GSP+ ලංකාවට

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ශ්‍රී ලංකාවට GSP + තීරුබදු සහනය දීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබුණ යෝජනාව පරාජයට පත් විය.බ්‍රසල්ස් නගරයේ රැස් වූ යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ එම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 119 ක් පමණි.එම යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 436 ක් ප්‍රකාශ වූ බව බ්‍රසල්ස් වාර්තා මගින් පැවසෙයි.මන්ත්‍රීවරුන් විසි දෙදෙනෙක් ඡන්දය විමසන අවස්ථාවට සහභාගී නොවූහ.

    ශ්‍රී ලංකාවට GSP + තීරුබදු සහනය යළි ලබා ගැනීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය නංවාලීම, යහ පාලනය සහ නීතියේ ආධිපත්‍යය සහතික කරන මෙන් යුරෝපා හවුල නිර්දේශ කරනු ලැබ තිබුණ අතර එම කරුණු අතින් ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබා ඇති බවට යුරෝපා පාර්ලිමේන්තුව සෑහීමකට පත්ව සිටින බව බ්‍රසල්ස් නගරයේ සිට අදහස් දක්වමින් විදේශ නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.


    bbc-blocks-dark.png