Global Lifestyle lanka(උබලා නන් අහුවෙන්ඩ එපා)

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,031
    500
    113
    me best life kiyala company ekakuth oya wedema karanawa bn , eke godak dewal thiyenawa ganna , un kiyanne pracharanayata yana mudala eturu nisa apita denawalu oya widihata
    මන් හිතන්නෙ දෙකම එකයි මචන් උන් කියන්නෙත් ඔය ටිකම තමයි:yes:
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ලංකාවේ හොඳම පිරමීඩ ජාවාරම කරන්නේ මහින්දය....චන්ද ටික කඩාගන්න....මේවා මොනාද බන්
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේකට මාත් ගිය මට යාලුවෙක් කිව්වේ :rolleyes: කිව්වෙ මෙච්චරයි "අඩෝ පට්ට ජොබක් තියන්ව Part time කරනන් පුලුවන් කියලා හොදට හොයන්න පුලුවන් කිව්වා එච්චරයි කිව්වේ :confused: මාත් ඉතින් ගියා බලන්න අමුතුම සෙල්ලමක් ගිය එතන කෙල්ලො එහෙමත් ඇවිල්ලා හිටියා එක එක event තාමා මුලිම්ම තිබ්බෙ ඊට ප්අස්සෙ තමා වැඩේ පටන් ගත්තේ එක එක අවිල්ල උන්ගේ ගැන විස්තර් කියනවා ලොකු scene කියන්නෙ එකෙක් කියනවා මට පුකෙනුත් හිනා මාසෙට 10lak හොයන්වවලු ඌ කලින් හිටියෙ ටකරන් ගෙදරකලු දැන් ඉන්නෙ කෝටි 1,50 ක ගෙදරකලු ... වයිෆ් ට බබා හම්බ උනාලු නවලෝකෙ 4 lak ද කොහෙද ගියා දැනුනෙ වත් නෑලූ... ඔය වගේ එක එක ඇවිල්ලා එක එක කතා කිව්වා...එවා කියනකොට අහන් ඉන්න උන් අප්පුඩි හිටන් ගහනවා මට මේක ගැන සැක හිතුනා ඊට පස්සෙ තමා මේ ගැන වැඩි විස්තර හොයා ගත්තෙ උබලා රැවටෙන්න එපා මචන් මේවට :yes: :yes: මගෙ යාලුවා මත් එක්ක කතා කරන්නෙ නෑ මං ඒකට බැදුනෙ නැ කියලා :confused: දන්නෙ නැති උන් අතේ තියන කීය හරි නාස්ති කර ගන්ඩ කලින් කිව්වෙ ඔන්න 60 000 කියන්නෙ පොඩි ගානක් නෙමෙයි නෙ
    :rolleyes: උන්ගෙ ලොක්කා කියලා එකෙක් ආවා ඔක්කොම නැගිට්ටා මං මං බැලුවා හාමුදුරු කෙනෙක් ද කියලා හාමුදුරු කෙනෙක් නෙමෙයි ඒක හින්දා මං නැගිට්ටේ නෑ :P උන්ට ලොකු උනාට ඌ මට ලොකු නෑ නේ ලොල් මූ කියනවා මං මගේ අම්මට වත් වදින්නේ නෑලූ එක්කෙන්ක්ට වදිනවලු :rolleyes: ඒ ඌව මේකට ජොයින් කරපු එකාටලු මට එවලේ උගෙ හොම්බට දෙකක් දෙකක් දෙන්ඩ හිතුනා :angry: මූට මුගෙ අම්මටත් වඩා ඌව ලොකුලු මුට ඒකට එන්ඩ සල්ලි තිබ්බෙ නෑලු පරයා අම්ම්මගෙ වලලු දෙකක් උකස් කරලලු සල්ලි සෙට් කර ගත්තෙ.. ඔය වගේ එක එක කතා ගොඩයි සමහර උන් ජොබ් වලින් අයින් වෙල fulltime මේක කරවලු :rofl::rofl: මේ ටිකක් කම්මැලි වෙන්නේ නැතුව කියවහල්ලා






    ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා යනු පිරමීඩාකාර මුදල් ජාවාරම් කරන ආයතනයකි. ලංකාවේ බොහෝ ප්‍රදේශවල සූර්ය පැනල (Solar Panel) අලෙවි කරමින් මොවුන් මෙම ජාවාරම සිදු කරයි. එම සූර්ය කෝෂ පද්ධතියක මිල 60,000/= කි.

    සාමන්‍යය වෙළඳපොලේ එම සුර්යකෝෂ පැනලයක මිල අඩු වටිනාකමකින් යුක්ත වන අතර ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් තුලින් මෙම සූර්ය කෝෂ පැනලය වැඩි මුදලක් ගෙවා මිලදී ගත යුත්තේ ඔවුන්ගේ පිරමීඩාකාර ජාවාරමේ සාමාජිකත්වය ලබාගැනීම සඳහාය.

    බැංකුවට මුදල් ගෙවා සති දෙකක් ඇතුලත සූර්ය පැනලය ගෙදරට ගෙනවිත් දෙන අතර ඉන් පසුව මොවුන්ගේ දෙදින වැඩමුළුවකට සහභාගී වීමට සිදුවේ. එහිදී ප්‍රකාශ කරන්නේ මෙම සාමාජිකත්වයෙන් අධික ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තමා හිතවත් පුද්ගලයන් සිය දෙනෙකුගේ නම් ලිපින සහ දුරකථන අංක ඔවුන් වෙත ලබා දිය යුතු බවත් පුද්ගලයන් දෙදෙනෙකු සූර්ය පැනල ලබාගෙන මෙහි සාමාජිකයන් කල යුතු බවය.

    එම දෙදෙනාද සම්බන්ධ වූ පසු ඔවුන්ද තවත් පුද්ගලයන් දෙදෙනා බැගින් සම්බන්ධ කර දිය යුතුය. එලෙස පිරමීඩාකාර ලෙස ව්‍යාපාරය ව්‍යාප්ත වන අතර නවක සාමාජිකයන්ගෙන් කොමිස් මුදලක් පැරණි සාමාජිකයාට හිමිවේ. මෙම ව්‍යාපාරයට වර්තමානය වනවිට ස්වාමින් වහන්සේලා විශාල ප්‍රමාණයක් සම්බන්ධ වී ඇති අතර ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවට සිදු කරනු ලබන්නේ පිරමීඩාකාර ව්‍යාපාරය ප්‍රචලිත කිරිමයි.

    සූර්ය පැනලයට අමතරව මිල අධික අත් ඔරලෝසු සහ සියලු රෝග වලින් ආරක්ෂා විය හැකි "හිමාලයන් පලිඟු" නම්වූ ගෙල පළඳනාවද මෙම ජාවාරමට යොදා ගනී.

    නවීන පන්නයේ මෝටර් රථ, සුපිරි නිවාස සහ සුඛෝප භෝගී ජීවිත ගත කිරීමට කල යුතු වන්නේ තවත් පුද්ගලයන් සම්බන්ධ කරවීම බවයි ඔවුන් පවසා සිටින්නේ. මෙම ව්‍යාපාරය පැහැදිලිවම පිරමීඩ ව්‍යාපාරයක් බව පැහැදිලි නමුත් ශ්‍රී ලංකා මහා බැංකුව සිදු කරන්නේ මෙවැනි ආයතන පිලිබඳ පුවත්පත් දැන්වීම් පල කිරීම පමණි.

    මොවුන් සමාගම් මැදුරේ සමාගමක් ලෙස PV -67367 යටතේ ලියාපදිංචි කොට ඇතිඅතර ඉන් බලය ලැබෙන්නේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට මිස පිරමීඩාකාර මුදල් ජාවාරම් කිරෙමට නොවේ. කොළඹ 03 ඩුප්ලිකේෂන් මාවතේ ප්‍රසිද්ධියේ මෙම ආයතනය පවත්වාගෙන ගියත් පොලිසිය හෝ වෙනත් වගකිව යුතු පාර්ශවයන් මේ සම්බන්ධව නිහඬය.



    මේවා report කරන්න තැනක් තියනවා නං කියන්ඩ කරන විදිහත් එක්කම අනිත් අයට බලන්ඩ BUMP එකක් වත් දාගෙන යන්ඩෝ :yes::yes: yes:

    මාහ බැංකුවේ තමය් මේවා ගැන හොයන්නේ. එකට කතා කරලා කියපන්.
     
    මගේ යාලුවෙක් ඔහොම එකක් ගැන කිව්වා මට.. කියද්දීම මට වැඩේ තේරුනා. ටොපියක් තමයි දෙන්න යන්නේ කියලා. මන් කිව්වා මට බැහැ කියලා. පස්සේ මු මන් දන්නා සර් කෙනෙක්ව වැඩේට සෙට් කරගෙන. ඒ සර් මගේ හෙන ෆිට් එකක්. එයා මට දවසක් කිව්වා පොඩි වැඩක් තියෙනවා බන් වරෙන්කො කියලා. මන් ගියා පොර ක්ලාස් කරන තැනට. යනකොට එකෙක්වත් නැහැ. එක ක්ලාස් එකක් මන් දැක්කා. මන් සර් කාරයට කෝල් එකක් අරන් කිව්වා මන් ආවා කියලා. පොර එලියට ආවා 4න් එක ඔෆ් කරන් ඇතුලට වරෙන් කිව්වා. ගියා තමයි මෙන්න ඩයල් එකක් ඇවිත් දේසනාවක් දෙනවා. මට කලින්ම තේරුනා සිද්දිය. පැය 3ක් ද කොහෙද අරූගේ ලෙක්චර් එක. මැදදී නැගිටලා යන්න බැහැ. මට එන්න කියපු සර් ට චාටර් නිසා. ඉතින් මන් ගණන් ගන්නේ නැතුව 4න් එකෙන් මගේ වැඩක් කරන් හිටියා. අරුට දැන් හෙන අප්සෙට් මන් උව ගණන් ගන්නේ නැති එකට. මාව අල්ලගන්න එක එක දේවල් කිව්වා. මගෙන් ප්‍රශ්න ඇහුවා. අන්තිමේදී පොර වැඩේ අතෑරියා. :lol:

    මන් මොකුත් නොකියා ගෙදර ආවා. පස්සේ මන් මුලින්ම කියපු යාලුවා මට දෙතුන් වතාවක් කෝල් කරා. අරක ගැන මොකක්ද කියන්නේ කියලා අහන්න. දෙපාරක් ඉවසුවා. තුන්වෙනි පාරා හොදට ඇමතුවා සුද්ද සිංහලෙන්ම. ආයේ කතා නැහැ.. ;)
     
    මාහ බැංකුවේ තමය් මේවා ගැන හොයන්නේ. එකට කතා කරලා කියපන්.
    රිපෝට් කළා කියලා වැඩක් වෙන්නේ නැහැ බන්.:( මේක ගැන බලුම්ගලෙත් ගියා. මන් හිතන්නේ හෙන ලොකු ඩයල් ටිකක් ඉන්නවා මේකේ උඩම.. :confused: නැත්නම් බලුම්ගලෙත් ගිහින් මෙහෙම ඉන්නවා කියන්නේ ලොකු ගේමක්. :eek::eek:


     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රිපෝට් කළා කියලා වැඩක් වෙන්නේ නැහැ බන්.:( මේක ගැන බලුම්ගලෙත් ගියා. මන් හිතන්නේ හෙන ලොකු ඩයල් ටිකක් ඉන්නවා මේකේ උඩම.. :confused: නැත්නම් බලුම්ගලෙත් ගිහින් මෙහෙම ඉන්නවා කියන්නේ ලොකු ගේමක්. :eek::eek:


    Lankwe athule thiyena godak pyramid schemes wala top layers wala inne ekko Tamil molakarayek naththam wena rataka kenek. Ape ewunta hariyata scam ekakwath karaganna baha.
    Oya office dagena hitiyata othanin newei scheme eka patan ganne. patan gaththa aya sallith aran maru (8 times wage ROI thibunama athi ne). Lankawe commoners la karanne anatha wuna peers lage role eka.,
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,031
    500
    113
    රිපෝට් කළා කියලා වැඩක් වෙන්නේ නැහැ බන්.:( මේක ගැන බලුම්ගලෙත් ගියා. මන් හිතන්නේ හෙන ලොකු ඩයල් ටිකක් ඉන්නවා මේකේ උඩම.. :confused: නැත්නම් බලුම්ගලෙත් ගිහින් මෙහෙම ඉන්නවා කියන්නේ ලොකු ගේමක්. :eek::eek:


    na machan alluwa police antry ekak dammama allanwa me giya sathiye ekak allala paththare thibuna :yes:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    මගෙත් යාලුවෙක් ඔය bestlife කියන මගුල මට සෙට් කරන්න ගියේ.යන්තන් මගේ කටේ බලේට උත බේරුනේ..පලවෙනි දවසෙම මට වැඩේ චී කියල ගිය උන් කරන දේවල් ඇහුවම. :baffled: මට කොහොමත් ඔය පාර්ට්ටයිම් ඒවා ඇල්ලුවා නෑ.එක පටන් ගත්තම කාලේ උන්ට බැඳෙන උන් මාර වැඩ කරන්නේ මුල් පටන් ගත්ත කලේ..දැන් නම් ඒවා කරනවද දන්නේ නෑ.

    අච්චිලව දඹදිව යවනවා.. යවනවා කිව්වේ අපි පන්සල් ලගට වෙලා ඉඳන් අච්චිලව එකට පොළඹවන්න ඕනෙලු :lol:
    පන්සල් ළඟ plastice මල් විකුණුව.. :lol:
    මැටි වලන් විකුනනවා.. :lol:
    Ac හදනවා/විකුනනවා.. :lol:
    ලි බඩු හදල කියනවා අපිට ගිහින් විකුනන්නලු.. :lol:
    ඕව කර කර හිටපු උන් මට අරංචිඑ film එකකුත් ගැහුවලු..(මහින්දාගමනය) :shocked:
    දැන් නම් නානාප්‍රකාර ඒවා විකුනනවා ;)
    http://www.bestlifeltd.com/
     
    na machan alluwa police antry ekak dammama allanwa me giya sathiye ekak allala paththare thibuna :yes:
    මොන පත්තරේද බන්... කවද එකද.??
    පොඩ්ඩක් විස්තර කියපන්කො..:eek:
    දනන් ඉන්න එක වටිනවා. මොකෙක්ට හරි පෙන්නන්න හරි පුළුවන්නේ.:yes::yes:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,031
    500
    113
    මොන පත්තරේද බන්... කවද එකද.??
    පොඩ්ඩක් විස්තර කියපන්කො..:eek:
    දනන් ඉන්න එක වටිනවා. මොකෙක්ට හරි පෙන්නන්න හරි පුළුවන්නේ.:yes::yes:
    mata davasa mathaka na bn lakbime thibune :sorry: