Dinesh Jayaweera
February 2 at 8:50 PM ·ඒ 1980 දශකයයි. රනිල් වික්‍රමසිංහ එවකට රටේ අධ්‍යාපන ඇමති විය. හෙතෙම රත්නපුර ගිලීමලේ ප්‍රදේශය වෙතට යම් උත්සව මාලාවකට හා විවෘත කිරීම් කිහිපයකට පැමිණියේ ය.
රත්නපුර නගරයට ඉතා දුර නොවූ එහෙත් දුෂ්කර ගමක පිහිටි රත්කුරුගල මහා විද්‍යාලයේ විදුහල්පති තුමා ඉතා හැඟුම්බර ඉල්ලීමක් එවකට අධ්‍යාපන ඇමැතිවරයා අභිමුවෙහි ගෙන හැර පෑවේය.
"සර්. මං අහවල් ඉස්කෝලෙ විදුහල්පති , අපේ ඉස්කෝලෙට අවුරුදු පහළොවකින් විතර ඉංග්‍රීසි ගුරුවරයෙක් ඉඳලා නෑ, මේකට මොකක් හරි විසඳුමක් දෙන්න" විදුහල්පති තුමා තෙපුළේ ය.
එවකට මහවැලි නියෝජ්‍ය ඇමතිවරයා වූ ගාමිණී අතුකෝරළ විසින් මේ අදහස අනුමත කල අතරම ; මුළු රත්නපුරය දිස්ත්‍රික්කයේම වූ දැඩි ඉංග්‍රීසි ගුරු හිඟය පිළිබඳව ඇමතිවරයා ඉදිරියේ කරුණු ගෙනහැර දැක්වීය.
අප ඔබ දැක පුරුදු typical රනිල් එදාත් මඳක් වේලා කල්පනාවේ නිග්මව සිට වදනකුදු නොදොඩා එතැනින් නික්ම ගියේය.
පසුව ඔහුගේ මේ උද්ධච්ඡ හැසිරීම පිළිබඳව කළකිරුණු ස්වරයෙන් ගාමිණී අතුකෝරළ මහතා තම ළඟසිටි හිතවතුන් සමඟ කතා කළ බව කියැවේ.
නමුත් හය මසක් ගත්වීමට මත්තෙන් "ඩෙලික්" නමින් නවමු ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවිණ. ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා කඩිනමිං ගුරු බඳවා ගැනීම්, පුහුණුව හා පාසල් නියමු ව්‍යාපෘති දස දෙස සිසාරා ඇරඹිණි. පළමු අදියරේදී රත්නපුර දිස්ත්‍රික්කයේ සෑම පාසලක්ම ආවරණය වන පරිදි ව්‍යාපෘතිය දියත් විය. එයින් නොනැවතුණු මේ ව්‍යාපෘතිය දීප ව්‍යාප්ත ඉංග්‍රීසි ගුරු හිඟයට පිළියම් ගෙන දුන් ජාතික ව්‍යාපෘතියක් බවට පත්විය.
මේ දීර්ඝ යාං හෑල්ල රනිල් නම් strategically පොහොසත් politically අසමත් දේශපාලන චරිතය එසැවීමට ලියූවක් නොවේ. නමුත් ජාතික නායකයෙකු සතු විය යුතු holistic veiw analysing skills ගෝඨා අහලකවත් නොමැති බව හුවා දැක්වීමට මේ තරම් ප්‍රස්තුතානුකූල උදාහරණයක් මට මතකයට නැංවුණේම නැත.
ගෝඨා ගෙන් තණමල්විල දරුවන් පිට්ටනියක් ඉල්ලූ විට හමුදාව යොදා එකී පාසලේ පිට්ටනිය පමණක් ඩෝසර් කරවන්නේ එහෙයිණි. තවත් ගම සමඟ පිළිසඳරක ගොඩනැඟිලි අඩුපාඩු හා ප්‍රතිසංස්කරණ ඉදිකිරීම් වැනි දෑ ශවේන්ද්‍රට කියා යුධ හමුදා ඉංජිනේරු බලකායන් මඟින් විසඳෙන්නේ එහෙයිනි.
නමුත් මේ වැනිම තවත් සමාන පරිමාවේ ප්‍රෂ්ණ පැවතිය හැකිය යන helicopter veiw එක පිළිබඳව අවබෝධයක් ඔහු තුළ නැති හැඩය.
රටක ජනාධිපති කෙනෙකු isolated හා හුදෙකලා තනි ප්‍රෂ්ණ විසඳනු විනා conceptual level - strategic decision maker කෙනෙක් වීම අත්‍යාවශ්‍ය වේ.
යමෙකු පිළිසඳර කතාබහක් අතරතුර අනේ ස' අපේ කක්කුස්සිය කැඩිලා කීවොත් වෙන්නේ හමුදාව යොදා එකී වැසිකිළිය පමණක් තනනවාට එහා නොගිය විසඳුමකි.
නමුත් රටකට ජනාධිපති කෙනෙකු අවැසි වන්නේ , මෙවැනි රාමුගත චින්තනයට එහා ගොසින් රටේ සියළුම පුරවැසියනට වැසිකිළියක් තනා ගැනීමට හැකිවන අන්දමේ ජාතික වැදගත්කමකින් යුතු ප්‍රතිපත්තිමය තීරණ ගත හැකි වීමට ය.
ප.ලි. - මේ පිංතූරය තුළ ඉන්නා ගුරුවරිය සැබැවින්ම නිර්භීත චරිතයකි. ඇයට තිබූ චිත්ත දහිරිය ඇත්තටම අගය කළ යුතුමය.