#GoHomeGota2022 #පැතුම්කර්නර්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හෑෂ් ටැග් එක ගැන ආයෙත් කතාවක් ඇවිත්...
    ඒකට උත්තරේ මේ වගේ.

    #GoHomeGota2022 හෑෂ් ටැග් එක නිර්මාණය කලේ 2021 දෙසැම්බර් 31 දින.

    ඒක මාස 3ක් තිස්සේ වෙහෙස වෙලා trending කෙරෙව්වේ. මාර්තු මැද තිබුන සජබේ රැළියට ඒක පාවිච්චි කලා. හැබැයි ඔවුන් ඔළුවේ බැඳගෙන ගියේ #GoHomeGota කියලා විතරයි. ඒකෙන් හෑෂ් ටැග් එක තවත් ප්‍රචලිත උනා කිව්වොත් නිවැරදියි. මේක බලාගෙන හිටපු ජවිපේ වෙනම එකක් හැදුවා. ඒ #පන්නමු කියලා. තමන්ටම වෙනම එකක් හදා ගන්න ඔවුන් උත්සහ කලා වගේම GoHomeGota2022 ඔවුන් පක්ෂයක් විදියට පාවිච්චි කලේ නෑ. ඒ වගේම අරගලය ඔවුන්ගේ නොවන බවත් , එයට රබර් සීල් ගහන්නේ නැති බවත් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

    මේත් එක්කම ආණ්ඩුව පාර්ෂවයෙන් #WeWantGota කියලා එකක් නිර්මාණය කලා ප්‍රති උත්තර දෙන්න. ඒකත් එක්ක GoHomeGota2022 හෑෂ් ටැග් කැම්පේන් එකට ලොකු පිළිගැනීමක් ලැබුනා. ඒ වටා ආණ්ඩු විරෝධී මිනිස්සු එකතු උනා. ඒත් එක්කම තව හෑෂ් ටැග් රැල්ලක් ආවා. AnnonymoussaveSriLanka, Giveusourstolenmoneyback වගේ. ඒවා ගොඩක් ආවේ GoHomeGota2022 එක trending වෙන එක බාල කරන්න.
    කොහොම නමුත් ලංකාවේ හදපු වැඩිම පිරිසක් භාවිතා කරපු හෑෂ් ටැග් එක දින 200කින් මිලියන 6.4ක් භාවිතා උනා. ගෝඨා ගෙදර ගියා.
    අරගලය ඉවර නෑ. අරගලය සම්පූර්ණ නෑ. තව දුර යන්න තියෙනවා.
    සමහර පක්ෂ මේක ඇතුලට රිංගන්න එදා ඉඳලම ට්‍රයි කලා. හැබැයි ඒක සාර්ථකව මැඩ පැවැත්තුවා. ඒ නිසා මේ අරගලය මහජන අරගලයක් ලෙස පැවැතුනා. එය දිගටම එසේ වේවී.
    අවිහිංසාවාදී සාමකාමී නිර්පාක්ෂික අරගලය දිනේවා.

    මිනිස්සුන්ට ජයවේවා !!!

    පැතුම් කර්නර්
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    නොබෙල් ත්‍යාගය සඳහා නිර්දේශ කරමි.