GMOA සාපේ

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මෙයාල තාම වැඩ වර්ජනයේ නේද? මේකට ඇත්ත හේතුව උබල දන්නවද? දැන් මුන් වැඩ කරන ඩොකාලටත් තර්ජනය කරන්න පටන් අරන් වගේ.

    වෛද්‍ය වැඩවර්ජනය අතරතුරදී කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ හදිසි සේවයේ නිරත වෛද්‍යවරුන්ට සේවයෙන් ඉවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් තර්ජනය කළ බව එම රෝහලේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

    වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාවේ වෛද්‍යවරු අද සහ ඊයේ දින දෙකේම බාහිර රෝගීන් අංශයට පැමිණ හදිසි සේවයේ නිරතව සිටි එම සංගමයේම සාමාජිකයන්ට සේවයෙන් ඉවත් වන ලෙස තර්ජනය කළ බව කී එම නිලධාරියා එම වෛද්‍යවරු ‘ඩබල්ගේම්’ ගහන බවට දොස් නැඟූ බව ද සඳහන් කළේය.

    තර්ජන එල්ල වූ වෛද්‍යවරු හිදිසි සේවයක් වන රෝගීන් ඇතුළත්කිරීමේ පමණක් නිරතව සිටි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වර්ජනයේදී හදිසි සේවා ක්‍රියාත්මක කරන බව පවසා ඇති බවත් කීය.

    එම නිලධාරියා වැඩි දුරටත් පැවසුවේ මෙම තර්ජන හමුවේ රෝහල්වල හදිසි සේවාවල නිරත වන වෛද්‍යවරු ද සේවයෙන් ඉවත්වීමේ අවදානමක් පවතින බවත් මෙම තත්වය කොළඹ ජාතික රෝහලේ පමණක් පවතින බවත්ය.

    https://www.lankadeepa.lk/latest_news/ජාතික-රෝහලේ-වෛද්‍යවරුන්ට-තර්ජන/1-605322
     
    • Like
    Reactions: batwise