මමත් එක පාරක් වාසනාව උරගාල බැලුවා.
පිලිගත් ලියාපදිංචි ජායාරූප ලැබ් වලින් විතරයි ඕක කරන්න පුලුවන්.
නිකන් ගෙදර කොම්පූටර් එකෙන් ඉන්ටර්නෙට් ගිහිනුත් පුලුවන් ඉතින්.
ෆොටෝ එකක් ගන්න මාර කට්ටක් කෑවේ ඕයී..
ඕකට ෆොටෝ එක අප්ලෝඩ් කරාම අඩු පාඩු ගොඩක් පෙන්නලා ඒ ඒ වීදිහට ඕනී කියනවා.
ලොතැරැයි දිනුවා වගේ නෙවේ එහෙට ගියාම කෙලවෙන සීන් එකකුත් තියෙනවා.
පත්තරේ ලිපියක් සෙට් උනා , ග්‍රීන් කාඩ් ඇදුන මිනිහෙක් ගැන.
ඌ ලංකාවේ රජයේ බැංකු මැනේජර් කෙනෙක් , අන්තිමට නට්ටම් වෙලා එහේ ගිහින්.
රැකියා එහෙම ලොකුවට නෑ , ජීවන වියදම් වැඩීලු,
මෝටර් රථ කාර්මික ශිල්පයටලු ගොඩක් රැකියා තියෙන්නේ..
ඔහොම ඔහොම දාලා තිබ්බා හෑල්ලක්.
තමන් හොදට ඉගෙනගෙන යම් කිසි ක්ශේත්‍රයක ප්‍රවීනයෙක් උනා නම් මොනවා හරි ගේමක් ගහ ගන්න පුලුවන්ලු.
එහෙම නැතුව නිකන්ම ගියොත් අනාථ වෙනවලු.
අසරන උනොත් ලංකාවේ වගේ කවුරුවත් උදව් කරන්නේ නෑලූ , ගනන් ගන්නේ වත් නෑලූ.