මේ කියන්න යන්නේ Google Drive එකේ දැනට තියෙන ඉඩ ප්‍රමාණය නොමිලේම 1 TB දක්වා වැඩි කර ගන්න තියෙන ක්‍රමයක් ගැන.
Google සමාගමේ Local Guides වැඩසටහන යටතේ Google Map එක සම්බන්ධව පුංචි game එකක් හඳුන්වලා දීලා තියෙනවා. මේ හරහා තමයි අපිට මේ කියන Google Drive ඉඩ නොමිලේ ම ලබා ගන්න පුළුවන් වෙන්නේ.
මේකට කරන්න තියෙන්නේ සුළු දෙයක්. ඔයාලගේ ෆෝන් එකෙන් හරි පරිගණකයෙන් හරි Google Map application එකේ අළුත් එක් කිරීම්, දැනට තියෙන තොරතුරු නිවැරදි කර වෙනස් කිරීම වගේ දේවල් කරන එක. 1 TB තරම් විශාල ඉඩක් නොමිලේම Google සමාගම සපයන නිසා මේක නිකන් ම ගන්න ලැබෙන්නේ නෑ. ඒකට මෙන්න මේ පහළ තියෙන දේවල් කරන්න වෙනවා.
- Google Map එකේ දැනට නැති, නොපෙන්නන ඔබ දන්නා ස්ථාන අළුතින් එකතු කිරීම.
- Map එකේ දැනට තියෙන , පෙන්වන ස්ථාන වලට අමතර තොරතුරු එකතු කිරීම
- ඒ වගේ ස්ථාන වලට ඔබ ලබා ගත් ඡායාරූප එකතු කිරීම
- ඒ ස්ථාන ගැන reviews එකතු කිරීම (star rating විතරක් මදි මොනවා හරි ලියන්නම වෙනවා ගුණ දොස්)
- අන්තිමට map එකේ පෙන්වන සමහර ස්ථාන වල දී අහන ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයීම.
මේ කියපු දේවල් වලට එක ලකුණ ගානේ තමන්ට ලැබෙනවා.
දැන් එහෙම ලකුණු ලබා ගත්තට ලබා ගන්න ඕනේ ලකුණු ප්‍රමාණයනුත් Google සඳහන් කරලා තියෙන්නේ. මේක හරියට පුංචි ගේම් එකක් වගේ දෙයක්. මට්ටම් 5කට බෙදලා ලකුණු ගණන් වගේම ඒ ඒ මට්ටම් වලට ආවම ලැබෙන ප්‍රතිලාභත් (benefits) සඳහන් කරලා තියෙන්නේ මෙන්න මේ විදියටයි.
Level 1 (0 - 4 points)
- Get the inside scoop with the Local Guides monthly newsletter.
- Join Google-hosted workshops and Hangouts.
- In select countries, enter in exclusive contests for Local Guides.
Level 2 (5 - 49 points)
- Get early access to new Google products and features.
- Promote your own meet-ups on the Local Guides calendar.
Level 3 (50 - 199 points)
- Get noticed with your Local Guides badge in Google Maps.
- Connect with other Local Guides in our exclusive Google+ Community.
- Lead the conversation by moderating Local Guides community channels.
- Receive invites to Google-hosted events in select cities.
Level 4 (200 - 499 points)
- Upgrade your Google Drive storage free.

- Be eligible to be featured in Local Guides online channels.
- Receive an annual thank you gift.
Level 5 (500+ points)
- Be a Google insider, testing new products before public release.
- Apply to attend our Level 5 Local Guides summit.
අපිට ඇත්තට ම වැදගත් වෙන්නේ මේ වැඩේ දී 4 වෙනි මට්ටමට (level 4 එකට) එන එක. ඒ කියන්නේ උඩ කියපු විදියට map එකට අළුත් එක් කිරීම්, වෙනස් කිරීම් කරලා map එක හොඳ තොරතුරු වලින් පුරවලා ලකුණ ලකුණ ගානේ එකතු කරගෙන ලකුණු 200ක් ගන්න එක. හැබැයි හැමෝගෙම යහපත උදෙසා බොරු තොරතුරු, වැරදි ඡායාරූප, වැරදි වෙනස් කිරීම් කිරීමෙන් වැළකෙන්න ඕනේ
. මොකද අන්තිමට මේ දේවල් වලින් ප්‍රයෝජනය හරි අවාසිය හරි ලැබෙන්නේ Google Map එක පාවිච්චි කරන අපි වගේම අනිත් මිනිස්සු නිසා. 
එහෙනම් දැන් මේ වැඩේට අත ගහන්න මෙන්න මේ ලින්ක් එකට ගිහින් JOIN NOW බොත්තම ඔබලා පුළුවන්. එතෙන්දි තවත් විස්තර ගොඩක් දැනගන්න පුළුවන් වේවි මීට වඩා සවිස්තරාත්මකව.
Maps app එකේ left side panel එකේ Your Contributions කියලා තියෙන තැනන් පුළුවන් ගත්තු ලකුණු බලාගන්න. ලකුණු update වෙන්නෙ ටික ටික, දවසට වතාවයි.
අනිත් අයටත් දැන ගන්න, ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් බම්ප් එකක් දාලා යන්න.
Last edited:





