GMOA ගෝඨාව විහිළුවක් කරයි !

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    GMOA ගෝඨාව විහිළුවක් කරයි !

    ගෝඨාගේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ( GMOA) ගෝඨාව විහිළුවක් කරයි !

    ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාර වැඩසටන නිසා අනුරාධපුරයට යෑමටත් වීසා ගැනීමට සිදුවනු ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා කළ ප්‍රකාශයත් සමඟ එම සංගමය පමණක් නොව ඔවුන්ගේ ආධ්‍යාත්මික නායකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ද සමාජය තුළ විහිළුවට ලක්ව තිබේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෝඨාගේ දේශපාලන ව්‍යාපෘතියෙහි ඉදිරිපෙළ කාර්යභාරයක් ඉටු කිරීමත් විශෙෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මුල පටන්ම ගෝඨාගේ වියත් මග, එළිය වැනි දේශපාලන ව්‍යාපෘතිවල ප්‍රධාන චරිතයක් වශයෙන් කටයුතු කිරීමත් නිසා පාදෙනිය මහතා ඇදගෙන නෑ බාල්දිය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද ඔළුවේ පටන් හැළී ඇත.

    පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාදෙනිය මහතා ප්‍රකාශ කර තිබුණේ "අක්කර ලක්ෂ 12ක් මේ විදියට පවරලා දීලා මේක දෙපැත්තෙන් වැටක් ගහපුවාම මේ රට කොටස් තුනකට කැඩෙනවා. එතකොට යම්කිසි කෙනෙකුට කොළඹ ඉඳලා අනුරාධපුරේට යන්න වීසා ගන්න ඕනෙ තත්වයක් ඇතිවෙනවා නම් මේක අපේ භූමියට, මොකක්ද අපට වෙන්නෙ ? මේක පෙර තිබ්බ බෙදුම්වාදය කියන න්‍යායට සම්බන්ධ කරලා කතා කරන අයට කියන්න අවශ්‍යයි එහෙම නම් බෙදුම්වාදය තුළින් ලංකාව විනාශ කරන්න උත්සාහ කළේ කවුද, මේ MCC සම්පාදනය කරන පිරිසම නෙවෙයිද කියන එක අපි තේරුම් ගන්න අවශ්‍යයයි" යනුවෙනි.

    ආර්ථික කොරිඩෝවක් යනු හඳුනාගත් බිම් තීරුවක් තුළ කර්මාන්ත, වාණිජ වගාවන් යනාදී ආදායම් මාර්ග සහ ඒවාට අවශ්‍ය යටි තළ පහසුකම් බිහිකෙරෙන ව්‍යාපෘතියක් මිස දෙපැත්තෙන් කටුකම්බි ගසා වෙන් කරන්නා ලෑන්ඩ් සේල් පන්නයේ එකක් නොවන බව පාදෙනිය මහතා ද හොඳින්ම දනී. එහෙත් ඔහු සහ ඔහුගේ සංගමය කල්පනා කරන්නට ඇත්තේ මෙවැනි කතාවක් තමන් වැනි විශේෂඥ වෛද්‍යවරුන් කියනාවිට තමන්ට වැනි දැනුමක් නැති නූගත් ජනතාව ජනතාව එය විස්වාස කරනවා ඇතිය යනුවෙනි. එහෙත් ජනතාව ඔවුන් සිතනවාට වඩා යමක් කමක් දන්නා නිසාම සිදුවූයේ පාදෙනියත් සමඟම ඔහුගේ ලොක්කා වන ගෝඨාභයත් ගෝඨාභයගේ වියත් මඟත් ඒ හරහා ගොඩනඟා ගැනීමට උත්සාහ දැරූ වියත් කමත් හාස්‍යයට ලක්වීමය.

    අනෙක් අතට මෙම ආර්ථික කොරිඩෝව යනු ඇමරිකානු ව්‍යාපෘතියක්, ඇමරිකානු සැලසුමක් නොව ශ්‍රී ලංකාවේ විශෙෂයින් 3000ක් පමණ එකතුව සැලසුම් කළ ජාතික භෞතික සැලසුමේම කොටසක් බව පාදෙනියගේ මේ කතාවට පෙරම පාඨලී චම්පික රණවක මහතා විසින් පෙන්වා දී තිබිණි. එසේ තිබියදීත් මෙවැනි දෙකේ පංතියේ මෝඩ කතාවක් පැවසීම තුළ හාස්‍යය දෙගුණ වුණි.

    image_82ac77515c.jpg

    GMOA යන්නෙහි G අකුරෙන් නියෝජනය වන්නේ Government හෙවත් රජයේ යන්න නොව ගෝඨා යන්න බවටත් ඒ අනුව GMOA යනු ගෝඨාගේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය බවටත් විහිළු කතාවක් පැතිරුණේ කලකටම පෙරය. ඒනිසාම GMOA සිදුකළ පදනමක් නොමැති වැඩවර්ජන හරහා ජනතාව පීඩාවට පත්වීම ද ගෝඨාගේ කරේ වැටී තිබේ. ඒ මැද්දට සියළු විද්වත් සළු පිළි ගළවා දමන අනුරාධපුර වීසා ගොන් කතාවත් එකතු වූ විට පාදෙනියලා කර ඇත්තේ ද කඩුව රැගත් වඳුරා රජුට කළ උපකාරයම බව පෙනේ.

    ඒ අනුව GMOA වැඩි වැඩියෙන් දඟළන තරමට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි දින කිහිපය තුළ වැඩි වැඩියෙන් අවාසි සිදුවන බව නම් ඉඳුරා කියත හැක.

    lnw
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    Similar threads