GoPro of Microphones

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
The smartest mic on earth

InstamaticTNW-1024x530.jpg

නිර්මාණ කරුවන් මෙය හදුන්වා දෙන්නේ “GoPro of Microphones” ලෙසයි. මොවුන්ට කවදත් අවශ්‍යය වුනේ දැනට තිබෙන Audio Recording සම්මතයන් ගෙන් ඔබ්බට ගොස් නවතම තාක්ෂණික උපකරණ හදුන්වා දීමටයි. ඔවුන් ඒ සදහා දීර්ඝ කාලයක පටන් ව්‍යාපෘතියක් සිදු කලා. අවසානයේදී ඔවුන්ගේ එම වෑයම සාර්ථක වී තිබෙනවා.
butx1asgrzrhxvqptha4.gif


Instamic කියන්නේ කුඩා මයික්‍රොපෝනයක්. මෙය රැදවීමට කුඩා clip එකක් ද ඇති අතර කාන්දම් බලයෙන් මතුපිටක රැදී සිටීමටද හැකියාව තිබෙනවා. මෙය දැනට භාවිතා කරන විශාල මයික්‍රොපෝන වලට හොඳ ආදේශකයක් වේවි. මේ උපාංගය versions දෙකකින් වෙළඳ පොලට නිකුත් වෙනවා. ඒ Go සහ Go Pro ලෙසටයි. මේ Go උපාංගය මගින් mono හෝ dual-mono ලෙසටද Go Pro උපාංගය මගින් Stereo ලෙසටද ශබ්දය පටිගත කල හැක. 50 සිට 18,000 Hz දක්වා පරාසයක ශබ්ද සදහා මේ උපාංගය ප්‍රතිචාර දක්වනවා.
mud2cjyt9fyjwr5s0osc.png

මෙහි පටිගත කිරීමේ හැකියාවන් වලට අමතරව මේ උපාංගයේ තවත් විශේෂතා රැසක්ම තිබෙනවා. මෙය සම්පූර්ණයෙන්ම රැහැන් රහිතව පාලනය කරන්නට හැකියි. ඔබට මෙහි ඇති දත්ත පරිගණකයට ගැනීමට අවශ්‍යය වූ විට Micro USB Charging Port එක හරහා එය සිදු කරගන්නට පුළුවන්. මෙම උපාංගය මගින් ඔබට පැය 4 ක් දක්වා එක දිගට පටිගත කර ගත හැක.Instamic Go උපාංගය Splash-Proof වෙනවා. ඔබට එය ජලය තුල ගිල්වන්නට නොහැකියි. නමුත් Pro උපාංගය මීටර 5 ක් වන තුරු Waterproof ලෙසට නිර්මාණය කර තිබෙනවා. මෙහි මුහුණතෙහි ඇති Instamic Logo එකට තට්ටු කල වහාම උපකරණය ක්‍රියාත්මක වී පටිගත වීම ආරම්භ වෙනවා.
rfedx1wgijitogn9nfuo-520x273.jpg


මේ උපාංගය භාවිතා කරන්නේ කෙසේද යන්න බලමු
.

Step 1: ඕනෑම USB Port එකකින් Charge කරගන්න


kvk1uusmpzrmuhzufwp3.gif

Step 2: කුඩා ස්පර්ශයකින් පණ ගන්වන්න

mkjngyzsjehttr0jn2df.gif

Step 3: නොමිලේ ලබා දෙන මෘදුකාංගය Download කරගන්න. උපාංගය සමග Bluetooth 4.0 හරහා සම්බන්ධ වෙන්න

fcycxbzgwgdmcgrswwuy.gif

Step 4: පටිගත කරන්න, සම්බන්ධ කර ගොනු හුවමාරු කර ගන්න

tnccjd0uq5agjdalycy1.png


source
 
Last edited:
  • Like
Reactions: SSR@ and Rukaef