මම අඳුරන්නෙ නැති වුණත් කියන්න තියෙන්නෙ ඔයා කවුද, කින් ද, මන්ද, ගැහැණු ද, පිරිමි ද? වයස කීයද වගේ ඒව ඔන්ලයින් හොයන්න බැහැනෙ. ඒව වැඩකුත් නැහැනෙ. ඒ වගේ ම තමයි ඔය කට්ටිය කියන එක එක දේවලුත් ඔන්ලයින් කිසි පලකට නෑ. තමන් කරන්නෙ හරිදේනම් හා තමන් සයිට් එකේ නීති රීතිවලට අනුව ඉන්නවනම් ඉතින් ගැටලුවක් නෑ. තමන් කවුරු වුණත් ඒක මේකෙ සාමාජිකයක්ට අදාල වෙන්න හේතුවක් නෑ එහෙම ඉන්නවනම්. ලෝකෙ කොහෙ වුණත් එක එක ජාතියෙ මිනිස්සු ඉන්නවනෙ. එක එක අයගෙ කතා බහ වගේ ම අදහසුත් විවිදයි. තමන්ට යම් කෙනෙකුගෙන් හෝ පිරිසකගෙන් යම් හිත් රිදවීමට කාරණා සිදුවෙනවනම් ඒ පිළිබඳ තමන්ට දරාගන්නට අපහසුයිනම් මේ වෙබ් අඩවියේ පාලනාධිකාරය දැනුවත් කරන්න ඕනතරම් අවස්ථාව තියෙනව. එයාල එතකොට සුදුසු තීරණයක් ගනියි ඒ දේවල් ගැන. තමන්ට ලෝකයෙන් එක එක කතා කියනව කියල අපි ලෝකයෙන් ම පැනල යන්නෙ නැහැනෙ.
හිතල බලන්න. තීරණය ඔබ සතුයි. ඔබේ පෞද්ගලික අරමුණු, අභිමතාර්ථ හා රුචි අරුචිකම් අනුව කැමති තීරණයක් ගන්න ඔබට අයිතියක් තියෙනවනෙ.