2015 ජනාධිපතිවරණ සමයේදී පළාත් පාලන ආයතන වෙත GI බට ලබාදීමේදී මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූ බවට වන නඩු කටයුත්ත අවසන් කරන ලෙස මෙම නඩුවේ විත්තිකරුවෙකු වන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව එම ඉල්ලීම සළකා බැලීමට නීතිපතිවරයා සූදානම් බවයි නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දන්වා සිටියේ.
කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේයි අද මෙම නඩුව විභාගයට ගැණුනේ.
වැඩිදුර නඩු විභාගය ලබන සැප්තැම්බර් පළමුවනදා දක්වා කල්ගියා.
මේ අතර පළමු මහ බැංකු බැඳුම්කර අක්‍රමිකතා නඩු විභාගය එහි පළමු සහ 10 වන විත්තිකරුවන් නොමැතිව ඉදිරියට පවත්වාගෙන යාමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිරිණය හමුවේදී අද අනාවරණය වුණා.
පළමු විත්තිකරු වන්නේ දැනට විදෙස්ගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වන අතර 10 වන විත්තිකරු වන්නේ අජාන් ගාර්දිය පුංචිහේවා යන අයයි.