Google වලින් හරියට වැඩ ගනිමු

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
Google වලින් හරියට වැඩ ගනිමු

google වලදී ඕනි කරන දේ ඉක්මනට ලබා ගන්න වගේම කාලය ඉතුරු කර ගන්නත් මේ ක්‍රම ඕනි වෙනවා.




1 ක්‍රමය

විශේෂ file type එකක් සොයන්න නම් search bar එකේ සොයන්න ඕනි කරන දේත් එක්ක filetype:අදාල file type එක සඳහන් කරන්න තියෙන්නෙ.
ඕනි කරන්නෙ Windows 7 ගැන ලියවුනු pdf නම් මේ විදියට search කරන්න.
windows 7 filetype:pdf
window7 වල පින්තුර ඕනි නම් Google images මේ විදියට වල search කරන්න.
windows 7 filetype:jpg
ඒ වගේම ඒ පින්තුර වල ඕනි කරන size එකක් තියෙනවනම් ඒකත් දෙන්න පුළුවන් මේ විදියට.
windows 7 filetype:jpg imagesize:1920×1080



2 ක්‍රමය

තවත් වැදගත් දෙයක් තමයි අනවශ්‍ය තොරතුරු නොපෙන්වීමට අනවශ්‍ය වචන ඉදිරියට – සලකුණ යෙදීම. මේ මගින් ඒ වචනය සහිත තොරතුරු සෙවීම වලකිනවා. (මේ දේම advanced search කියන link එක click කරල කරන්න පුළුවන්. )
ඕනි කරන්නෙ microsoft ගැන හොයන්න ඒත් windows ගැන නැතුව නම් මේ විදියට search කරන්න පුළුවන්.
microsoft -windows
තනි තනි වචනයන් වෙන වෙනම සොයන්න නොදී එක පදයක් විදියට සොයන්න ඕනි නම් ඒ වචන “ “ (inverted comma) අතර ලියන්න.




3 ක්‍රමය

පරිවර්තකයක් විදියට google භාවිතා කරන්න පුළුවන් කියල දැනගෙන හිටියද?
USD 50 ක් රුපියල් කීයක්ද බලා ගන්න ඕනි නම් මේ විදියට type කරන්න.
50 USD in lkr
ඒ වගේම calculator එකක් විදියටත් google භාවිතා කරන්න පුළුවන් උනත් ඒක නම් ඒ තරම් වැදගත් වෙන දෙයක් නම් නෙමේ.
(+ එකතු කරන්න, - අඩු කරන්න, * වැඩි කරන්න, / බෙදන්න, sqrt 50, 3^6 )
ඒ වගේම බර, උස, දුර මනින මිනුම් අතර පරිවර්තන වලදී google උපයෝගී කර ගන්න පුළුවන්.
6 pounds in kg
60 meters in feet
seconds in year




4 ක්‍රමය
නොදන්නා ඉංග්‍රීසි වචනයක තේරුම හොයා ගන්න ඕනි නම් මේ විදියට type කරන්න.
define: love
5 ක්‍රමය
හොයන්න ඕනි කරන වචන වලට සමාන හෝ කිට්ටු සම්බන්ධතාවයක් තියන දෙයක් හොයන්න ඕනි නම් ඕනි කරන වචනයට ඉස්සරහින් ~ සලකුණ දාන්න.
~kfc




6 ක්‍රමය

නිශ්චිත අඩවියක විතරක් යමක් හොයන්න ඕනි නම්, ඕනි කරන වචනත් එක්ක මේ විදියට type කරන්න.
ms office site:sinhalasite.com
තව දන්න දේවල් තියෙනවනම් forum එකට එකතු වෙලා බෙදා ගන්න අනිත් අයත් එක්ක.





"උපුටා ගැනීමකි":yes:
Sorry if re-post.