Google එකේ අලුත් වැඩේ

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Google එකේ අලුත් වැඩේ

    .........
    .........
    .........
    .........
    .........
    .........
    .........
    google-project-wing-drone.jpg


    Google එකේ තවත් අලුත් ව්‍යාපෘතියක් ගැන ඊයේ දිනයේදි ඔවුන් සදහන් කරනු ලැබුවා. ඔවුන් විසින් drone යානා විශේෂයක් නිර්මාණය කොට තිබෙනවා. මෙමගින් හැකියාව ලැබෙනවා බාහිර ක්‍රියාකාරිත්වයකින් තොරවම භාණ්ඩ ප්‍රවාහනය කරන්නට. අදාල භාණ්ඩ ගොඩබිමට ළගා කරන්නේ කේබලයක් ආශ්‍රයෙන්. මෙම යානය හෙලිකොප්ටරයක පෙනුම ගන්න බවක් ඔබට පෙනෙනවා ඇති.

    මෙම ව්‍යාපෘතිය Project Wing ලෙස නම් කොට තිබෙනවා. අවුරුදු 2ක තිස්සේ සිට මෙම ව්‍යාපෘතිය පිළිබදව පර්යේෂණ ඔස්ට්‍රේලියාවේදි තමයි සිදු කරතිබෙන්නේ. එයට හේතුව වන්නේ ආරක්ෂක තත්තවයන්ට බලපාන මෙවැනි ව්‍යාපෘති ඇමරිකාවේ සිදුකිරිම අපහසුවිම.

    දුෂ්කර පළාත් වල සිටින හෘදයාබාධ ආශ්‍රිත අයට ඉතා ඉක්මණින් ප්‍රතිකාර කිරිම සදහා මෙම යානා භාවිතා කිරිම මූලික අරමුණ බවයි Google සමාගම සදහන් කරන්නේ. එහෙත් එයට වඩා පුලුල් පරමාර්ථයක් මෙම Project Wing එක තුල තිබෙන බවට නම් සැකයක් නැහැ.

    ඇමරිකාවේ නිති පද්ධතියට අනුව දැනට නම් මෙවැනි වාණිජමය drone යානා (ආරක්ෂක පද්ධතියට බලපෑම් ඇතිවන නිසා) භාවිතය හා පරිහරණය නිතියෙන් තහනම්. දැනට මෙම ව්‍යාපෘතිය සදහා පැනනැගෙන ලොකුම බාධකය එය වන අතර Google සමාගම එය පහසුවෙන්ම ජයගත හැකි වෙතැයි අපේක්ෂා කළ හැකියි.

    google-project-wing-drone_1.jpg

    මෙම ව්‍යාපෘතිය ඔස්සේ Google ඔස්සේ භාණ්ඩ මිලදි ගන්නා අයට ඉතා ඉකමණින්ම ඒවා ගෙදරට ගෙන්වා ගැනිමට හැකියාව ඇතැයි අපේක්ෂා කළ හැකියි. (කෙසේ වෙතත් ආරම්භයේදි නම් එවැනි සේවාවක් ඇමරිකාව වැනි රටකට පමණක් සිමා වේවි) උදාහරණයක් විදියට Play Store එකෙන් ගන්න ස්මාර්ට්ෆෝන් එක තත්ත්පර ගණනකින් නිවසට ගෙන්වා ගන්න හැකියාව තියෙනවා මෙම drone යානා ඔස්සේ.

    ඉස්සුවේ මෙතැනින්- www.droidslk.com/2014/08/introducing-project-wing/

    පට්ට වැඩක් ගූග්ල් එකෙන් දෙන්න වගේ යන්නේ :yes:
     
    Last edited: