Google ප්‍රහාරය

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Google සයිබර් ප්‍රහාරයට චීන රජය සම්බන්ධයිද ?
    2625AGoogle.gif


    ඇමරිකාවේ රාජ්‍ය හා හමුදා නිළධාරීන්ගේ හා ජනමාධ්‍යවේදීන්ගේ Google ඊ-මේල් ගිණුම් වලට සයිබර් ප්‍රහාරයක් එල්ල කරමින් තොරතුරු හොරකම් කිරීමේ ව්‍යාපාරයක යෙදී ඇතැයි එල්ල වී ඇති චෝදනා චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු බී.බී.සී. ලෝක සේවයට පවසා තිබෙන්නේ මෙය චීනයට එල්ල කර තිබෙන පිළිගත නොහැකි චෝදනාවක් බවයි.

    ඇමරිකාවේ හා ආසියාවේ දහසකුත් ගූගල් ඊ-මේල් ලිපිනයන් වලට සයිබර් ප්‍රහාරයක් එල්ල කරමින් දත්ත හොරුන් ඇතුළු වී තිබෙන බවත් මෙම ප්‍රහාරය ඇතිවී තිබෙන්නේ චීනයේ ජිනාන් ප්‍රදේශයෙන් බවටත් ගූගල් සමාගම චෝදනා කර තිබුණත් ඒ සම්බන්ධයෙන් චීන රජයට කෙලින්ම චෝදනා කර නොතිබුණි.

    ඇමරිකානු ගූගල් සමාගම වැඩිදුරටත් පවසා තිබුණේ මෙම සයිබර් ප්‍රහාරයෙන් සමාගමේ රහස් දත්ත හොරුන් අතට පත්වී නොමැති වුවත් පුද්ගලයින්ගේ ඊ-මේල් ලිපිනයන්හි රහස් වචන සොරාගෙන තිබෙන බවයි.

    මෙම ප්‍රහාරය රජයක් විසින් සිදුකළාද නැතිනම් තනි තනි පුද්ගලයින් විසින් සිදුකළාදැයි සොයා ගැනීම අපහසු වී තිබෙන බව මේ පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන බව සඳහන්ය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Hong Lei පවසා තිබෙන්නේ මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳව චීනයට චෝදනා කිරීම අසාධාරණ බවත් සයිබර් ප්‍රහාර සිදුකිරීම ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවයි.

    චීනයද සයිබර් ප්‍රහාරවල ගොදුරක් බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබෙන බව සඳහන්ය.