graphic waddek enna mata photo tikak edit kara ganna

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,900
    35,837
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ෆේස්බුක් ගිණුමක් හරහා රංගන ශිල්පිනියක් සමඟ හිතවත් වී ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී ඇයගෙන් වරින්වර රුපියල් ලක්ෂ 65 ක මුදලක් ලබාගෙන වංචා කළ සැකකරුවෙක් ලබන 29දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය.


    රිමාන්ඩ් භාරයට පත් සැකකරු කොළඹ සහ ගම්පහ අධිකරණවල සේවය කරන

    කනිෂ්ඨ නීතිඥවරියන් දෙදෙනෙකුවද විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් අනූ නව ලක්ෂයක් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන සැකකරුවෙකු බව අධිකරණයේදී පළමුව සඳහන් විය.



    සැකකරුව මහර බන්ධනාගාරය මගින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි. කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබූ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බී.එල්. ලසන්ත

    ලියනගේ නැමැති 27 හැවිරිදි සැකකරුව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.

    මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනුලැබූ නඩුවේ පැමිණිලිකාරිය මිනුවන්ගොඩ, පත්තඩුවන ප්‍රදේශයේ පදිංචි කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන දැනට රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන 23 හැවිරිදි තරුණියකි.

    සමාජ සුබසාධන ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරනබව පවසා සැකකරු ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නළු නිළියන් සමග සිටින ඡායාරූප ඇතුළත් ෆෙස්බුක් ගිණුමක් විවෘත කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. සැකකරු එම ෆෙස්බුක් ගිණුමෙන් හඳුනාගෙන ඇති පැමිණිලිකාරිය සමඟ හිතවත්කමක් ගොඩනගා ගෙන ඇයගේ නිවසට කිහිප වතාවක්ම පැමිණ ඇති බවද සඳහන් කරන පොලිසිය දෙදෙනා අතර ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයෙන් අනතුරුව පැමිණිලිකාරියගේ දෙමාපියන්ද විවාහ මංගල්‍යයට ආශිර්වාද පතා ඇති බව අධිකරණයේදී සඳහන් කළේය.

    ඉන් අනතුරුව සැකකරු විවිධ අවශ්‍යතා පෙන්වමින් සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 65 ක මුදලක් පැමිණිලිකාරිය ලවා බැර කරගෙන ඇති බවත් එය බැංකු වාර්තාවලින් සනාත වී ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

    ෆේස්බුක් ගිණුමෙන් හිතවත් වී කොළඹ අධිකරණයක සේවය කරන ආධුනික නීතිඥවරියක්ව විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 55 ක මුදලක්ද ගම්පහ අධිකරණයේ ආධුනික නීතිඥවරියක් රවටා විවාහ කරගන්නා බවට පොරොන්දු ලබාදී රුපියල් ලක්ෂ 49 ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන්ද සැකකරුව එම අධිකරණ මඟින් රිමාන්ඩ් බාරයට පත් කර ඇති බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී සඳහන් විය.

    ගම්පහ කොට්ඨාස වංචා විමර්ශන කාර්යාංශය ස්ථානාධිපති ප්‍ර.පො.ප ප්‍රභාත් පරණවිතාන, සැරයන් ගුණරත්න(10769) සහ පො.කො. ගුණසේකර (66319) යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙය වූහ.
    (මිනුවන්ගොඩ ටෝනි කරුණානායක)