දැන් උබ කියන්නෙ මොකක්ද කියපන්කො? ගෝටට බෝම්බ තියනකොට ගෝටා කලින් හැංගුනා වගේ මේ පාරත් ඇමරිකාවට පැනලා ගිහින් හැංගුනේ නෑ කියලද? ඇත්තටම ගෝටා එහෙම නොකරපු එක ගැන මම නම් ගෝටට ස්තූති කරනවා. හැබැයි ඒක ගැන එච්චර ලොකුවට හිතන්න දෙයක් නෑ. ගෝටට ගාර්ඩ් එකක් දීලා තිබ්බා. අපිට මොනාද තිබ්බේ? උදේ එලියට බහිනකොට හවස ගෙදර එන්න පුළුවන් වෙයිද ශුවර් නෑ. ඒ නිසා රට දාලා ගිය සාමාන්ය මිනිස්සු අඩුයි. ලොකු ලොකු උන්ටික නම් බයට පවුල් පිටින් යන්න ඇති.
මේ රටේ ඉන්න ජනාදිපතිගෙ ඉඳන් හිඟන්නා දක්වාම ඉන්න ජාති ආගම් කුල තනතුරු කිසි දෙයක් උන්ට අදාල උනේ නෑනේ. කෝච්චියෙද බස් එකේද කියලා උනට අදාල උනෙත් නෑනේ. යූඑන්පී ශ්‍රීලංකා මැති ඇමතිවරු කීදෙනෙක්ව නම් මරලා තියෙනවද?
රටේ ජනාදිපතිවත් කෑලි කර. ආමි එකේ ජෙනරාල්ටත් තිබ්බ. චන්ද්‍රිකාගෙ ඇහැක් නැති උනා, මෛත්‍රීට පස් වතාවක් තියන්න ට්‍රයි කරා. හැම ආගාමකම ආගමික නායකයොන්ව මරලා තියෙනවා, බස් එකේද කෝච්චියෙද කියලා බලන්නෙ නැතුව මිනිස්සුන්ට තියලා තියෙනවා. ගෝටා ආරක්ශක ලේකම්, එහෙම කෙනෙක්ට තියන එක ගැන පුදුමයක්ද?