අප කවුරුත් දන්නා ලොව ප්‍රසිද්ධ ගූගල් ආයතනය ඩොමේන් නාමයන් ලියාපදිංචි කිරීමේ සේවය ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව මේවන විට එළිදරව් කර තිබේ.
ඔවුන් පවසන ආකාරයට මෙය පරීක්ෂණ මට්ටමේ ඇති අතර දැනට මෙම සේවය භාවිතා කල හැක්කේ ආරාධනා කර ඇති පුද්ගලයන් සඳහා පමණයි.
දැනට ලොව විශාලත ම ඩොමේන් නාමයන් ලියාපදිංචි කිරීමේ සේවයේ සිදු කරන ආයතනයක්වන්නේ ගෝ ඩැඩී ආයතනයයි. මේ වනවිට මිලියන 57 ක ආසන්න ඩොමේන් ප්‍රමාණයක් ඔවුන්ගේ කළමණාකරණය සතු ව ඇති අතර එමඟින් ඔවුන් ලබන ආදායම ඩොලර් මිලියන 1.1 කි.
මෙමඟින් ගෝ ඩැඩී ආයතනය සහ ගූගල් ආයතනය අතර සෘජු තරඟකාරීකත්වයක් ඇතිවිය හැකි බව ගූගල් ආයතනය මෙම සේවාව ආරම්භ කිරීම පිළිබඳ ලොව ප්‍රසිද්ධ සංඛ්‍යාංක අලෙවි ප්‍රවර්ධන ආයතනයක්වන VML Qais ආයතන ප්‍රධානී කෙයිත් ටිමිමි පවසයි.
asianmirror



