිසි දෙයක් ගැන විශේෂයෙන් නීති විරෝධී දෙයක් ගැන ආරංචි වුනොත් ඒ රටේ ජනතාවට ඒ ගැන කතා කිරීමේ අයිතියක් නැද්ද? එහෙම කතා කළ හොත් එවැනි අයට හිමි වන්නේ හිර ගෙදරද? එසේනම් සාධාරණය සහ යුක්තිය කියන්නේ එයද?

    අවසානයේදී මෙම නඩු තීන්දුවෙන් සිදු වුණේ මගේ බිරිඳගෙන් සහ දරු දෙදෙනාගෙන් තව දුරටත් මා ඈත් කර තැබීම පමණකි. මේ අසාධාරණය ස්වාභාව ධර්මය පවා පිළි නොගනු ඇත. තවද මෙම තීන්දුවෙන් මා සමඟ මුහුණට මුහුණලා දේශපාලනය කරන්නට බියෙන් මාව සිර ගත කොට ජනතාවගෙන් සහ දේශපාලන භූමියෙන් ඈත් කර තබන්න උත්සහ කරන දේශපාලනඥයින්ගේ බලාපොරොත්තු සාක්ෂාත් වුණා.

    මේ මඟින් ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටුණා. නමුත් මේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය තුරන් කිරීම ගැන ජනතාවගේ අයිතිවාසිකම් සහ ආත්ම ගෞරවය ආරක්ෂා කිරීමේ චේතනාවෙන් ඉදිරියට යන මට මෙම සිර දඬුවම වක්‍රව සහ අනියම් ලෙස ලැබෙන ආශීර්වාදයක් ලෙස සලකනවා, ඒ ගැන මම විනිසුරු මඩුල්ලට ස්තූති වන්ත වෙමි.

    අවසාන වශයෙන් මෙම දීර්ඝ කටයුත්ත තුළදී මා සමඟම රැඳී සිටි මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාටත්, මගේ අනුගාමිකයන්ටත්, මා වෙනුවෙන් සාක්ෂි දුන් සියලු දෙනාටත් මට සාධාරණයක් ඉෂ්ඨ කිරීමේ බලාපොරොත්තුවෙන් කැපවීමෙන් ක්‍රියා කළ නිතීඥ ලද්දුවහෙට්ටි මහතා සහ නිතීඥ මඩුල්ලටද මගේ ප්‍රණාමය පුද කරමි.

    එමෙන්ම රටේ ජනතාව මට අසාධාරණයක් වූ බව පිලිගන්නවා නම් අසාධාරණයට සහ අයුක්තියට විරුද්ධව නැගී සිටින ලෙසද, මම තවදුරටත් ඉල්ලා සිටිමි. අවසානයේ මෙම නඩුවේදී මා නිදොස් බව ප්‍රකාශ කළ විනිසුරු වරයාට මම හිස නමා අචාර කරමි. එතුමාගේ නිර්භීතකම අධිකරණ ක්ෂේත්‍රයට ගෞරවයක්, අභිමානයක්".

    305133_10150369520161960_151916326959_8893259_1559635734_a.jpg


    තීන්දුවෙන් පසු ඇදගෙන යන අයුරු