GREAT LAKES - පංච මහා විල්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    GREAT LAKES - පංච මහා විල්

    පංච මහා විල්

    800px-Great_Lakes_from_space.jpg


    මහා සාගර තරම් විශාල නොවන්නා වූ මුහුදු නමින් හඳුන්වන කරදිය දහරා ද සාගර ජලය හා එක්ව පවතී. ඇතැම් අවස්ථාවලදී ගොඩබිම වට කොට ගනිමින් භූ තලය මත පිහිටන ‘මුහුද’ ද පවතී. ඒවා මේ පෘථිවි තලය මත එතරම් දුර්ලභ නැත. එහෙත් ගොඩබිමෙන් වටවූ සාගරයක් පවතී යැයි විශ්වාස කළ හැකි ද? එහෙත් සැබෑව වන්නේ එවැනි වූ මහා ජල කඳක් මේ පෘථිවි තලය මත පැවතීමයි.

    ගුවනේ සිට බැලු විට මේ මහා ජල කඳ සහිත ප්‍රදේශය දිස් වන්නේ පෙති පහක මලක් විලසිනි. මේ ජලමය පුෂ්පයේ පෙති පහ වෙනම නම් පහකින් හඳුන්වනු ලැබේ.
    සුපීරියර්, මිචිගන්, හියුරන්, ඊරි, ඔන්ටාරියෝ යන එම පෙති පහට දී ඇති නම් පහයි.
    තවත් ලෙසකින් කියන්නේ නම් ඇමෙරිකා සහ කැනඩා දේශ සීමාවේ පිහිටි ලෝක ප්‍රසිද්ධ විල් පහයි. විල යයි කී විට ශ්‍රී ලංකාවේ අපගේ සිතේ ඇඳෙන්නේ පස් පියුමින් සුසැදි මනරම් වතුර කඩකි.

    එහෙත් මේ පංච මහා විල් නම් එසේ නොවේ. ඒවා කොතරම් සුවිශාල ද යත් අභ්‍යවකාශයේ සිට බැලුව ද පෘථිවිය මත ඇති මේ මහා ජල තටාක පැහැදිලිව හඳුනා ගත හැකිය. මේ පංච මහා විල් පෘථිවි තලය මත වැඩිම මිරිදිය ප්‍රමාණයක් එක්ව ඇති ජලාශ පන්තිය ලෙසින් ද වාර්තා පොත්වලට එක්ව පවතී. මේ ප්‍රදේශයේ ජලයෙන් යට වී ඇති ප්‍රමාණය වර්ග කිලෝමීටර් 208,610 කි. භූමි ප්‍රමාණය අනුව සලකා බැලුවහොත් එය අති විශාල ප්‍රදේශයකි.

    786px-Great-Lakes.svg.png


    එබැවින්ම උතුරු ඇමෙරිකාවේ ජනතාව තම රටට අයත් විල් වල ඉවුරු ප්‍රදේශ උතුරු වෙරළ හෝ තුන්වැනි වෙරළ යනුවෙන් ද හඳුන්වති. මිරිදිය හේතුවෙන්ම මේ විල් අවට මැවී ඇත්තේ අති සුන්දර පාරිසරික කලාපයකි.

    පංච මහා විල් මේ පෘථිවි තලය මත කොතරම් මනරම් දර්ශනයක් මවන්නේ ද යත් ඒවායෙන් හාත්පස් පරිසරයේ මැවෙන සුන්දරත්වය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. ලෝකයේ බලවත් රටවල් දෙකක් වන කැනඩාව සහ ඇමෙරිකාව බෙදා වෙන් කරන දේශසීමාව ලෙස ක්‍රියා කරන්නේ ද මේ අති විශාල විල් ය. එක දිගට කිලෝමීටර් දහස් ගණනක් පැතිර යන විල් මතින් දිවෙන දේශ සීමාව නැඟෙනහිර දිශාවේදී ලෝකයේ වඩා පුළුල්ම දිය ඇල්ල වන නයඟරාව මතින් ද ඇදී යයි.

    නයඟරා දිය ඇල්ල ද සොබා දහමේ අති විශිෂ්ටතම නිර්මාණයකි. දිය ඇලි සාදමින් ගලා යන ගංගා පහක් ප්‍රධාන වශයෙන් ම මෙම විල් එකිනෙක සම්බන්ධ කිරීම ද, පෝෂණය කිරීම ද කරයි. ශාන්ත මාරිස් ගංගාව හියුරන් විල සහ සුපීරියර් විල එකට සම්බන්ධ කරයි. ශාන්ත ක්ලෙයාර් ගංගාව හියුරන් විල සහ ප්‍රධාන විල් පහ ආශි‍්‍රතව ඇති ප්‍රමාණයෙන් තරමක් කුඩා වන ශාන්ත ක්ලෙයාර් විල සම්බන්ධ කරයි.

    ඩෙට්රොයිට් ගංගාව ශාන්ත ක්ලෙයාර් විල සහ ඊරි විල සම්බන්ධ කරන්නේ හරියටම ඇමෙරිකා සහ කැනඩා දේශසීමාවේ හරි මැද සිටිමිනි. නයඟරා ගඟ ගලාවිත් නයඟරා දිය ඇල්ල බවට පත් වී ඊරි විල සමග ඔන්ටාරියෝ විල එකිනෙක සම්බන්ධ කරයි. ශාන්ත ලෝරන්ස් නදිය ඔන්ටාරියෝ විල අත්ලාන්තික සාගරය සමග යා කරයි.

    780px-GreatLakes.A2005027.1635.250m.jpg


    කැනඩාව වසරේ වැඩි කලක් හිම තලාවෙන් වැසී ඇති අති සුන්දර රටකි. එහි දකුණු ප්‍රදේශයේ ජනාවාස වැඩි ප්‍රමාණයක් දක්නට ලැබේ. ශීත සෘතුවේදී මුළු රටම අහසින් පතිත වන හිමෙන් වැසී යයි. එම කාලයේදී පංච මහා විල් අතරින් වැඩි ප්‍රදේශයක ජලය මිදී එකම හිම යායක් බවට පත් වේ. ශීත සෘතුව අවසාන වූ විට එළඹෙන්නේ සාගරයක් බඳු ජල තලය ඉවුරේ ගැටී නංවන හඬින් නිම්නාද දෙන සහ ඇසට පි‍්‍රය දර්ශන සහිත භූ තලාවකි.

    මේ ප්‍රදේශයට මෙතරම් සුන්දරත්වයක් එක් කරන්නේ අන් කිසිවක් නොව මහා විල් පහයි. මේ විල් මවන දර්ශනය අත්‍යලංකාර කිරීමට ඒවායේ ඇති දූපත් ලබා දෙන්නේ උපරීම සහායකි. ගණනය කර ඇති අන්දමට මේ විල් පහට අයත් භූමි ප්‍රදේශයේ පිහිටා ඇති දූපත් සංඛ්‍යාව 35000 ක් වේ. ඒ අතරින් විශාලතම දූපත වන්නේ මැනිටොලින් නම් වන දූපතයි. මහා ගොඩබිමක පිහිටා ඇති, විශාල විලක් මැද පිහිටා ඇති මේ මැනිටොලින් දූපත ද විශාලත්වයෙන් සාමාන්‍ය දූපතක් ඉක්මවා සිටී.

    ඒ කොතරම් ද කිවහොත් මැනිටොලින් දූපත අභ්‍යන්තරයේ පිරිසිදු මිරිදිය සහිත තරමක් විශාල විලක් ද පිහිටා තිබේ. එය හැඳින්වෙන්නේ මැනිටෝ විල යනුවෙනි. මේ අසාමාන්‍ය පිහිටීම හේතුවෙන්ම මැනිටෝ විල ගිනස් වාර්තා පොතට ද එක් වී ඇත.

    සුන්දරත්වය අතරින් කිසිවකට නොදෙවෙනි වෙමින් මිනිසාගේ නෙත සිත පිනවන්නා සේම පංච මහා විල් මිරිදිය ජලාශ ලෙස ඉතා ප්‍රයෝජන ද වේ. පෘථිවි තලය මත ඇති මිරිදිය ජලය ප්‍රමාණයෙන් සියයට විස්සක් මේ ජලාශ සතු කරගෙන සිටී. එමෙන්ම තමන් දෙපස පිහිටා තිබෙන විශාල රටවල් දෙකේ පානීය ජල අවශ්‍යතාවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සම්පූර්ණ කිරීමට ද මේ මහා විල්වලට හැකියාව ලැබී තිබේ.

    මේ විල් හරහා ගමන් ගන්නා යෝධ නැව් භාණ්ඩ ප්‍රවාහනයේ බැරැරුම් වගකීම් රැසක් ඉටු කරයි. විල් හරහා දිවෙන ගංගා ඔස්සේ වැටී ඇති නැව් මාර්ග ඒ ඔස්සේම අත්ලාන්තික් සාගරය සමඟ ද සම්බන්ධ වේ.

    මෙලෙස මිනිස් වර්ගයාට කොතරම් ප්‍රයෝජනවත් වුවද මිනිසා ගේ ක්‍රියාකරකම් හේතුවෙන්ම පංච මහා විල් ජල දූෂණය සම්බන්ධව උග්‍ර ගැටළුවකට ද මුහුණ පා සිටී. ගමන් ගන්නා නැව් හේතුවෙන් මෙන්ම විල් අවට ඉදි වී ඇති කර්මාන්ත ශාලා හේතුවෙන් ද සොබා දහමේ මේ අපූරු නිර්මාණයන් විනාශ වෙමින් පවතී. ඇමෙරිකා කැනඩා දෙරට එක්ව ද්වී පාර්ශ්වික ගිවිසුමක් අස්සන් තබමින් විල්වලජලය ආරක්ෂාවට කටයුතු යොදා තිබේ.

    Glacial_lakes.jpg


    එහෙත් පරිසර විද්‍යාඥයන් පවසන්නේ දිනෙන් දින ජලය අපවිත්‍ර වීම වැඩි වෙමින් පවතින බවයි. මෙලෙස විල් විනාශ වීම ඇමෙරිකා - කැනඩා දෙරටට පමණක් නොව සමස්ත ලෝකයේම කාලගුණික තත්ත්වයන්ට බලපෑම් සිදු කරන බව පරිසර විද්‍යාඥයෝ වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

    ශීත සමයේදී කැටිව ගුලි ගැසෙන මේ මහා විල් උණුසුම් සෘතුවලදී පරිසරයේ උෂ්ණය උරා ගෙන සිසිලස දසත බෙදා හරියි. රත් පැහැ ගත් මේපල් කොළ ඇතිරිල්ලක් මෙන් බිම වසා වැටී ඇති සුන්දර පරිසරයක හෝ හඬ නඟන නයඟරාව මැදි කර ගනිමින් ඇසට හසුවන ඉම වසා පැතිරෙන මහා විල් තරම් චමත්කාර දසුනක් ලොව තවත් නැතැයි සිතෙන තරම්ය. මිනිස් ක්‍රියාකාරකම් කොතරම් දියුණු වුවද ඒවා අයහපතට නොව යහපත වෙනුවෙන් යොදා ගැනීමට මිනිසා බුද්ධිමත් විය යුතුය.

    එබැවින්ම පස් පෙති මලක් වැනි මේ සුන්දර විල් පහ අනාගතයට ද සුරැකීම මිනිසාගේ පරම යුතුකමක් ලෙස සැලකීම අත්‍යවශ්‍යය.


    ටිරෝනි වෑවලගේ ලිපියක් ඇසුරින් සකසන ලදි.


    LAKE ERIE

    1341.jpg
    LakeErie8-19-3.jpg


    1+Lake+Erie,+Port+Clinton,+Ottawa+Co.,+OH+April+4,+2009.JPG
    100_200806231115.jpg



    LAKE HURON

    129.jpg
    05.jpg


    Sun+Reflection+Off+Lake+Huron.jpg
    flat_lake_huron_scale.jpg



    LAKE MICHIGAN

    DDFTD00Z.jpg
    lake-michigan-1.jpg


    Rogers+Park+Lake+Michigan.JPG
    68WCD00Z.jpg



    LAKE ONTARIO

    ISACA%20GLC%20Toronto%20Lake%20Ontario%20City%20View%20072508.JPG
    freighter-lake-ontario.jpg


    P1040708.JPG
    lake_ontario_mississauga2.jpg



    LAKE SUPERIOR

    lakesuperior.jpg
    Lake%20Superior%20Rocks%202.jpg


    Lake+Superior+03.jpg
    DD_29AmazingShore_Article_a.jpg
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ....පෘථිවි තලය මත ඇති මිරිදිය ජලය ප්‍රමාණයෙන් සියයට විස්සක් මේ ජලාශ සතු කරගෙන සිටී....
    :shocked:
    වටිනා විස්තරයක්!:yes:

    THANK YOU COMMENT AND REP :yes:

    OYATA REP DENNA SPREAD KARANNALU.NEXT TIME DENNAM :D