Google map දෙන ආතල්

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගාල්ලේ ලොවර් ඩික්සන් රෝඩ් එකෙන්
    upper dikson road යන්න පාරක් පෙන්වනවා. ඒක ගෙදරක මිදුලක්. අපහු එවිත් වෙන පාරකින් ආව.පාරේ ආනතිය අංශක 45 ට වැඩි වගේ...වාහනේ අනෙක් පැත්තට කූරියා ගහයි කියලයි හිතුවෙ....

    මමත් දවසක් හොරණ පැත්තෙට ගියා කොළඹ ඉදන් ඒහරියේ පොඩි පොඩි පාරවල් වලින් කාර් එක යන්න බැරි හෙන කදු වලට මැප් එක් පෙන්නනවා බයික් එකක වගේනම් යන පුලුවන් පස්සේ ඒහරියේ ගමේ මිනිස්සුන්ගෙන් මට යනන් ඔන තැන් පාර අහගෙන් ආවා..

    ඒත් ගොඩක් තැන්වල අවුලක් නැතිව ගිහින් තියෙනවා.
     

    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    මට නම් හොදම ආතල් එකක් උනා.. හැබැයි අවුරුදු 03 කට ඉස්සෙල්ලා...අපේ වෙඩින් එක තිබුනේ මීගමුවේ, නමුත් අපි නවතින හොටෙල් එක බුක් කරේ ඇල්ලේ (98 Acres) ...ඔන්න ඉතින් වෙඩින් එක ඉවර වෙලා, කස්ටිය එක්ක කතා කරල, පිස්සු නටල මීගමුවෙන් පටන් ගනිද්දි හවස 7 විතර වෙලා... අනික යන්නෙත් අපි දෙන්න විතරයි වාහනේ... හැමෝම බැන්න යන්න එපා, එකක් මහන්සියි (මොකද ඊට ඉස්සෙල්ල දවසේ එක විනාඩියක් නිදාගත්තේ නෑ...) දුර වැඩියි අරකයි මේකයි... කවුරු හරි එක්කගෙන යන්න, වගේ දේවල්....

    කාගෙවත් කීම අහන්නේ නැතුව ඔන්න ගමන පටන් ගත්තා, ඔන්න මීගමුවේ ඉදලම දාගත්තා මැප් එක හොටෙල් එකටම, ඔන්න ඉතින් යනවා.. මෙන්න රූට් එක

    මීගමුව - කටුනායක - නිට්ටබුව - අවිස්සාවේල්ල - රත්නපුර - පැල්මඩුල්ල - බලන්ගොඩ - බෙලිහුල් ඔය - බෙරගල - හපුතලේ - බන්ඩාරවෙල - ඇල්ල - හොටෙල් එක

    ඔන්න ඕක තමා යන්න තිබුන රූට් එක... මොකද මම ඉස්සෙල්ලා බලල තිබ්බේ....පැය 06 කින් වගේ යන්න පුලුවන් නිසා....

    ඔන්න ඉතින් පටාන් ගත්තා.. යනවා යනවා රත්නපුරෙත් පහු කරා, පැල්මඩුල්ලත් පහු කරා බලන්ගොඩ කිට්ටු වෙද්දි මෙන්න යකූ ගූගල් අක්ක කියපි හැරියන් හැරියන් කියල...මමත් ඒකිව විශ්වාස කරල දැම්ම අතුරු පාරකට... ටිකක් විතර පටුයි.. හොදම ආතල් එක කාර් එකත් සරසපු ගමන්, හැමෝම බලනවත් එක්ක, ඔන්න ඉතින් ඒ අතුරු පාරේ යනව... මගෙත් පකේ ලොකු කම, එකෙක්ගෙන්වත් ඇහුවෙත් නෑ.. ගූගල් කෙල්ල විශ්වාස කරා... ඔන්න යනවා ඒ පාරේ කිලෝ මීටර් 50 ක් වගේ... පාරත් අවුලක් නෑ මිනිස්සුත් නෑ, ඇරල යනවා... ඔන්න ඊට පස්සේ පාර හදන්න පටන් ගෙන හැම තැනම කඩල, ගල් දාල, හෙන වලවල්, මිනිස් පුලුටක් නෑ, ඒත් ගියා තව කිලෝමීටර් 10 ක් විතර ඉස්සරහට, දැන් යන්නේ ඉබ්බ යනවා වගේ... ඔන්න යනකොට ත්‍රීවීල් එකක් නවත්තල තිබුනා. දැන් වෙලාව 11 වගේ.. ඇහුවා පොරගෙන්... මෙන්න ඒකා කියාපි, මල්ලි උබට අමු කැවිලද කියල... ආපහු ඒ පරෙම ආපු කිලෝමීටර් 60 ගිහිල්ල, ප්‍රදාන පාරට දාල යන්න, අතුරුපාරවල් වල යන්න එපා, අනික ඔය යන පාරේ කොහේවත් නවත්ටන්න එපා.. හොරු ඉන්නවා කියල කියපි.... අම්මෝ මගේ ඉහෙන් කටෙන් දාඩිය දාන්න පටන් ගත්තා බොල, කාර් එක ඇතුලේ රත්තරන් බඩුයි, සල්ලියි ඔක්කොම....

    ඉබ්බ වගේ ගිය මම, ඔන්න ආපහු හරවගෙන ඇරිය ඇරිල්ලක් අම්බෝ.... බයටම පෑගුනා.... ඔන්න කොහොම හරි 12 වෙද්දි ආපහු ප්‍රදාන පාරට දා ගත්තා... දාගෙන යනවා.. දැන් ඔන්න, බලන්ගොඩ පහුවෙලා, බෙරගලයි හපුතලෙයි අතර නිදිමතක් ආපු නිසා කාර් එක පොඩ්ඩක් අයින් කරල නින්දක් දැම්මා... (ආ කියන්න බැරි උනා බිරිද මීගමුවෙන් පටන් ගනිද්දිම කරටි කැඩෙන්න නිදි, ඔය උන එක සිද්දියක්වත් එයා දන්නේ නෑ.. හොටෙල් එකට ගිහිල්ල ඇහැරනකම්) පාකින් දාල, ස්ටාර්ට් පිට නින්ද දම්මා, කොහොම හරි මට හිතෙන්න පැය බාගයක් වගේ නිදා ගන්න ඇති... ඔන්න මට තේරෙනවා කවුරු හරි වීදුරුවට තට්ටු දානවා... මම නැගිටින්නේ නැතුවම බැලුව වට පිට, ඉස්සරහ වීදුරුවෙන් කවුද ටෝච් එකක් ගහනවා, මගේ පැත්තේන් වාහන්යක් නවත්තලත් තියෙනවා, තව දෙන්න තුන්දෙනෙක් වගේ එහාට මෙහාට යනවා.. මම දැන් රෙඩි වෙලා හිටියේ ඕන එකෙක් හප්පගෙන හරි, යන්න... ගියර් එකත් දාගෙනම, සීට් එකත් ඇජෙස්ට් කරල, වීදුරුව චුට්ටම චුට්ටක් ඇරිය, පොලීසියෙන් කියල කිවුවා... (දැන් බයෙත් ඉන්නේ ඇයි අර මනුස්සය කියපි හොරු ඉන්නවා කියලා)... ඔන්න තව පොඩ්ඩක් ඇරිය.. පොලිස් වාහනේ තිබුනා.. හැබැයි කස්ටිය සිවිල් පිට... ඔ.අයි.සී සිට් එකේ වාඩි වෙලා ඉන්නවා... ඊට පස්සේ ඌට තේරුනා මම බය වෙලා කියල, ඊට පස්සේ පොර කියපි, මල්ලි පිස්සුද උබට, ඔහොම අපේ පස්සෙන් එන්න තේ කඩයක් තියෙනවා, එතනට ගිහිල්ල, නින්දක් දාන්න කියල... ඊට පස්සේ පොරවල් එක්කම ගිහිල්ල තේත් අරන් දීල එයාලට... එයාල ගියා බැනල බැනල.. මමත් ප්ලේන්ටියක් ගහල, උණු උනුවේ රොටියකුත් කාල ආපහු ගමන පටන් ගත්තා... ඒ වෙනකොට වෙලාව 2.30 විතර වෙලා.... ( මොකද හෙමින් ආවේ. එකක් නිදිම්නත, අනික වංගූ)


    ආපහු ගමනේ... කොහොමෙන් කොහොම හරි හොටෙල් එකට එද්දි... අපරාදේ කියන්න බෑ සහෝදරවරුණී.. පුදුම සතුටක් ඇති උනේ ගූගල් අක්ක ගැන... මට ඉබීන්න හිතුනා.... උදේ 3 පහු වෙලා පිංවත.....

    එදා නම් අමතක වෙන්නේ නෑ.... ඊට හපන් හොටෙල් එකට ආවහම...

    අපි හිටියේ 98 Acres එකේ... ගියපු අය දන්නව ඇති, සුයිට් එක තියෙන්නේ ටිකක් පල්ලෙහා, ඒ කියන්නේ පුංචි ලෝකාන්තෙට යන පාරේ... ඒ පාරේ කාර් එකකට යන්න බෑ.. සිකුරුටිය කිවුවා යන්න එපා කියල.. මම කිවූවා අපේ බඩු තියෙනවා ඒ නිසා අරගෙන යනවා කියල.. ඌ කියපි හරව ගන්නත් තැනක් නෑ, පාරත් පටුයි යන්න බෑම කියපි.. ඒත් මම ගියා, මහ කලුවර, පේන්නේත් නෑ, මීදුවත් එක්ක.. අනේ මන්ද මම කාර් එකත් හරවල, රූම් එක ලගින්ම නවත්තල කිසිම අවුලක් නැතුව...

    ඔය ඔක්කොම හොදයි, සතුට කියන්නේ උදේ වාහනේ ගන්න බලද්දි හැමෝම ඇහුවේ කොහොමද මෙතනට ආවෙ, හරවා ගත්තේ කොහොමද, පාක් කරේ කොහොමද කියල, කොටින්ම කිවුවොත් මටත් පුදුමයි මම කාර් එකෙන් බැස්සේ කොහොමද කියල... යකෝ හෙන පල්ලමක් එතන,, අනික කාර් එක හරවලත් තියෙන්නේ පල්ලමකට, අම්මෝ වැටුනනම් තාම වැටෙනවා.. ඇත්තටම තාමත් හිතාගන්න බැරි හොහොමද හැරෙවුවේ කියල.....


    එදායින් මෙදා තුර මම නම් ගූගල් අක්කගෙන් පාර ඇහුවත්, පාරෙ ඉන්න අයගෙනුත් අහලම තමා යන්නේ.... අම්බෝ....

    අම්බෝ :baffled::baffled:
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Godak athul parawal wala googke maps 100% accurate na hamawelema. Ona tharam parawal iwas wela tyanwa. Ea patte tyana parakata navigate karanawa wage aul mata set wela tyanawa
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    1 eka parak hikkaduwa paththe gihin re pol waththak medata gihin natara wuna "u have arrived ur destination" kiyala.

    2 tawa parak monaragala edala colombo eddi ude 4ta withara welak meddata gihin gps lost wuna. para ganata wahane palala witharai.patta midumak tibbe.hena kattak kala maha parakata dagaththe

    podi guru parawal wala nam google karaya ambanakata geniyala tiyanawa mawa.e welawata map haduwa ekage amma muththa matak wenawa ethin