German ජර්මන් භාෂාව සිංහලෙන් (1)

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    German ජර්මන් භාෂාව සිංහලෙන් (1)

    හැඳින්වීම

    lsIAxeKl.jpg



    ජර්මන් භාෂාව යනු ලෝක ජනගහණයේ මිලියන 95ක් පමණ දෙනා විසින් ස්වකීය මව්බස වශයෙන් භාවිතා කෙරෙන ප්‍රධාන වශයෙන් මධ්‍යම යුරෝපයේ සහ ලොව සෑම රටකම පාහේ යම් මට්ටමකින් හෝ භාවිතා කෙරෙන ලතින් ප්‍රභවයක් සහිත බටහිර ජර්මානු භාෂාවකි. ඉංග්‍රීසි භාෂාව උගත් ඕනෑම අයෙකුට තෙවැනි අමතර භාෂාවක් වශයෙන් ජර්මන් භාෂාව පහසුවෙන් උගත හැකියි. මෙම භාෂා දෙක අතර බොහෝ සමානකම් මෙන්ම අසමානකම් ද තිබෙයි. දිනකට අවම වශයෙන් මිනිත්තු 30ක් කැපකරන්නෙකුට මාස 3කින් ජර්මන් භාෂාවේ හොඳ මට්ටමකට පැමිණිය හැකිය.
    විශේෂයෙන් සංචාරක කර්මාන්තයට සම්බන්ධ අයෙක් නම් ජර්මන් භාෂාව ඉගෙනගැනීම ඔබට ඉමහත් වාසියක් අත්කර දෙනවාට සැකයක් නැහැ.
    සිංහල මාධ්‍ය අනුසාරයෙන් ජර්මන් භාෂාව ඉගෙනගැනීමට තිබෙන අවස්ථා ඉතාමත් අල්ප බව අමුතුවෙන් කිවයුතු නැත. එබැවින් කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට වයස් භේදයක් නැතිව පහසුවෙන් ඉගෙනගත හැකිවන සේ ඉතා සරළව මූලික මට්ටමේ පාඩම් මාලාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙනවා. කාර්යබහුලතාව නිසා නිශ්චිත වශයෙන් දිනපතා පාඩම් මාලාව පවත්වාගෙන යාම ප්‍රායෝගිකව අපහසු නිසා පාඩම් අතර යම් කාලයක් ගතවෙන්න හැකියි. එම කාලය ඉගෙනගත් පාඩම් පුනරීක්ෂණයට යොදාගනිමින් ඉදිරියට යන්නේ නම් එයත් ඔබට අමතර පහසුවක් වේවි. එහෙනම් ඉතා ඉක්මණින් පාඩම් මාලාව සමඟ හමුවෙමු. මේ සම්බන්ධව ඔබගේ අදහස් උදහස් යෝජනා තිබෙයි නම් බොහොම අගය කරනවා.
    :)

    පළමු පාඩමට මෙතනින් එන්න

    German ජර්මන් භාෂාව සිංහලෙන් (2)
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Rep++. Eka vitharak nemai 1700 ganedi usa vala vote ekak gaththa mother language eka vidiyata Englishda ,Germanda kiyala 01 vote ekakin English vune. Neththan Ada English kiyanna Sinhala vage thamai.adath English thiyanna USA unge technology eka hinda. Eheth German Thama eda vagema powerful language ekak.
     
    • Like
    Reactions: ChaaniAkka

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Austrian companyaka bn wada. GM ge idan okkoma wage german nathan austrian.. hamadissema german walin kathawa.. igenagathoth nan supiri