රනිල් ඇතුළු එ.ජා.ප. නායකයන් කියන්නේ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අත්අඩංගුවට ගැනීම ප්රජාතන්ත්ර විරෝධී බවය. හමුදා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ෆොන්සේකා නම් රනිල්ගේ මේ ප්‍රකාශය නිවැරදිය. එහෙත් හමුදා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු හමුදාපති හා හිටපු ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා නම් හා එසේ අත්අඩංගුවට ගැනීමට හමුදාමය හේතු තිබිණි නම් රනිල්ගේ ප්‍රකාශය තවත් රනිල් ප්‍රකාශයක් පමණක් බවට පත්වෙයි. එයින් අත්වන එකම ප්‍රතිඵලය මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහට හා පක්ෂයට තවත් අසාමාන්‍ය පරාජයක් ලැබීමය. ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන හේතුවක් ලෙස අපට පෙනී යන්නේ අන් කිසිවක් නොව ඊනියා සුදුකොඩි ප්‍රකාශයය. එA ප්‍රකාශය ඔහු කර ඇත්තේ හිටපු හමුදාපති ලෙස හා හිටපු ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා ලෙස අත්කරගත් දැනුම හා ඕපාදූප මත පදනම් වී බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට හමුදා පොලිසියට හමුදා පනත යටතේ බලතල ඇති බව අප දැනගත යුතුය. හමුදා අධිකරණයට ඔහු ඉදිරිපත් කළ යුතුද නැද්ද යන්න වත්මන් හමුදාපතිවරයා යථා කාලයේදී තීරණය කරනු ඇත. එහෙත් ෆොන්සේකා යුද්ධාධිකරණය හමුවට පැමිණවිය යුතු යෑයි අප කියා සිටියේ පසුගිය දෙසැම්බරයේදීය. ඔහු වෙන කිසිවක් නැතත් සුදුකොඩි ප්‍රකාශයෙන් රාජෙද්‍රdaහි, ජාතිෙද්‍රdaහි, හමුදා ෙද්‍රdaහි වී ඇතැයි අපි නිගමනය කළෙමු. සුදුකොඩි ගැන අප ගිය සතියේ ද විස්තරයක් කළ බැවින් එA නැවත සඳහන් කිරීමට නොවෙහෙසෙමු.
හමුදා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ සුදුකොඩි හා වෙනත් ප්‍රකාශ කළ එමෙන්ම ඇතැම්විට හමුදා විනයට පටහැනි වෙනත් ක්‍රියාවල යෙදුණු හිටපු හමුදාපති හා හිටපු ආරක්ෂක නිලධාරී ප්‍රධාන ෆොන්සේකාය.
රනිල් සෝමහංස අවුල කියන්නේ ජනාධිපති අපේක්ෂක ෆොන්සේකා අත්අඩංගුවට ගෙන ඇති බවය. මෙහි ෆොන්සේකාලා දෙදෙනකු ගැන කියෑවෙයි. ප්රශ්නය වී ඇත්තේ තම රටවල රාජ්‍යය අධ්‍යාපනය ආදිය ආගමෙන් වෙන් කෙරී ඇතැයි බෙරිහන් දෙන බටහිර යටත්විජිතවාදීන්ට වුවද මේ ෆොන්සේකාලා දෙදෙනා වෙන් කිරීමට නොහැකිවීමය. හිටපු හමුදා නිලධාරී ෆොන්සේකා අත්අඩංගුවට ගෙන ජනාධිපතිවරණයේ විරුද්ධ පක්ෂ අපේක්ෂකයා ගෙදර තබා යැමට හැකි පරිදි ෆොන්සේකාලා දෙදෙනා වෙන් කිරීමේ ක්‍රමයක් බටහිරයන් කියා දී තිබිණි නම් එවිට හමුදා පොලිසියට ජනාධිපති අපේක්ෂකයා ගෙදර තබා යැමට තිබිණි. දැන් වුවත් රනිල්ට බටහිරයන්ගෙන් අසාගෙනවත් එවැනි වෙන් කිරීමේ ක්‍රමයක් ගැන කීමට හැකි නම් හමුදා පොලිසිය හිටපු හමුදාපති ෆොන්සේකා රඳවාගෙන ජනාධිපති අපේක්ෂකයා ෆොන්සේකා ගෙදර එවනු ඇත