Google_Password

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    google chrome Password alert

    ගූගල් ක්‍රෝම් අවුලෙන් මුරපද අනතුරේ!

    ඔබ අන්තර්ජාලය භාවිතා කිරීමට යොදාගන්නේ ගූගල් ක්‍රෝම් ද? ඔබ විවිධ වෙබ්අඩවි වලට පිවිසීමට අවශ්‍ය මුරපද ගූගල් ක්‍රෝම් හි ගබඩා (save password) කර තිබේද? එසේ නම් එම මුරපද වල ආරක්ෂාව අවදානමට ලක්වී තිබිය හැක.

    අන්තර්ජාලය භාවිතා කරන්නන් අතර අතිජනප්‍රිය ගූගල් ක්‍රෝම් හි ආරක්ෂක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මිලියන ගණනකගේ පෞද්ගලිකත්වය මේ අයුරින් අවදානමකට ලක්ව ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

    මේ පිළිබඳව අනාවරණය කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ සිටින නවසීලන්ත ජාතික මෘදුකාංග ඉංජිනේරුවෙකු වන එලියට් කෙම්බර් ය.

    ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය භාවිතා කරන්නෙකු විසින් විවිධ වෙබ්අඩවි වෙත පිවිසීමට අවශ්‍ය මුරපද පරිඝණකයේ ක්‍රෝම් මතකයේ ගබඩා කර තැබුවහොත්, එම පරිඝණකයට ප්‍රවේශ වීමට හැකි වෙනත් ඕනෑම කෙනෙකුට කිසිඳු බාධාවකින් තොරව settings panel එක වෙත ගොස් ඒ සියළු මුරපද ලබාගත හැකි බව කෙම්බර් පවසයි.

    මුරපද ‍මේ අයුරින් ගබඩා කර තිබේ නම්, ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය ඔස්සේ chrome://settings/passwords වෙත ගොස් මෙය අත්හදා බැලිය හැක.

    ගූගල් හි ප්‍රධාන වෙළඳපොල යනු මෘදුකාංග ඉංජිනේරුවරයන් නොව සාමාන්‍ය අන්තර්ජාලය භාවිතා කරන්නන් බවත්, සිය මුරපද වෙනත් අයෙකු හට අත්පත් කරගැනීම මෙතරම් පහසු යැයි ඔවුන් නොදන්නා හා නොසිතන බවත්, නොදැනුවත්කම මත සෑමදිනකම තවතවත් මුරපද ක්‍රෝම් බ්‍රවුසර මතකයේ ගබඩා කෙරෙන බවත් ඔහු පවසා තිබේ.

    කෙසේ වෙතත්, ගූගල් ක්‍රෝම් මෘදුකාංග ඉංජිනේරු කණ්ඩායමේ ප්‍රධානී ජස්ටින් ෂුහ් පවසා ඇත්තේ මෙවැන්නක් පිළිබඳව සිය කණ්ඩායම දැන සිටියත් පවතින පද්ධතිය වෙනස් කිරීමට තවමත් අදහසක් නැති බවයි.

    මෙම ප්‍රතිචාරය ඉතා කලකිරවන සුළු ප්‍රතිචාරයක් බව අන්තර්ජලයේ නිර්මාතෘ ශ්‍රීමත් ටිම් බර්නර්ස්-ලී පවසයි.

    මීට කලින් වෙනත් අන්තර්ජාල බ්‍රවුසර් වලද මෙම ගැටළුව උද්ගතවී තිබුණ නමුත් ඒවා විසඳීමට ඒවා කටයුතු කර තිබුණි.

    වසර 2010 දී මෙම ගැටළුවට මුහුණදුන් මොසිල්ලා ෆයර්ෆොක්ස් විසින් මෙම තත්ත්වය මගහැරවීමට ප්‍රධාන මුරපද (master password) විකල්පයක් එකතු කර තිබුණ අතර, ඇපල් මෙහෙයුම් පද්ධති වල භාවිතා කෙරෙන සෆාරි බ්‍රවුසරය විසින්ද, ගබඩා කළ මුරපද පෙන්වීමට පෙර ප්‍රධාන මුරපදයක් ඉල්ලා සිටියි.

    (ද ගාඩියන් ඇසුරෙනි)
    :eek::shocked:

    නෙට් එකෙ නිවුස් බලනකොට මේක දැක්කෙ. පරෙස්සම් වෙයල්ල මචන්. කැෆෙ වලට ගිහින් ගූගල් කොම් යුස් කරන්න එපා. පාස්වර්ඩ් සේව් කරන්න නම් එපා බොලව්
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    බය හිතෙනවනේ මමත් ගූගල් ක්‍රෝම් මචං. TFS Machan
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    ඕක ඉස්සර ඉදන්ම දන්න එකක්නෙ බන්, ,, ඕන නම් ජවා Script එකක් ලියන්න පුලුවන් අපි දෙන ලින්ක් එකක් Click කලාම ඔය Save කරලා තියෙන Passwords අපි කියන තැනකට upload වෙන්න,
    XSS + Browser exploit
    අනිත් එක මචො,,, Chrome උනත් Firefox උනත් ඔය ඩේටා Save කරගන්නෙ Sqllite Database වල, ඒ File එක ඉස්සුවා නම් password ඔක්කොම ගන්න පුලුවන්, Master passsword එකත් ඒක ඇතුලෙම තියෙනවා. . .