හැමෝම internet යනව කිව්වට ලෝකෙ සමහර රටවල් වල 1ක් internet යනකොට දෙන්නෙක්ට යන්න විදිහක් නැතිලු...
සමහර රටවල් වල 1ක් යනකොට 100කට යන්න විදිහක් නැතිලු ...
සමහර රටවල් වල 1ක් යනකොට 1000කට යන්න විදිහක් නැතිලු...
( අපේ රටේ internet එන්නෙ 5 දෙනෙක්ගෙන් එක්කෙනයි ලු )
මෙන්න මේ ප්‍රශ්නෙට විසදුමක් විදිහට GOOGLE ආයතනයෙන් සමාජ සේවයක් විදිහට GOOGLE LOON හදුන්වල දෙන්නෙ..
ඒක, උන් ලොකුවට හම්බ කරපු සල්ලි වලින් මිනිස්සුන්ට සේවාවක් කරන්න හිතාගෙන කරන project එකක්..
මේ වැඩේ කරන්නෙ පොළව මට්ටමෙන් කිලෝමීටර් 20ක් විතර උඩින් තියන balloon සෙට් එකකින්..
හරියට weather බැලූන් වගේ.. ( අර gotham එකේ තියෙන්නේ )..
අභ්යවකාශෙට satellite යවල communicate කරන්න පුලුවන් කියල කිව්වෙ ආතර් c. ක්ලාක්..
හබැයි ඒ වැඩේ වියදම වැඩි නිසා තමයි මේ balloon දාල මේක කරනව කියන්නේ..
හබැයි මේව භූ ස්තාවර චන්ද්‍රිකා වගේ රටකට උඩින් එක තැන තියෙන ඒව ජාතියක් නෙවේයි..
අභ්යාවකාශෙට යන්නෙ නැතුව වායුගෝලයෙ පරිවර්තී ගෝලය (stratosphere) ඇතුලෙ කක්ශගත කරන්න බෑනේ..
මේව එහා මෙහා යනවලු...
රටකට internet දෙන්න එක balloon එකක් නෙවේ සිය ගානක් මෙහෙම යවනවලු..
එතකොට රටකට උඩින් balloon වියනක් වගේ එකක් තියනවලු..
වායුගෝලයේ විවිධ උන්නතාංශ (altitude) වල තියන විවිධ දිශා වලට හමන සුලං ධාරා වල උදව්වෙන් තමයි මේ balloon වලට යම් කිසි රටක දේශ සීමාවෙන් පිට පනින්නෙ නැතුව positioning තියාගන්නව කියන්නෙ..
ඒ කියන්නෙ උඩ යවල නිකන් ඉන්න බෑ හැමතිස්සෙම අවධානෙන් ඉන්න ඕනෙලු..
මේ වැඩේ මම දන්න තරමට පටන් අරන් තියෙන්නෙ New Zeland වලින්..
මුලින් මුලින් යවපු balloon දවසෙන් දෙකෙන් බිම වැටුනලු..
විවිධ හේතු තියනව...
යම් ප්‍රදේශයකට උදේ ඉර එලිය වැටෙනකොටයි රෑට ඉර එලිය වැටෙන් නැතිකොටයි ඒ ප්‍රදේශයෙ සිදුවෙන උශ්නත්වයෙ සහ පීඩනයෙ වෙනස්කම් නිසා බැලූන් එක අතුලෙ වායු පීඩනයෙ සිදුවෙන වෙනස්කම් වගේම පරිවර්තී ගෝලයෙ භෞතික විපර්යාස නිසා මෙහෙම balloon පුපුරල බිම වැටුන කියලයි කියන්නෙ..
පස්සෙ කට්ටිය එකතු වෙලා මේ ප්‍රශ්න අවම කරගන්න පුලුවන් විදිහට GOOGLE හදපු විශේශ පරීක්ශනාගාරයක් ඇතුලෙ, අර කියපු පරිවර්තී ගෝලයට සමානකම් දක්වන එක එක තත්ව යටතේ පරීක්ශන කරල වැඩි දියුනු කරල හදපු බැලූන් තමයි ලු දැන් වෙනකොට යවනව කියන්නේ..
මේ balloon එකක උනත් උපරිම ආයු කාලය මාස 1ක 2ක වගේ කාලයක් ලු..
එතකොට කඩන් වැටුනහම ආපහු වෙන එකක් ඒ වෙනුවට යවන්න ඕනෙලු.. ඔක්කොම එකපාර කඩන් වටෙන්නෙ නැති නිසා continuous internet access දෙන්න ඒක බාධාවක් නෙවෙයි ලු..
ලෝකෙ තැන් තැන් වලට internet දීල දීල මදි වගේ හිතිල, රටක් පිටින් internet දෙන්න ඕනෙ කියල තමයි ශ්‍රි ලංකාව කියන පොඩි රට තෝරගෙන තියෙන්නෙ..
එතකොට අපේ රට තමයි වැඩේ හරි ගියොත් ලෝකෙ රටක් පිටින් GOOGLE LOON complete කරපු මුල්ම රට..
free කිව්වට 4G LTE කාලයක් free දීල පස්සෙ මේගොල්ලො අපෙන් පොඩි මුදලක් අය කරයි කියලයි කියන්නෙ..
හැබැයි ඒක දැන් ඉන්න internet service providersලගෙ ගනන් හටියට සහෙන්න ලාබ වෙයි ලු..
from : fb
