Google Quantum Supremcy

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,173
    8,164
    113
    M-Town
    ගූග්ල් සමාගමට අද 21 වසරක් පිරෙන මොහොතේ එම සමාගම "ක්වන්ටම් " පරිඝණකයක ක්‍රියාකාරීත්වයේ "Quantum Supremacy" සාක්ෂාත් කරගත් බව නිවේදනය කරනවා...

    මෙයින් අදහස් වන්නේ, සුපිරි පරිඝණකයක් ( Supercomputer ) හෙවත් ඉතාම බලගතු ක්‍රියාකාරීත්වයක් සහිත බහුකාර්ය මේන්ෆ්‍රේම් පරිඝණයක් පවා විසඳන්න අසමත් වූ ගැටලු කිහිපයක් ක්වන්ටම් පරිඝණයක් යොදාගෙන ගූග්ල් සමාගම විසඳා ඇති බව....(අසමත් වුනේ සුපර්කම්පියුටර් වලට ඒවා විසඳන්න ඇති නොහැකියාව නිසා නෙමෙයි.... විසඳුවා නම් විසඳන්න සුවිශාල කාළයක් යන නිසා....)

    මේ ගැටළු ලෝකයේ ඉහළම පෙළේ ප්‍රොසෙසර සහ අනෙකුත් උපාංග සහිත පරිඝණකයකට යොදන ලද වැඩසටහනකට වසර 10,000 ක පමණ කාළයක් ගතවිය හැකි වුවත්, ක්වන්ටම් ප්‍රොසෙසරය එය විනාඩි තුනකුත් තප්පර විස්සකින් විසඳා ඇති බව තමයි වාර්ථා වන්නේ.... මේ පිළිබඳව පසුගිය සෙනසුරාදා දිනයේ තමයි මුල් වරට මාධ්‍ය වලට හෙළිදරව් වුනේ....

    මේ සඳහා භාවිතා වී ඇති ප්‍රොසෙසරය තමයි "සිකමෝ" ( Sycamore Processor) ප්‍රොසෙසරය කියන්නෙ....මෙම ප්‍රොසෙසරයේ ක්වන්ටම් තොරතුරු ක්‍රමවේදයේ තිබෙන සුවිශේෂීම ලක්ෂණය වන කිවුබිට්ස් (Quibits) 54 ක් තිබෙනවා...

    සමහර නිරීක්ෂණ වලට ඉහත කියපු තප්පර 200 ක පමණ ගණනය කිරීමේ ක්‍රියාවලියේදී මෙම ප්‍රෝසෙසරයේ කියුබිට් 54 න් සක්‍රීය වී තිබෙන්නේ 53 ක් පමණයි....

    සාමාන්‍ය පරිඝණක වල දත්ත ගබඩා කරන්නේ සහ පරිසැකසුම් කරන්නේ "1" සහ "0" ලෙසින්...අප මෙය "බයිනරි" ක්‍රමවේදය ලෙස හඳුන්වනවා.... නමුත් ක්වන්ටම් භෞතික විද්‍යාවේ ඉලෙක්ට්‍රෝනයක භ්‍රමණය, අංශුමය ස්වභාවයේ හැසිරීම සහ පෝටෝනයක් ධ්‍රැවීකරණය යන අවස්ථා වලදි හමුවන අවස්ථා දෙකක අතර මැද පොදුවේ පවතින "අධිස්ථානය හෝ අධිස්ථාපිත අවස්ථාව" කියන ක්‍රමවේදය භාවිතා කරමින් ක්වන්ටම් පරිඝණක වල මේ "1" සහ "0" ට අමතරව මේ අවස්ථා දෙකටම පත්වීමේ යම් යම් සම්භාවිතාවයන් වල එකතුවක් සහිත "අධි- අවස්ථාවක්" ( Quantum Superposition) පවත්වා ගන්නවා.....අන්න ඒ නිසා, මේ ක්වන්ටම් පරිඝණක වලට පිරිසැකසිය යුතු තොරතුරු ලබාදුන් පසුව, එහි දත්ත පිරිසැකසුම් සහ ඒ පිරිසැකසුම් වලින් පැමිණිය හැකි ප්‍රතිඵල ඉතාම වේගවත් වගේම, ඉතාම සංකීර්ණයි.....

    ඉතින් මෙන්න මේ ක්වන්ටම් ඉන්ෆොමේෂන් ප්‍රොසෙස් එක සඳහා භාවිතා කරනු ලබන ප්‍රොසෙසර වල කුඩාම ක්‍රියාකාරී ඒකක වන්නේ "ක්වන්ටම් + බිට්ස්" හෙවත් "ක්වි බිට්ස් ලෙසත් කියුබිට්ස් " ලෙසත් හඳුන්වනු ලබන තොරතුරු ඒකක...

    ඉතින් මෙන්න මේ ක්වන්ටම් සුපර්පොසිෂන් එක නිසා, ඕනම ක්වන්ටම් කම්පියුටර් එකකට පිරිසැකසිය හැකි ගණනය කිරීම් සංඛ්‍යාව :

    2^n ලෙස හඳුනා ගනු ලබනවා.... මෙහිදී "n" යනු = එම පරිඝණකයේ තිබෙන කියුබිට්ස් සංඛ්‍යාව....

    ඒ නිසා මේ ගූගල් සමාගමේ පරිඝණකයට එක් පියවරකදී කළ හැකි ගණිතමය සහ ගණිතමය නොවන ගණනය කිරීම් සංඛ්‍යාව = 2^54 ලෙස අපට හඳුනා ගන්න පුලුවන්....

    මේක සුවිශාල සංඛ්‍යාවක් බව ඔබට පෙනෙනවා ඇති......ඒ අගය එක්ස්පොනන්ට් කැල්කියුලේටර් එකකට දාලා බැලුවොත් එන්නෙ මෙන්න මේ ගාණ -

    18446744073709551616

    මේ ක්වන්ටම් පරිඝණක වල මිනිස් වර්ගයාට හමුවන "පැරලල් ප්‍රෝසෙසින්" වල විශිෂ්ඨතම අවස්ථා හෙවත්, එක් පියවරකට සැබෑවටම බහුවිධ ගණනය කිරීම් දක්නට ලැබෙන බව කියනවා....

    නමුත් මේ ගූග්ල් සමාගමේ ක්වන්ටම් කම්පියුටරය "ක්වන්ටම් සුප්‍රිමසි" ක්‍රියාකාරීත්වයට පත්වීම ගැන වෙනත් සමාගම් නොයෙකුත් ආන්දෝලනාත්මක මත ඵල කරනවා...

    ක්වන්ටම් පරිඝණක ක්ෂේත්‍රයේ මේ සුවිශේෂී ජයග්‍රහණය ලබාගැනීම සඳහා ගූග්ල් සමග ඉන්ටෙල් සමාගමත්, අයි.බී.එම් සමාගමත් තරඟ වැදුණා..... ඔබ දන්නවා කියුබිට් 30 ක පරිඝණකයක් සාර්ථකව සක්‍රීය කරමින් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් බවට පත්වුනේ අයි.බී.එම් සමාගම.... පසුව ඔවුන් එම සංඛ්‍යාව 56 ක් දක්වා වැඩි කළ බව කිව්වා.....දැන් මේ අයි.බී.එම් ආදී වූ අනෙකුත් සමාගම් සහ තරඟකරුවන් කියන අන්දමට ගූග්ල් සමාගම මේ ජයග්‍රහණය ලැබූ බවට ඵලවුනු එකම පිළිගත හැකි තොරතුර වන්නේ මේ 2019 වසරේ අගෝස්තු මාසයේදී නාසා ආයතනයට යවා, එම ආයතනය මඟින් ඵල කරන ලද පරීක්ෂණ පත්‍රිකාවක්.....නමුත් මේ පත්‍රිකාව පළ කර කෙටි කාළයකින් එය එම ආයතනයේ වෙබ් අඩවියෙන් ඉවත් කළ බවත්, නාසා ආයතනයට එබඳු ගවේෂණ පත්‍රිකාවක් සබ්මිට් කිරීමේදී අනුගමනය කළ යුතු පටිපාටිය ඔවුන් අනුගමනය කර නැති බවත් තමයි දැන ගන්නට ලැබී තිබෙන්නෙ....

    කොහොම උනත් මේ පරීක්ෂණ පත්‍රිකාව ඉවත් කරන්නට පෙර එය ඩවුන්ලෝඩ් කරගත්තු අය දැන් එය ලෝකය පුරා සංසරණය කරමින් තිබෙනවා...

    මේ පිළිබඳව මධ්‍යස්ථ අදහස් දක්වන විශේෂඥයන් කියන්නෙ, මේ " ගූග්ල්.ඒ.අයි" හෙවත් ගූගල් සමාගමේ කෘත්‍රිම බුද්ධි ගවේෂණ උප සමාගම විසින් සුවිශාල ජයක් ලබාගෙන තිබෙන නමුත්, මෙහි නියම භාවිතාව සුලභව මිනිස් වර්ගයාට ලැබෙන්නට තව යම් කාළයක් ගතවනු ඇති බවයි.....

    දැනට මේ ක්වන්ටම් පරිඝණක වල සුභාවිතාව සිදු කළ හැකි අවස්ථා ලෙස හඳුනා ගනු ලබන්නේ -

    - කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාකරවන යන්ත්‍ර වලට දත්ත ගබඩා, පෙර සිදුවීම්, අත්දැකීම් ආදියෙන් මතුවට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ ඒවා කළ යුතු ආකාරය ගැන උගන්වන "යන්ත්‍ර ඉගැන්වීමේ" ක්‍රමවේදයට

    - ප්‍රශස්ථිකරණය හෙවත් යම් ක්‍රියාවලියක, ගණනයක හෝ ක්‍රියාන්විතයක උපරිම වේගය, කාර්යක්ෂමතාවය, සඵලතාවය එන ආකාරය තෝරා බේරාගැනීම සඳහා, ගණනය කිරීම සඳහා

    - අභ්‍යවකාශ තාක්ෂණයේදී සිදු කළ යුතු අති දැවැන්ත ගණනය කිරීම් වේගයෙන් සිදු කිරීම සඳහා

    - අවි මාදිලියක් ලෙස

    - යෝධ වෙළඳපොළ අගයන් සහ වාණිජ ගණුදෙණු උපරිම වශයෙන් පවත්වාගෙන යෑම සඳහා සුවිශාල දත්ත ගණනය කිරීමේ මාදිලියක් ලෙස

    - ජීව විද්‍යාත්මක ගවේෂණ වල ක්ෂුද්‍රම අවස්ථාවලදී ඖෂධ, රසායනික ද්‍රව්‍ය ආදියට සෛල දැක්විය හැකි ප්‍රතිචාර, ස්නායු පද්ධතියේ සක්‍රීයත්වයට කරනු ලබන උත්තේජන, ප්‍රතිශක්තීකරණයට කරනු ලබන උත්තේජන ආදිය සඳහා විසඳුම් සැපයීමට...


    https://www.popularmechanics.com/science/energy/a29563154/google-achieves-quantum-supremacy/
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    IBM has a 53-qubit computer. They refute this claim. IBM's one is accessible to people but Google's cannot. So there's no independent verification yet.
    Also they say that although Google claims this problem will take 10,000 years to solve, The Oak Ridge Supercomputer can handle it in less than 2.5 days.
     
    Last edited:

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    me computers awoth cancer,aids wage ewata gemak nathuwa beheth hoya ganna puluwan lu...protein wala structure wenas wena widiya analyze karala...patta
     
    • Like
    Reactions: chathura414