Google Sea View

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    නවතම Google Sea View සේවාව

    Google Earth අප බොහෝ දෙනෙකු ඉතා හොදින් දන්නා Google සමගම විසින් ලබාදෙන සේවයකි. මෙය හරහා පෘතුවිය මතුපිට ඕනෑම තැනක ජයාරූප දැක ගැනීමේ හැකියාව ලබාදී ඇත.

    Google සමාගමේ Google Earth තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් Google Sea View හඳුන්වාදීමට සැරසෙන්නේ මුහුද යට තොරතුරුද ඔබ වෙත ගෙන ඒමේ අරමුණිනි. නොබෝ දිනකින් ඔබේ නිවසේ සිට ඕස්ට්රේනලියාවේ මහා බාධක පරය අවට කිමිදෙමින් එහි සුන්දරත්වය විදාගැනීමේ අවස්ථාව ඔබට ලැබෙනු ඇත.
    මෙය වනවිට මස ගණනාවක් තිස්සේ විශේෂඥ කිමිදුම්කරුවන් විසින් මෙම මහා බාධක පරයේ අංශක 360 ක පැනොරාමා (Panorama) ජයාරූප ගනිමින් සිටින අතර, මෙය වනවිට ජයාරූප 50,000 ක් පමණ ගෙන ඇතැයි වාර්තා වේ.
    පළමුවෙන්ම පරිශීලකයන්ට මෙම අත්දැකීම ලබාදීමට සැලසුම් කර ඇත්තේ Catlin Sea View Survey Map හරහා වන අතර මෙහිදී මීටර ක් ගැඹුරට මුහුදේ අසිරිය විදගැනිමෙහි අවස්ථාව ලැබෙනු ඇත. පසුව මෙම විශේෂාංගය Google Earth සමඟ සම්බන්ධ කෙරෙනු ඇත.

    SVII මූලාකෘතිය

    The-SVII-004.jpg


    මෙම ක්රිමයාවලිය සඳහා අවශ්ය පනොරමා ජයාරූප ලබාගැනීමට යොදා ගන්නා විශේෂිත උපකරණයේ නවතම මූලාකෘතිය (prototype) SVII ලෙස හදුන්වයි. මෙමගින් මුහුද යට පැයට කිලෝමීටර 4 ක වේගයෙන් ගමන් කල හැකි අතර සෑම තත්පර 4-6 වරක් ජයාරූප ගැනීමට හැකියාව ඇත.

    SVII උපකරණය උපයෝගී කරගනිමින් විශේෂඥ කිමිදුම්කරුවන් විසින් සාගර පතුල ජයාරූප ලබාගන්නා ආකාරය.

    timthumb.jpg


    මෙම ක්රි.යාදාමය හරහා මහා භාදක පරයේ එදිරි පැවැත්ම උදෙසාද යම් කාර්ය භාරයක් සිදුවේ. එනම් සිදු කෙරෙන අධ්යකනයන් හරහා ඒ අවට ජෛව පත්ධතියට බලපෑම් එල්ල කරන දේශගුණික හා පාරිසරික විපර්යාස පිලිබඳ අවබෝධයන් ලබාගැනීමට විශේෂඥයන් වෙත අවස්ථාවක් ලැබීමයි. ඒ වගේම මිලියන ගණනක් ජනතාවට මුහුද යට ඇති ජිවය, ඒ අනුවම හා පුදුම සහගත බව පිළිබඳව අත්දැකීමක් ලබාගැනීමට මෙමගින් හැකිවනු ඇති බවයි.

    මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබට http://www.catlinseaviewsurvey.com/ යන වෙබ් අවවියෙන් ලබාගත හැක.