Ghost of Tsushima ඉතිහාසයේ සත්‍ය කතාව

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    ඉතිහාසයේ වැදගත් සිද්ධීන් පදනම් කරගෙන වීඩියෝ ක්‍රීඩා බිහිවුණේ අද ඊයෙක ඉදන් නෙමේ. නමුත්, ඒ විදියේ ගේම් එකක් නිර්මාණය කරද්දි developersලට විශේෂ වගකීමක් තියනවා, ඒ ඉතිහාසගත සත්‍ය සිද්ධියට උපරිම සාධාරණයක් ඉටු කරන්න. ඒ විදියට ගොඩනැගුණු, මෑතකදි PlayStation සදහා release වුණ ගේම් එකක් තමයි Ghost of Tsushima.

    ක්‍රි: ව: 1274 දි සිද්ධ වුණ මොන්ගෝලියානු අධිරාජ්‍යයේ ජපාන ආක්‍රමණය ආශ්‍රයෙන් තමයි Ghost of Tsushima බිහිවෙන්නෙ. මේ ගේම් එකෙන් අපට ඒ කාලයේ ඉතිහාසය පිළිබද හොද අදහසක් ගන්න පුළුවන්. පොතක් ඉස්සරහ තියාගෙන ඉතිහාසය පාඩම් කරනවට වඩා මේ විදියේ මූලාශ්‍ර ආශ්‍රයෙන් ඉතිහාසය ඉගෙන ගන්නවනම්, ඉගෙනීම වඩා සුන්දර අත්දැකීමක් වේවි.